ඒක්තා කපූර් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ජාතික රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදකවරියකි. ඇය ඇගේ නිෂ්පාදන සමාගම වන බාලාජි ටෙලිෆිල්ම්ස් සමාගමේ හවුල් කළමනාකාර අධ්‍යක්ෂක මෙන්ම නිර්මාණ අධ්‍යක්ෂක ධුරය ද උසුලයි.
ඒක්තා කපූර් | |
|---|---|
කපූර් 98.3 FM රේඩියෝ මිර්චි තුළ | |
| Born | 7 ජූනි 1975 (41 වියැති) |
| Occupations | රූපවාහිනී නිෂ්පාදක, බාලාජි ටෙලිෆිල්ම්ස්හි හවුල් කළමනාකාර අධ්‍යක්ෂ |
| Years active | 1995–වර්තමානය |
| Relatives | ජිතේන්ද්‍ර (පියා) ශෝභා කපූර් (මව) තුෂාර් කපූර් (සොහොයුරා) |
ඒක්තා කපූර් උපත ලැබූයේ 1975 වර්ෂයේ ජූනි මස 7 වන දින ය. ඒක්තා කපූර්ගේ පියා නළුවකු වූ ජීතේන්ද්‍ර ය. ඇගේ මව ශෝභා කපූර් නැමැත්තියයි. ඇගේ බාල සොහොයුරා වන තුෂාර් කපූර් ද බොලිවුඩ් නළුවෙකි.බොම්බේ ස්කොටිෂ් පාසල, මහිම්හි අධ්‍යාපනය හදාළ ඇය, පසුව මිථිබායි පාසල වෙත ඇතුළු වූවා ය. ඇය විසින් සෝප් ඔපෙරා, රූපවාහිනී කතාමාලා මෙන්ම චිත්‍රපට ගණනාවක් ද නිර්මාණය කොට තිබේ. ඇය විසින් සිය දායකත්වය සැපයූ සෝප් ඔපෙරාවන් අතර හම් පාන්ච්, ක්‍යුන්කි සාස් භි කභි බාහු ති, කහානි ඝාර් ඝාර් කි, කසෞතී සින්දගී කේ, පවිත්‍ර රිෂ්තා, බඩේ අච්චේ ලග්තේ හේන්, සහ ජෝධා අක්බර් වැනි කතාමාලා ප්‍රමුඛස්ථානයක් ගනියි. කපූර් විසින් නිෂ්පාදනය කරන ලද රූපවාහිනී කතාමාලා අතර නාගින්, යේ හේ මොහාබ්බතයින්, කුම්කුම් භාග්‍යා, කවච් සහ කසම් තේරේ ප්‍යාර් කි වැනි අතිශයින් ජනප්‍රිය කතාමාලා ද වේ. මීට අමතරව ඇය විසින් ඇගේ විලාසිතා මාලාව EK යන නාමය යටතේ දියත් කොට ඇත.
2001දී ඇය බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදනය කෙරෙහි උනන්දු වන්නට වූවා ය. එහි දී ක්‍යෝ කී... මේන් ජුත් නහින් බෝල්තා චිත්‍රපටයෙන් සිය චිත්‍රපට නිෂ්පාදන වෘත්තිය ආරම්භ කළ ඇය, කූච් තෝ හේ සහ ක්‍රිෂ්ණා කොටේජ් යන චිත්‍රපට නිෂ්පාදනය කළා ය. 2003 සහ 2004 වර්ෂවල තිරගත වූ ඉහත සඳහන් අවසන් චිත්‍රපට ද්විත්වය අධිස්වාභාවික තේමාවක් රැගත් චිත්‍රපට යුගළක් ලෙස සැලකේ. ක්‍යා කූල් හේ හම් චිත්‍රපටයේ එන ප්‍රධාන චරිතය ඇගේ සොහොයුරා වූ තුෂාර් කපූර් විසින් නිරූපණය කරන ලදී. අනතුරුව ඇය සංජේ ගුප්තා සමග ෂූට්අවුට් ඇට් ලෝඛාන්ද්වාලා චිත්‍රපටය සඳහා සම-නිෂ්පාදන දායකත්වය සැපයූවා ය. ඉන් අනතුරුව මිෂන් ඉස්තාන්බුල් සහ EMI – ලියා හේ තෝ චුකනා පඩේගා යන චිත්‍රපට සුනිල් ෂෙට්ටි සමග සහයෝගීත්වයෙන් යුතුව නිර්මාණය කෙරිණි. 2010 සිට 2014 දක්වා කාලය තුළ ඇය විසින් චිත්‍රපට ගණනාවක් මුදාහැර තිබේ. මේ අතර, ලව් සෙක්ස් ඕර් ධෝඛා, වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි, සහ ෂෝර් ඉන් ද සිටි යන චිත්‍රපට ප්‍රධාන ස්ථානයක් ගනියි.
