පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි (උපත ජුනි 26, 1984) ශ්‍රී ලාංකීය දේශපාලන, නිරුපිකාවක් හා රුපවාහිනී නිලියක් වේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ඇය, ස්වාධීන රුපවාහිනී සේවය විසින් විකාශය කරන ලද "පබා" නාට්‍ය මාලාවෙන් ජනප්‍රියත්වයට පත් විය.
උපේක්ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තු මන්ත්‍රී | |
|---|---|
| Member of Parliament ගම්පහ මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා | |
| තනතුර දරමින් 08 අප්‍රියෙල් 2010 – 17 අගෝස්තු 2015 | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | ජුනි 26, 1984 කුවේටය |
| ජාතිකත්වය | ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික |
| දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජනතා නිදහස් සන්ධානය |
| රැකියාව | දේශපාලඥ |
| වෘත්තිය | නිරූපිකාවක, නිලියක |
මුල් අවධිය
කුවේටය තුල ශ්‍රී ලාංකික යුවලකට දාව උපත ලැබූ උපේක්ෂා 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වසර 20 ක පමණ කාලයක් කුවේටයේ ජීවත් වූවාය. ඇය සිය අධ්‍යාපන කටයුතු හැදෑරුවේ එහි තිබූ ඉන්දියානු ජාත්‍යන්තර පාසලෙනි. .
රංගනය
ඇය රංගනයට පිවිසීමට දොරටු විවර කර ගත්නේ නිරූපණ ක්ෂේත්‍රයට පැමිණීමත් සමගිනි. පසුව "චංචලා" ඇතුළු සිංහල ගීත කීපයක උපේක්ෂා පෙනී සිටියාය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ "පබා" ටෙලි නාට්‍ය මාලාව හරහා ඇය නිලියක් ලෙස විශාල ජනප්‍රියත්වයක් ලැබුවාය. 2008 වසරේ පැවැති සිරස ඩාන්සින් ස්ටාර් තරඟයේදීද ඇය සිය නර්ථන හැකියාව ප්‍රදර්ශනය කරමින් තව දුරටත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය. පසුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වූ මෙගා ස්ටාර් රියලිටි වැඩසටහනටද ඇය එක් වූවාය.
දේශපාලනය
උපේක්ෂා දේශපාලනිකව අවධානයට යොමු වන්නේ රජයේ නාලිකාවක් වූ ස්වාධීන රූපවාහිනී හි විකාශය කෙරුණු පබා ටෙලි නාට්‍යයෙන් ඇය මත භේදාත්මක ලෙස ඉවත් වීමත් සමගයි. ඊට හේතුව ලෙස දැක්වුනේ ඇය ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂක වූ සරත් ෆොන්සේකා මහතා හට විවෘතව සහය පල කිරීම බව පැවසේ.
2010 අප්‍රියෙල් 8 මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81350 ලබා ගත් ඇය ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියාය. 2010 ජුනි මසදී , ටීවී දෙරණ සමග දේශපාලන වැඩසටහනකට එක්වූ උපේක්ෂා ගැන නැවත වතාවක් ජනතාව අතර කතා බහක් ඇතිවන්නේ එහිදී ඇයගේ දේශපාලනය පිළිබඳ පැවැති දැනුම අල්ප බව හෙලි වීම නිසයි.
මූලාශ්‍ර
- Be prepared to welcome Paba Daily Mirror, July 10, 2007
- New faces in Parliament
- I support SF willingly: Upeksha
- Upeksha admits that she lacks political knowledge, http://www.lankachannel.lk/derana-tv/upeksha-swarnamali-talking-about-her-knowledge-video_100d17357.html, ප්‍රතිෂ්ඨාපනය 2013-12-14
බාහිර සබැදි
- Parliament profile
- Sri Lanka Sinhala Films Database - Upeksha Swarnamali
- Upeksha Swarnamali Photo Gallery සංරක්ෂණය කළ පිටපත 2013-12-21 at the Wayback Machine
- Upeksha Swarnamali on SLMDb[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, උපේක්ෂා ස්වර්ණමාලි පිළිබඳ තොරතුරු, උපේක්ෂා ස්වර්ණමාලි යනු කුමක්ද? උපේක්ෂා ස්වර්ණමාලි යනු කුමක් දර්ශනය කරන්නේ?