ධාතුසේන රජුගේ දෙටු පුත් වූ කාෂ්‍යප කුමරු පර්වත රාජ/අලකපය මහ රජ වශයෙන් ද හදුන්වයි. පල්ලව රාජ වංශික බිසවකගෙන් ලත් පුත්‍රයෙකු හෙයින් ඇය භින්න මාතෘක විය.මුගලන් කුමරු කාශප රජ දියණිය වෙතින් ධාතුසේන රජුට දාව උපන්නෙක් වූයෙන් ඔහු සමාන මාතෘක විය. හෙළ කුලසිරිතට අනුව සිංහාසනය උරුම වූයේ උභයකුල පාරිශුද්ධත්වය හිමි වූ මුගලන් කුමරුටය.දකුණු ඉන්දියාවෙන්වූ ආක්‍රමණයකදී භාරතීය සේනාව සමඟ යුධ වැදුණේ කාශ්‍යප කුමරුය. සිය ජයග්‍රහණයෙන් පසු පිය රජුගෙන් ඔහු යුවරජු තනතුර බලාපොරොත්තු වුවත් එය ඉටු නොවීය.ඉන් කලකිරීමට පත් කාශ්‍යප කුමරු චූල වංශයට අනුව ක්‍රි:ව:112 දී විහාර සෙන්පතියා සමඟ කුමන්ත්‍රණය කර ධාතුසේන රජු සිහසුනෙන් නෙරපා හැර රාජ්‍ය පවරා දෙනු ලදි
| පළමුවන කාශ්‍යප රජ | |
|---|---|
| අනුරාධපුරයේ රජ | |
| රාජ්‍ය සමය | 473–495 |
| පූර්වප්‍රාප්තිකයා | ධාතුසේන රජ |
| අනුප්‍රාප්තිකයා | පළමුවන මොග්ගල්ලාන රජ |
| උපත | c.448 |
| මරණය | 495 (වයස 46-47) |
| දරුවන් | බෝධි කුමරිය උත්පලවන්නා කුමරිය |
| වංශය | මෞර්ය රාජවංශය |
| රාජවංශය | මොරිය |
| පියා | ධාතුසේන රජ |
| මව | ධාතුසේන රජුගේ රාජකීය නොවන බිරිඳකි |
වංශකථාගත තොරතුරු
පිතෘ ඝාතකයෙක් ලෙස කාශ්‍යප රජු වංශකථාවේ සඳහන් නිසා ඔහු ජනතා අප්‍රසාදයට පත්ව සිටියේ යැයි පූර්ව නිගමනය කළ හැකි වුවත් ඊට ඉඳුරා ම වෙනස් මතයක් වංශකථාගත තොරතුරු මතින්ම හෙළිවේ.දේශයේ අභිවෘද්ධියට ක්‍රියා කළ ද ධාතුසේන රජු සිය නැඟණිය ගින්නෙහි ලා පුලුස්සා මැරවීමට තරම් දරුණු හිතැත්තෙක් විය.එමෙන් ම ධාතුසේන රජ පල්ලව රාජ වංශික කාන්තාවක් හා විවාහ වී පල්ලව සේනාවක් රැගෙන ලක්දිවට විත් එවකට මෙහි පාලනය කළ ලම්බකර්ණ වංශිකයන් ඉවත් කොට පාලන බලය ලබාගත් මෞර්යයෙකි.ඇතැම් විට මේ පල්ලව පිරිස් සහයෝගය ද මව් පාර්ශ්වික ඥාතිත්වය මත කාශ්‍යප කුමරුට හිමිවන්නට ඇත.
එමෙන් ම ධාතුසේන රජු ජනප්‍රිය පාලකයෙකු වී නම් ඔහුගේ ඝාතනයෙන් පසුව කාශ්‍යප කුමරුට විරුද්ධව කැළඹීමක් ඇති විය යුතු ය.ඓතිහාසික පුරාවෘත්ත වලින් සනාථ වන්නේ ද මිගාර විසින් කාශ්‍යප රජුගේ බිසව හා කුමන්ත්‍රණය කර බිසව මඟින් රජු සීගිරි පර්වත මුදුනට ගොස් පෙරලා දමා හෝ වෙනත් ක්‍රමයකින් රජු මරුමුවට පත්කරන ලද බවකි.තවත් මතයක් නම් කාශ්‍යප විසින් ධාතුසේන රජුගෙන් ඉල්ලූ නිධානය නොදුන් නිසා කලා වැවේ බැම්මට තබා ධාතුසේන රජුට මැටි ගසා මැරූ බවයි.