කෘතීන්
- රූපවාහිනිය
- චිත්‍රපට කර්මාන්තය
| වර්ෂය | තේමාව | අධ්‍යක්ෂක | සටහන් |
|---|---|---|---|
| 2001 | ක්‍යෝ කී... මේන් ජුත් නහින් බෝල්තා | ඩේවිඩ් ධාවන් | |
| 2003 | කූච් තෝ හේ | අනුරාග් බාසු සහ අනිල් වී. කුමාර් | |
| 2004 | ක්‍රිෂ්ණා කොටේජ් | සන්ත්‍රම් වර්මා | |
| 2005 | ක්‍යා කූල් හේ හම් | සංගීත් සිවන් | |
| 2005 | කොයි ආප් සා | පාර්තෝ මිත්‍රා | |
| 2007 | ෂූට්අවුට් ඇට් ලෝඛාන්ද්වාලා | අපූර්ව ලාඛියා | සංජේ ගුප්තා සමග සම-නිෂ්පාදනයකි |
| 2008 | මිෂන් ඉස්තාන්බුල් | අපූර්ව ලාඛියා | සුනිල් ෂෙට්ටි සමග සම-නිෂ්පාදනයකි |
| 2008 | C කොම්පැනි | සචින් යාර්දි | |
| 2008 | EMI – ලියා හේ තෝ චුකනා පරේගා | සෞරාභ් කබ්රා | සුනිල් ෂෙට්ටි සමග සම-නිෂ්පාදනයකි |
| 2008 | ගජා | කේ. මදේෂා | කන්නඩ චිත්‍රපටයකි |
| 2010 | ලව් සෙක්ස් ඕර් ධෝඛා | දිබාකර් බැනර්ජී | |
| 2010 | වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි | මිලන් ලුත්‍රියා | |
| 2011 | තාර්යන්චේ බායිත් | කිරාන් යද්න්‍යොපාවිත් | මරාථි චිත්‍රපටයකි |
| 2011 | ෂෝර් ඉන් ද සිටි | රාජ් නිදිමොරු සහ ක්‍රිෂ්ණා ඩී. කේ. | |
| 2011 | රාගිනී MMS | පවන් ක්‍රිපාලනි | අමිත් කපූර් සහ සිධාර්ථ එම් ජායින් සමග සම-නිෂ්පාදනයකි |
| 2011 | ද ඩර්ටි පික්චර් | මිලන් ලුත්‍රියා | |
| 2012 | ක්‍යා සුපර් කූල් හේ හම් | සචින් යාර්දි | |
| 2013 | ඒක් ති දායන් | කන්නන් අයියර් | විශාල් භාර්ද්වාජ් සමග සම-නිෂ්පාදනය |
| 2013 | ෂූට්අවුට් ඇට් වඩාලා | සංජේ ගුප්තා | සංජේ ගුප්තා සමග සම-නිෂ්පාදනයකි |
| 2013 | ලූටෙරා | වික්‍රමාදිත්‍ය මොත්වානි | අනුරාග් කාශ්‍යප් සමග සම-නිෂ්පාදනයකි |
| 2013 | වන්ස් අපොන් අ ටයිම් ඉන් මුම්බායි දෝබරා | මිලන් ලුත්‍රියා | |
| 2014 | රාගිනී MMS 2 | භූෂන් පටෙල් | ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි |
| 2015 | විශ්වරූප් 2 | කමල් හසන් | ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි |
| 2016 | ක්‍යා කූල් හේන් හම් 3 | උමේෂ් ගෙජ් | ශෝභා කපූර් සමග සම-නිෂ්පාදනයකි |
| TBA | වීරේ දි වෙඩිං | ශෂංකා ඝෝෂ් | රියා කපූර් සමග සම-නිෂ්පාදනයකි |
සම්මාන සහ ගෞරව
- 2012 ආසියාවේ සමාං සවිබලගැන්වීම් සම්මානය - Freedom Through Education
මූලාශ්‍ර
- "PICS: Ekta Kapoor's 41st birthday bash". The Times of India. 8 ජූනි 2016. සම්ප්‍රවේශය 11 ජූනි 2016.
- "Happy birthday Ekta Kapoor: 6 things to remind you why she is a big deal". Hindustan Times. 2016-06-07. සම්ප්‍රවේශය 2016-06-07.
- සභර්වාල්, රාහුල් (21 ජනවාරි 2010). "Meet the 'real' Ekta Kapoor". Hindustan Times. 25 ජනවාරි 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
- "Ekta Kapoor springs a surprise". The Hindu. 1 ජූලි 2002. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
- "Ekta Kapoor & family take pay cut". The Hindu. 2 ඔක්තෝබර් 2009. 9 මාර්තු 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 ජනවාරි 2010.
- ශේඛර් (2012-02-20). "Ekta Kapoor's obsession with 'K' was strategy, but not superstition". Entertainment.oneindia.in. සම්ප්‍රවේශය 2012-08-08.
- "Recipients of Asia's Social Empowerment Award".
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ඒක්තා කපූර් පිළිබඳ තොරතුරු, ඒක්තා කපූර් යනු කුමක්ද? ඒක්තා කපූර් යනු කුමක් දර්ශනය කරන්නේ?