එතුණු කඩුව

අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති මිනිස් උසට වඩා වැඩි උසකින් යුත් නම්‍යශීලී ලෝහ පටි 32 දක්වා යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඔ සදහා, දෑතට දෙකක් භාවිතා කරයි. දිගුකාලීනව පුහුණුවී දියුණු කරගත යුතු ඉතා සංකීර්ණ ශිල්ප ක්‍රමවේද රාශියක් එතුණු කඩු හරඹය තුල ගැබ්ව පවතී. එතුණු කඩුවෙන් සටන් කිරීමත් සමඟ ක්ෂණිකව පිනුම් කරණම් ගැසීම, ඉතා වේගවත්ව එතුණු කඩුව හැසිරවීම, එකවර ප්‍රතිවාදීන් කිහිපදෙනෙකුට පහරදීම ආදිය ඒ අතරින් ප්‍රධාන වේ. මෙම ආයුධය භාවිතයෙන් ප්‍රතිවාදියාට එල්ලකරන පහරක් හරියාකාරව සිදු නොවුණහොත් එය තමාටම වැදිය හැක.මෙය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුය. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප්‍රවීන සටන් ශිල්පීහු භාවිතා කරයි.

බාහිර සබැඳුම්

  1. හෙළයේ සටන් රහස අංගම් සංරක්ෂණය කළ පිටපත 2013-10-18 at the Wayback Machine, පැතුම් පැස්කුවල්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, එතුණු කඩුව පිළිබඳ තොරතුරු, එතුණු කඩුව යනු කුමක්ද? එතුණු කඩුව යනු කුමක් දර්ශනය කරන්නේ?