අන්‍යෝන්‍ය එකඟතාවයක් යනු ගිවිසුම් හෝ හමුදාමය සන්ධාන වර්ගයක් වන අතර, අර්බුදයක් හෝ හමුදාමය ක්‍රියාවක් තුලදී එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගැනීමට හෝ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට එහි අත්සන්කරුවෝ එකිනෙකාට පොරොන්දු වෙති. නිදසුන් අතර, ප්‍රංශය සහ එක්සත් රාජධානිය අතර වූ ඔන්තෝන්ත් කෝදියාල් හෝ ප්‍රංශය, රුසියාව සහ බ්‍රිතාන්‍යය අතරවූ ට්‍රිපල් ඔන්තෝන්ත් දැක්විය හැක.
යුද්ධ අතරතුරදී එකිනෙකාට උදවු කිරීම සලකා බැලූ කල ආරක්ෂණ ගිවිසුම් වලට අත්සන් කරුවන්ට වඩා අඩුවශයෙන් අන්‍යෝන්‍ය එකඟතාවයන්හී අත්සන්කරුවෝ එසේ කරන බවද අනාක්‍රමණ ගිවිසුම් වලට අත්සන්කරුවන්ට වඩා වැඩි වශයෙන් එසේ කරන බවද පෙනී යයි.මහා බලවතුන් විසින් යුද්ධ ඇරඹීම සැලකූ කල අනාක්‍රමණ ගිවිසුම්ල හවුල් කරුවන්ට හෝ ආරක්ෂණ ගිවිසුම් වල හවුල් කරුවන්ට හෝ කිසිදු සන්ධානයකට නොබැඳි පාර්ශවයන්ට එරෙහිව එසේ කිරීමට වඩා අඩු ප්‍රවණතාවයකින් අන්‍යෝන්‍ය එකඟතාවයන්හී හවුල්කරුවන්ට එරෙහිව එසේ කරන බවද පෙනී ගොස් ඇත.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අන්‍යෝන්‍ය එකඟතාවය (සන්ධානය) පිළිබඳ තොරතුරු, අන්‍යෝන්‍ය එකඟතාවය (සන්ධානය) යනු කුමක්ද? අන්‍යෝන්‍ය එකඟතාවය (සන්ධානය) යනු කුමක් දර්ශනය කරන්නේ?