අධෝහනුව

අධෝහනුව,අධෝහනුක අස්ථිය හෝ යටිහනුව යනුවෙන් හැඳින්වෙන්නේ මුහුණේ පිහිටි විශාලතම, ශක්තිමත්ම සහ පහතින්ම පිහිටි අස්ථියයි. යටි හනුව සාදන මෙය පහළ දත් සම්බන්ධ කර තබා ගනියි. අධෝහනුවේ පූර්ව පෘෂ්ඨයේ මධ්‍ය රේඛාව මඳ මියර සැකැස්මකින් යුතු ය. මෙය අධෝහනුක යෝගය පිළිබඳ ඉඟියකි. මෙහි දී අධෝහනුක වර්ධනයේ දී දකුණු සහ වම් ප්‍රසර හා වී ඇත. සිරුරේ අනෙකුත් යෝගයන් මෙන්, මධ්‍යරේඛා සන්ධානයක් වන මෙහි ද අස්ථි සම්බන්ධ වී ඇත්තේ තන්තුමය කාටිලේජයකින් වන නමුත්, මෙම සන්ධානය හා වීම සිදුවන්නේ මුල්කාලීන ළමාවියේ දී ය.

අධෝහනුව
හිස්කබලේ පූර්ව පෙනුම; මෙහි අධෝහනුව පහළින් දම් පැහැයෙන් දක්වා ඇත.
තොරතුරු
ලතින්mandibula
පූර්වජ1වන ජලක්ලෝම වක්‍රය
හඳුන්වනයන්
ග්‍රේ ගේp.172
MeSHMandible
FMA52748
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ව්‍යූහය

අධෝහනුව පහත කොටස්වලින් සමන්විත වේ:

  • වක්වූ, තිරස් කොටසක් වන දේහය හෙවත් පාදම. (බලන්න අධෝහනුවේ දේහය).
  • ලම්බාකාර කොටස් දෙකක් වන, බාහු, නැතහොත් වෙන් වෙන්ව ගතහොත් බාහුව, ආසන්නව ඍජුකෝණවලින් දේහයේ අග සමග සම්බන්ධ ය. (බලන්න අධෝහනුක බාහුව). මෙම සන්ධියේ දී සෑදෙන කෝණය හනුක කෝණය නම් වේ.
  • ගර්තික ප්‍රසරය, අධෝහනුවේ දත් දරා සිටින ප්‍රදේශයයි. (අධෝහනුක දේහයේ ඉහළ කොටස)
  • සන්ධාන අග්‍රය, බාහුවෙන් විහිදෙන උත්තර (ඉහළ) සහ අපර නෙරුමකි. මෙය ශංඛක අස්ථිය සමග ශංඛකඅධෝහනුක සන්ධිය සාදයි.
  • තුණ්ඩාකාර ප්‍රසරය, බාහුවෙන් විහිදෙන උත්තර සහ පූර්ව නෙරුමකි. මෙය ශංඛක පේශිය සම්බන්ධ වීමට පෘෂ්ඨය සපයයි.

අධෝහනුව ශංඛකඅධෝහනුක සන්ධියේ දී ශංඛක අස්ථි ද්විත්වය සමග සන්ධානය වේ.

අමතර පින්තූර

මේවාත් බලන්න

  • අස්ථි ශබ්දමාලාව
  • මෞඛ සහ ඌර්ධවහනුකවක්ත්‍ර සැත්කම්
  • සිමියානු රාක්කය
  • ව්‍යූහ විද්‍යාත්මක පිහිටීම සඳහා පද

ආශ්‍රේයයන්

මෙම ලිපියේ ග්‍රේ'ස් ඇනටමි 20වන සංස්කරණයේ (1918) පෙළ ඇතුළත් වන අතර එය පොදු වසමෙහි පවතියි

  1. සැකිල්ල:EmbryologyUNC
  2. Mandible on www.merriam-webster.com
  3. Gray's Anatomy - The Anatomical Basis of Clinical Practice, 40th Edition, page: 530
  4. Illustrated Anatomy of the Head and Neck, Fehrenbach and Herring, Elsevier, 2012, page 59

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අධෝහනුව පිළිබඳ තොරතුරු, අධෝහනුව යනු කුමක්ද? අධෝහනුව යනු කුමක් දර්ශනය කරන්නේ?