එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය

එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය යනු, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය විසින්, M49 කේතන වර්ගීකරණය පදනම් කරමින් සකස් කර ඇති පරික්‍රමයක් වන අතර, එය විසින් ලෝකය සාර්ව-භූගෝලීය ප්‍රදේශ සහ උපප්‍රදේශ වලට බෙදයි.

මෙම පරික්‍රමය සකස් කොට ඇත්තේ සංඛ්‍යාන කටයුතු සඳහා වන අතර සංඛළුාන විශ්ලේෂණය සිදු කිරීම සඳහා භාවිතා වෙයි. සාර්ව-භූගෝලීය ප්‍රදේශ සකස් කොට ඇත්තේ හැකි අයුරින් මහාද්වීප හා සමපාත වන අයුරිනි. මෙම කාණ්ඩ තුල, කුඩා, භූගෝලිය උපප්‍රදේශ සහ තෝරාගත් ආර්ථික සහ අනෙකුත් කාණ්ඩ වෙතින් සවිස්තර විශ්ලේෂණය හැකි කරවයි.

එක්සත් ජාතීන් පවසන පරිදී, විශේෂිත කාණ්ඩ වලට රටවල් හෝ ප්‍රදේශ හෝ ‍නියම කිරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව තකා කරන්නක් පමණක් වන අතර, රටවල හෝ භූමි ප්‍රදේශ වල හෝ දේශපාලනමය හෝ අනෙකුත් හෝ අනුබැඳියක් අදහස් නොකරයි.

ප්‍රදේශ සහ උපප්‍රදේශ ලැයිස්තුව

  • අප්‍රිකාවමෙයද බලන්න: අප්‍රිකාව සඳහා එජා භූපරික්‍රමය
    • නැගෙනහිරදිග අප්‍රිකාව
    • මධ්‍ය අප්‍රිකාව
    • උතුරුදිග අප්‍රිකාව
    • දකුණුදිග අප්‍රිකාව
    • බටහිරදිග අප්‍රිකාව
  • ඇමරිකාවන්මෙයද බලන්න: ඇමරිකාවන් සඳහා එජා භූපරික්‍රමය
* මෙම උපප්‍රදේශ තුන එක්ව උතුරු ඇමරිකා මහාද්වීපය තනයි.
** මෙම ප්‍රාදේශීය මහාද්වීප දෙක එකතුව යුරේෂියාව නම් භූගෝලීය මහාද්වීපය තනන අතර, එය එජා භූපරික්‍රමයෙහි කොටසක් නොවේ.


මෙයද බලන්න

  • යුරෝපයේ භූදේශපාලනමය කොට්ඨාශ
  • එක්සත් ජාතීන්ගේ ප්‍රාදේශීය සමූහ
  • එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය
  • UN M.49


ආශ්‍රිත

  1. යුනයිටඩ් නේෂනස් ස්ටැටිස්ටික්ස් ඩිවිෂන් - ස්ටැන්ඩර්ඩ් කන්ට්‍රි ඇන්ඩ් ඒරියා කෝඩ්ස් ක්ලැසිෆිකේෂන්ස්, http://millenniumindicators.un.org/unsd/methods/m49/m49regin.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-12-18 
  2. ස්ටෑන්ඩර්ඩ් කන්ට්‍රි ඕ ඒරියා කෝඩ්ස් ඇන්ඩ් ජියෝග්‍රැෆිකල් රීජන්ස් ෆෝ ස්ටැටිස්ටිකල් යූස්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය පිළිබඳ තොරතුරු, එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය යනු කුමක්ද? එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?