විහාරමහා දේවිය යනු ලාංකීය ඉතිහාසයේ අග්රගණ්ය රජවරයෙකු වූ දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස රජතුමාගේ මෑණියන් වේ. ඇය කාවන්තිස්ස රජුගේ අගබිසවයි.
| විහාරමහා දේවිය | |
|---|---|
විහාරමහා දේවියගේ ප්රතිමාවක් | |
| නිල කාලය | ක්රි.පූ. 205 - ක්රි.පූ. 161 |
| වල්ලභයා | කාවන්තිස්ස රජ |
| දරුවන් | ගාමිණි අභය රජ (දුටුගැමුණු රජ) |
| පියා | කැලණිතිස්ස රජු |
මහාවංශ කතාව
විහාරමහා දේවිය, කැළණිය රජකම් කල කැළණිතිස්ස රජුගේ දියණිය වූවාය. පූජකයන්ගේ හා අනුගාමිකයන්ගේ කියමන්ට අනුව සිදුකරන ලද වරදවා තේරුම් ගැනීමක් නිසා වරක් කැළණිතිස්ස රජු විසින්, නිදොස් මහාරහතන් වහන්සේ නමක් කැකෑරෙන තෙල් කටාරමක් තුල බහා ජීවිතක්ෂයට පත් කරවන ලදී. කිසිවෙකුට කිසිදා පවිටු සිතකින්වත් දොස් නොකියූ ඒ මහාරහතන් වහන්සේගේ අපවත් වීමට ආදාළ වූ මේ පාපකාරී අසාධාරණ සිද්ධිය නිසා දැඩි කෝපයට පත්වූ දෙවියන්, ලක්දිව වටේ පිහිටි මහ මුහුද ගොඩබිම වෙත කළඹා එවූ බවත්, රජුගේ ශාස්ත්රකරුවන්ගේ කීම පරිදි රටට සිදුවන එම මහා විනාශය වළක්වනු පිණිස රජුගේ දියණියක මුහුදට බිලි කිරීම උදෙසා ඔරුවක හෝ මුහුදු යාත්රාවක දමා පාකර පිටත් කරන කල බවත් පැවසෙයි. ඒ අනුව විහාරමහා දේවිය, සිය පියා විසින් සිදුකල පාපකාරී ක්රියාවට සහ ජන්ම භූමියෙහි සුරක්ෂාව වෙනුවෙන් ඇගේ ජීවිතය පුද දීමට ඉදිරිපත් වූ අතර, රජවරයෙකුගේ දියණියකි යන්න සටහන් කෙරූ අලංකාරවත්ව සරසන ලද කුඩා නැවක් තුල විහාරමහා දේවිය මුහුදේ පා කර හැරි බව ඉතිහාසයේ සඳහන් වෙයි.
විහාරමහා දේවිය මුහුදේ පා කර හැරීමෙන් අනතුරුව මහ මුහුද නැවතත් සංසුන් ස්වරූපයට පත්විය. ඇයගේ ශරීරයට කිසිඳු හානියක් සිදුනොවීමට හේතු වූයේ ඇයගේ පෙර සංසාරගත මහා කුසලයක ප්රතිවිපාකයක් නිසා බවත් තවත් තැනක සටහන් වේ. කෙසේ නමුදු සිය දියණිය මුහුදට බිලි දීමට සිදුවීම ගැන රජු ඉතා කණස්සල්ලට පත් වූ අතර, රජුගේ මෙහෙසිය ඇතුළු රටවැසියෝද සිය නිර්භීත කුමරිය අහිමි වීම ගැන දුකට පත්වූහ. මෙවැනි දෙයක් සිදුවීම සම්බන්ධව ඔවුන් සියළු දෙනාම රජු වෙත සිය දෝෂාරෝපණ එල්ල කළහ.
මේ අතරතුර, තරුණ කුමරිය (විහාරමහා දේවිය) සහිත නෞකාව ආපදාවකින් තොරව දිවයිනෙහි දකුණු දිග (රෝහණ/රුහුණ) කිරින්ද ප්රදේශයේ වෙරළක් වෙත සේන්දු වූ අතර (සමහර ජනප්රවාදයන්ට අනුව පොතුවිල් ප්රදේශයේ පිහිටි මුහුදු මහාවිහාර පුදබිම යැයි සැලකේ), එකල්හී එම ප්රදේශය කාවන්තිස්ස රජු විසින් පාලනය කරමින් තුබූ සස්රීක ප්රදේශයක් බව පැවසෙයි. කුමරිය සහිත නෞකාව දුටු ධීවරයෝ මේ පිළිබඳව රජ මැදුර වෙත දන්වා සිටින ලදී. ථූපවංසයට අනූව කුමරිය සහිත නෞකාව දුටු පක්ෂීහූ රෑනක් රජු වෙත මුලින්ම මේ පිළිබඳව සැළකර සිටි බව සඳහන් වෙයි.
පෙරහැරක් මගින් කුමරිය කැඳවාගෙන ආ කාවන්තිස්ස රජු, ඇය විසින් සිය ජන්ම භූමිය වෙනුවෙන් දේශමාමකව හා නිර්භීතව සිදු කල කැපවීම කෙරේ සිත් ඇතිව, ඇයව විවාහ කර ගැනීමට තීරණය කරන ලදී. ඉතිහාසයට අනූව නෞකාවෙන් ඇය ගොඩබට ස්ථානය ආසන්නයේ ලංකා විහාරය පිහිටා තිබීම නිසා ඇය එතැන් පටන් විහාරමහා දේවිය ලෙස හැඳින්වූ බව සඳහන් වෙයි.
කාවන්තිස්ස රජුට දාව, ලාංකීය ඉතිහාසයේ පසුකාලීනව අග්රගණ්ය රජවරුන් බවට පත් වූ දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමාරවරුන් බිහි කල විහාරමහා දේවිය, මෙරට වීරවරියක ලෙස හැඳින්වෙයි.
මේවාද බලන්න
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, විහාරමහා දේවිය පිළිබඳ තොරතුරු, විහාරමහා දේවිය යනු කුමක්ද? විහාරමහා දේවිය යනු කුමක් දර්ශනය කරන්නේ?