ව්‍යවච්ඡේද විද්‍යාව තුළ, අංසඵලකය (බහුවචනය අංසඵලක) හෙවත් උරපතුව හෝ උරපතු ඇටය ලෙස හැඳින්වෙන්නේ ප්‍රගණ්ඩාස්ථිය (උඩු බාහුව) අක්ෂකාස්ථිය සමග සම්බන්ධ කරන අස්ථියයි. මෙය සමග සම්බන්ධ වන අස්ථි සේම අංසඵලකය ද යුගලමය වේ. සිරුරේ වම්පස ඇති අංසඵලකය දළ වශයෙන් දකුණුපස අංසඵලකයේ දර්පණ ප්‍රතිබිම්බයක් වැනි ය. මුල්කාලීන රෝම යුගයේ ජනයා විශ්වාස කළේ මෙම අස්ථිය කුඩා සවලක් වැනිය කියායි. ලතින් වෛද්‍ය ශබ්ද මාලාව තුළ උරපතු ඇටය omo ලෙස වහරනු ලබයි.
| අංසඵලකය |
|---|
|
ඉහළ පින්තූරය මගින් උරසේ සහ උර මේඛලාවේ පූර්ව පෙනුම දැක්වේ. පහළ පින්තූරය මගින් උරසෙහි (අංසඵලකය රතු පැහැයෙන් දක්වා ඇත) අපර (පසුපස සිට බැලූ විට) පෙනුම දැක්වේ. |
| තොරතුරු |
|---|
| ලතින් | Scapula (omo) |
|---|
| හඳුන්වනයන් |
|---|
| ග්‍රේ ගේ | p.202 |
|---|
| MeSH | A02.835.232.087.783 |
|---|
Dorlands /Elsevier | s_04/12721810 |
|---|
| TA | A02.4.01.001 |
|---|
| FMA | 13394 |
|---|
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
අංසඵලකය මගින් උර මේඛලාවේ පසුපස කොටස සාදයි. මිනිසුන් තුළ පැතලි අස්ථියක් වන මෙය දළ වශයෙන් ත්‍රිකෝණාකාර හැඩැති ය. මෙය උරස් කූඩුවේ අපරපාර්ශ්වික පෙදෙසෙහි ස්ථානගත වී ඇත.
ගැලරිය
| අංසඵලකයේ පිහිටීම (රතු පැහැයෙන් දක්වා ඇත); සජීවීකරණයකි. |
| අංසඵලකයේ හැඩය (වම); සජීවීකරණයකි. |
| පසුපස සිට උරස පෙනෙන අයුරු |
| වම් අංසඵලකය; පෘෂ්ඨීය මතුපිට. (උත්තර දාරය මැද මුදුනෙහි සලකුණු කොට ඇත) |
|
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි
- O.D.E. 2nd Ed. 2005
- "Scapula (Shoulder Blade) Anatomy, Muscles, Location, Function | EHealthStar". www.ehealthstar.com. සම්ප්‍රවේශය 2016-03-17.
- Nickel, Schummer, & Seiferle; Lehrbuch der Anatomie der Haussäugetiere.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අංසඵලකය පිළිබඳ තොරතුරු, අංසඵලකය යනු කුමක්ද? අංසඵලකය යනු කුමක් දර්ශනය කරන්නේ?