වංශකථාවට අනුව කාශ්‍යප රජු සීගිරිය කරවූයේ මුගලන්ගෙන් එල්ල වේ යැයි සිතූ තර්ජනයට බියෙනි. එහෙත් එහි නටඹුන් වලට අනුව මහාචාර්යය පරණවිතාන සඳහන් කරන්නේ ; සීගිරියේ ඉදිකිරීම් සඳහා වැය කළ හත්කෝටියක ධනස්කන්ධය ද සුවිශාල මිනිස් ශ්‍රම ශක්තිය ද බලන කළ එහි බලකොටුවක් වශයෙන් ඇති අගය සීමා සහිත බවයි.සීගිරි කැටපත් පවුර , වේදිකාව කෙළවර පිහිටි මහා සිංහ රූපය , සිංහ ශරීරය තුළින් පර්වත ඉස්මත්තට විහිදුණු පියගැටපෙළ සහ පර්වත මුහුණත වූ ලලනා රූ රැගත් සිතුවම් යුධ බලකොටුවකට කිසිඳු සබඳතාවක් නොවූ අංග ලක්ෂණයන් බව පරණවිතාන මහතා පෙන්වා දෙයි.සීගිරි පර්වත මුදුණේ නටඹුන් අනුව මිනිස් වාසය සඳහා එහි වූයේ එක් කාමරයකින් වූ ගෘහයක් පමණි.ඒ අනුව සීගිරිය කලා කෞතුකාගාරයක් ,විනෝද මණ්ඩපයක් විය යුතු ය.
කලාකාමියෙකු වූ කාශ්‍යප රජුට සුන්දර පරිසරයක අවැසියාව මත කුවේරයාගේ ආලකමන්දාවටත් වඩා අලංකාර ලෙස සීගිරිය නිර්මාණය කළ බව පුරාවෘත්ත හෙළිදරව් කරයි. මෙම සුවිශාල කලා ශිල්ප ප්‍රමාණය නිමවීමට වසර 18ක් වැනි එක් රාජ්‍ය පාලන කාලයක් පමණක් ගතවීම ද සුවිශේෂ ය. සියවස් ගණනක කලා ශිල්ප ප්‍රමාණයක එකතුවක් අපට සීගිරිය තුළින් දැකිය හැක. කාශ්‍යප රජු සිය පියා මැරීම පිළිබඳව බලවත් ලෙස සිත් තැවුලට පත් වූ බැවින් බොහෝ සෙයින් පින් රැස් කළ බව සදහන් වේ. සීගිරිය අසල වූ පිදුරන්ගල වෙහෙර ද කාශ්‍යප රජුගේ ආගමික ගොඩනැඟීමක් වේ. පුරා වසර දහ අටක් රජ කළ කාශ්‍යප රජ විශාල ජන ප්‍රසාදයක් ලබා සිටි බව චූලවංශ කතුතුමා සඳහන් කරයි. මේ අනුව බලන විටදී කාශ්‍යප රජු ජන අප්‍රිය රජෙකු නොවූ බවත් සීගිරිය ද බලකොටුවක් නොවන බවටත් සිතීමට බොහෝ සාධක ඉතිරිව ඇති බව සඳහන් කළ හැකිය.
මූලාශ්‍ර
සිව්දෙස හා මුතුහර සඟරා ලිපි ආශ්‍රයෙනි.
වැඩිදුර කියැවුම්
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන කාශ්‍යප රජ පිළිබඳ තොරතුරු, පළමුවන කාශ්‍යප රජ යනු කුමක්ද? පළමුවන කාශ්‍යප රජ යනු කුමක් දර්ශනය කරන්නේ?