අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු 2009 මාර්තු 10 වන දිනදී, අකුරැස්ස ගොඩපිටිය ජුම්මා පල්ලියේ පැවැත්වූ ආගමික පෙලපාලියකට, දෙමළ ඊළාම් විමුක්ති කොටි විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරයෙන් පුද්ගලයෝ 14 දෙනෙක් මියගොස් තවත් 35 දෙනෙකු තුවාල ලැබූහ. තුවාල ලැබූ අය අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, විදුලිසංදේශ අමාත්‍ය මහින්ද විජේසේකර,මහින්ද යාපා අබේවර්ධන, පණ්ඩු බණ්ඩාරනායක, චන්ද්‍රසිරි ගජධීර, සහ අලී අමීර් යන මහත්වරු වූහ. එලෙසම මිය ගිය අය අතර ප්‍රාදේශීය මන්ත්‍රීවරු කීප දෙනෙක් වූ බවද සඳහන්ය.
| අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය Akuressa suicide bombing | |
|---|---|
| ස්ථානය | අකුරැස්ස, මාතර, ශ්‍රී ලංකාව |
| දිනය | 2009 මාර්තු 10 |
| ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය |
| මරණ | 14 |
| තුවාලකරුවන් | 35 |
| සැකකෙරෙන අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකල පොලිස් පරික්ෂණ වලදී, මරාගෙන මැරුණු එල්ටීටීඊ බෝම්බකරු සෙන්දමිල් (Senthamil) නැමැති අයෙකු බව හෙළිවිණි.
බෝම්බ ප්‍රහාරයේ සජීව දර්ශන, සිය කැමරාවේ පටිගත කර ගැනීමට එතැන සිටි කැමරාකරුවෙකුට හැකියාව ලැබී තිබුණි.
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
මූලාශ්‍ර
- [1], BBC
- Associated Press. "ශ්‍රී ලංකා සුයිසියිඩ් බෝම්බිං ටාගට්ස් ගවර්න්මන්ට් මිනිස්ටර්ස් | වර්ල්ඩ් නිව්ස් | guardian.co.uk". Guardian. සම්ප්‍රවේශය 2012-09-27.
- "South Asia | ශ්‍රී ලංකා සුයිසයිඩ් බෝම්බ් කිල්ස් 14'". BBC News. 2009-03-10. සම්ප්‍රවේශය 2012-09-27.
- Nelson, Dean (2009-03-10). "ශ්‍රී ලංකන් මිනිස්ටර්ස් ටාර්ගටඩ් බයි ටම්ල් ටයිගර් සුයිසයිඩ් බෝම්බර්". Telegraph. සම්ප්‍රවේශය 2012-09-27.
- "අකුරැස්ස බ්ලාස්ට්: පොලිස් ට්‍රාන්ස්ෆර්ස් අමිඩ්ස්ට් ක්වෙස්ෂන් ඔෆ් සිකියුරිටි". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2012-09-27.
- "එල්ටීටීඊ සුයිසයිඩ් බෝම්බර් ඇටෑක් මොස්ක් - අකුරැස්ස". Defence.lk. 2010-12-30. සම්ප්‍රවේශය 2012-09-27.
- Dhammika, Denagama. "ද අයිලන්ඩ්-නිව්ස්". Island.lk. සම්ප්‍රවේශය 2012-09-27.
- "අකුරැස්ස බ්ලාස්ට් (සුයිසයිඩ් ඇටෑක්)". Lankapuvath.lk. සම්ප්‍රවේශය 2012-09-27.
භාහිර සබැදි
- Akuressa Attack Video caught on tape සංරක්ෂණය කළ පිටපත 2012-09-26 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ තොරතුරු, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු කුමක්ද? අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?