අනුලා රැජිණ (රාජ්‍යත්වය 47 ක්‍රි.පූ. - 42 ක්‍රි.පූ.) යනු අර්ථවත් පාලනයක් ගෙන ගිය ශ්‍රී ලංකාවේ පළමු රැජිණ යි. එ සේ මැ ඕ ආසියාවේ ප්‍රථම රාජ්‍ය පාලිකාව ද වේ. අනුලා රැජිණ බලයට පත් වූයේ චෝරනාග රජු ගේ බිසව ලෙසිනි. චෝරනාග යනු අනුරාධපුරයේ වළගම්බා රජුගේ පුත්‍රයාය. අනුලා රැජින පිළිබඳ ඉතිහාස පොත්වල සඳහන් අපකීර්තිමත් කතා පුවත් අතිශෝක්ති වලින් ගහණ ය. එයට හේතුව කාන්තාවක් රජකම් කිරීම සහ රැජිනක ගේ පාලනයට යටත්වීමට සිදුවීම සම්බන්ධ ව එවක සමාජයේ විසූ විදග්ධ පඩිවරුන්ගේ අකමැත්ත විය හැක. මේ හේතුවෙන් ඇයට හිමිවිය යුතු නිසි වැදගත්කම වෙනුවට ඇයගේ පෞද්ගලික ජීවිතයේ හැළහැප්පීම් ඉස්මතුකර, ඇගේ දක්ෂතා සඟවා ඇත. ඉතා ප්‍රසිද්ධ තවත් අනුලා දේවියක් වූ දේවානම්පියතිස්ස රජුගේ බිරිඳ යැ යි වරදවා තේරුම් නොගත යුතුය. ඇය ගැන තොරතුරු ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය වන්නේ මහා වංශයයි. පරි. xxxiv සහ xxxv.
බලයට පත්වීම
අනුලා දේවිය ගේ රාජ්‍ය කාලයට පෙර ආසන්න කාලය රටේ තත්වය අන්තයට පිරිහී තිබිණි. මාළිගයේම සිදු වූ කුමණ්ත්‍රණයකින් ඛල්ලාටනාග රජු බලයෙන් පහ කෙරුණු අවස්ථාවේ (ක්‍රි.පූ.104) ඔහු ගේ බාල සොහොයුරු වට්ටගාමිණී අභය (වළගම්බා) රාජ්‍ය බලය අනියම් ලෙස පැහැර ගැනීමට තැත් කළ අය පලවා හැර අනුලා නමින් මැ යුත් තම මිය ගිය සහෝදරයා ගේ බිරිය සරණ පාවා ගෙන රජකමට උරුමය ලබා ගත්තේය. ඔහු ඔහුගේ ඤාති පුත්‍රයා වූ 'මහ කුලික' තමාගේම පුතකු මෙන් හදා වඩා ගත්තේය.
"දෙමළු ඔහු සමග සටනකට එළඹුනාහ. 'කොළම්බලක' නම් ස්ථානය අසල කෙරුණු සටනකින් රජු ජය ගත්තේය" මේ සිද්ධිය වන විට වළගම්බාහුට සිහසුනට පත් වී ඉන්නට ලැබුණේ අවුරුද්දකට වැඩි කාලයක් පමණි. ඒ වළගම්බාහු නැවත සිහසුන ගැනීමට අවුරුදු දහයකට පෙරයි. මෙම කාලය වන විට මහ කුලික විසින් චෝරනාග බලයෙන් පහ කළේ වළගම්බාහුගේ අනුමැතිය ලැබූ උරුමක්කාරයා වශයෙනි.
මහකුල (මහකුලි මහතිස්ස නමින් පාලනය කළේය) ක්‍රි.පූ.76 දී වළගම්බාහුගේ කිරුළ උරුම කර ගැනීම සඳහා කටයුතු කළේය. අනිත් අතට චෝරනාග 'කැරලිකරුවෙක් ලෙස ජීවත් විය'. මෙම තත්වය සිහසුන ලබා ගැනීම සඳහා අරගලයකට හේතුවූවා යැයි කීමට තොරතුරු නොමැත. ක්‍රි.පූ. 62 දී චෝරනාග සිහසුනට පත්වීම මහකුලි මහතිස්සගේ ඉවත් වීම නිසා සිදු වූවා විය හැක. මහාවංශය විශේෂයෙන් සඳහන් කරන්නේ චෝරනාග පළමුවෙන්ම කළ ක්‍රියාවන්ගෙන් එකක් වූයේ ඔහු සැඟවී සිටි කාලය තුළ ඔහුට රැකවරණය නොදුන් විහාර දහ අටක් විනාශ කිරීමයි.
නව රජයක් තම බලය ස්ථාපිත කිරීමේදී මෙවැනි ක්‍රියාවන් කරන්නේ වුවද හේතුව පැහැදිලි නොවේ. තත්වය කෙසේ පැවතියේ වුවද වාර්තාවල සඳහන් වන අන්දමට චෝරනාග වසර 12 ක් රට පාලනය කළේය. අනතුරුව ඔහුගේ බිසව වූ කුප්‍රසිද්ධ අනුලා දේවිය ඔහුට වස දුන්නාය.
අනුලා බිසව තම සැමියා මැරීමට අදහස් කළේ මක්නිසාදැයි විස්තර සඳහන් නොවේ. චෝරනාගගෙන් පසු රජ වූ කුඩා තිස්ස පියාගේම (මහකුලි) පුතා වූයේය. 'කුඩා' යන්නෙන්ම අදහස් වන පරිදි නව රජු කුඩා ළමයකු වන්නට ඇත. එසේම අනුලා දේවියගේ පාලනය යටතේ කටයුතු කරන්නට ඇත. ඔහු ස්වාධීන රජකු ලෙස කටයුතු කළාද නොකළාද යන්න පැහැදිලි නැත්තේ අනුලා 'ඇය රජ මාළිගයේ ආරක්ෂකයෙකුට වසඟ වී .........වස දී තිස්ස මරා රජය අනිකාට භාර දුන්නාය ' යනුවෙන් සඳහන් වීමෙනි. එතැන් සිට ඉදිරියට තම නාම මාත්‍ර වල්ලභයා අබිබවමින් අනුලා දේවිය රජරට සැබෑ පාලිකාව වූවාය.
රාජ්‍ය පාලනය හා බලයෙන් නෙරපීම
අනුලා දේවිය අවුරුදු පහක කාලයක් තුළ සිව් දෙනකු හා සරණ ගියාය. ඔවුන් සියලු දෙනාටම වස දී මරා රාජ්‍ය බලය ලබාගෙන තම අභිමතය පරිදි පාලනය ගෙන ගියාය. ඇය විසින් පසුව වස දී මරවන ලද මාලිගාවේ ආරක්ෂකයා, තිස්ස, පළමුවෙනි ශිව වශයෙන් ක්‍රි..පූ. 47 සිට අවුරුද්දකුත් මාස දෙකක් රට පාලනය කළේය. මෙම කාලය තුළ වටුක නම් දෙමළ වඩු කාර්මිකයකු රැජිණගේ අවධානය දිනාගත්තේය. පළමුවැනි ශිවට වස පෙවී. අනුලා දේවිය වටුක විවාහ කර ගත්තාය. ඔහු ද පාලනය කළේ අවුරුද්දකුත් මාස දෙකක් පමණි.
අනුලා ගේ ආදරය ඉන්පසු යොමු වූයේ දාරුබතික නම් දැව ගෙනියන්නකු වෙත යි. අනතුරුව වටුක හදිසියේම මළේ ය. අනතුරුව අනුලා ඇයගේ හොර සැමියා හා විවාහ වූවාය. දාරුබතික, තිස්ස නම් වූ රාජකීය නාමය පවරා ගත්ත ද ඔහුට පැවැතිය හැකි වූයේ අවුරුද්දකුත් මාස එකක කාලයක් පමණි. ඔහුට ද වස දිනි. ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූයේ නිලියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයෙකි. ඔහු අනුලා ගේ අන්තිම වල්ලභයා විය. ඔහු ගේ පාලනය මාස හයකට සීමා විය. අනුලා ගේ ජීවිතයේ අවසාන මාස 4 අනුලා අග රැජිණ වී මාළිගයේ රැකවලුන් තිස් දෙනකු සමග සතුට විඳිමින් රට පාලනය කළාය.
මේ සියලු විස්තර ගන්නා ලද්දේ මහාවංශය 34 වැනි පරිච්ඡේදයෙනි. අනුලාගේ හැසිරීම් රටාව විසින් රජරට ප්රිභූ සම්ප්‍රදායේ සියලු සම්මත චාරිත්‍ර විධි සෑම එකක්ම කඩා දැමිණි. ඇය ගේ සියලුම සහකාරයන් වූයේ සාමාන්‍ය මිනිසුන් හෝ කුලීන නොවූ සාමාන්‍ය දමිළයන් ය. ඇය විවාහ කරගත් කුලීනයකු වූ නිලියා පහ කරන ලද්දේ, ඇයට පළමු වෙනත් ස්ත්‍රියකට කිසිදා නොතිබුණු ස්වාධීනව පාලනය කිරීමේ බලය යොදමිනි. මෙම අර්ථයෙන් ගත් කල අනුලා සාමාන්‍ය ධාර්මික රැජිණකට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් ඇත්තියක වූවාය. සටහන් කළ යුතු වැදගත් කරුණක් නම් ඇයගේ දරුවන් ගැන හෝ, සාමාන්‍යයෙන් පිරිමි පාලකයකුට මුහුණ පාන්නට සිදුවන පොදු තත්වයක් වූ දේශපාලන අස්ථාවර භාවයක් ගැන හෝ කිසිදු විස්තරයක් සඳහන් නොවීමයි.
අනුලා දේවිය තම අභිමතය පරිදි සිව් මසක් පාලනය කළාය. අනතුරුව මහකුලි මහ තිස්ස ගේ දෙවැනි පුතා වූ කූටකන්න තිස්ස විසින් ඕ බලයෙන් නෙරැපිණි. කූටකන්න තිස්ස ඇය දර සෑයකට දමා පිළිස්සූ බව මහාවංශය විස්තර කරයි. වෙනත් මූලාශ්‍රවල දැක්වෙන්නේ ඇය විසින් මිනිසුන් මැර වූ ඇයගේ මාළිගය තුළම ඇය පණ පිටින් පුළුස්සන ලද බවකි.
මේවාත් බලන්න
මූලාශ්‍ර
- EB Female rulers of the world
- Queen Anula
- Mahavamsa
- Buddhist history of Sri Lanka
- Sri Lankan history in amusing bullet-points
අනුලා රැජිණ අනුරාධපුරයේ රජ | ||
| රාජ පදවි නාමයන් | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා නීලිය | ශ්‍රී ලංකාවේ රැජින ක්‍රි.පූ. 47 –ක්‍රි.පූ. 42 | අනුප්‍රාප්තික කූටකණ්ණ තිස්ස |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, අනුලා රැජිණ පිළිබඳ තොරතුරු, අනුලා රැජිණ යනු කුමක්ද? අනුලා රැජිණ යනු කුමක් දර්ශනය කරන්නේ?