කණ්ඩලම වැව ශ්‍රී ලංකාවේ දඹුල්ල ප්‍රදේශයේ කණ්ඩලම ගම්මානයේ පිහිටා ඇති පුරාණ වැවකි. එය උස මීටර 21 (අඩි 69) ක් හා පළල මීටර 1600 (අඩි 5200) ක් පමණ වන වේල්ලකින් සමන්විත වෙයි. ජලාශයෙන් එක්රැස් කර ගන්නා ජලය, කලාපයෙහි ජල සම්පාදන කටයුතු වෙනුවෙන් භාවිතා කරනු ලැබෙයි.
| කණ්ඩලම වැව | |
|---|---|
කණ්ඩලම වැවේ උතුරුදිග දර්ශනයක්, 2008 ජුනි. | |
| ස්ථානය | දඹුල්ල, ශ්‍රී ලංකාව |
| වර්ගය | මහ වැව |
| ඉදිකල කාලය | නොදනී |
| මුල්න්ම වාන් දැමූ කාලය | නොදනී |
| උපරිම දිග | 4.8 km (3.0 mi) |
| උපරිම පළල | 2.3 km (1.4 mi) |
| පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය | 102 km2 (39.4 sq mi) |
| ජල ධාරිතාවය | 33,300,000 m3 (1.18×109 cu ft) |
ජලාශයෙහි උපරිම දිග කිලෝ මීටර 4.8 ක් සහ උපරිම පළල කිලෝ මීටර 2.3 පමණ වන අතර, වර්ග කිලෝමීටර 102 ක පමණ ප්‍රදේශයක එය පැතිර පවතියි. ජලාශයෙහි සමස්ථ ජල ධාරිතාවය ඝන මීටර 33300000ක් පමණ වෙයි.
ජලාශය අවට වූ සුන්දර වටපිටාව හා වසර පුරාම ජලය රැඳී තිබීම හේතුවෙන්, කණ්ඩලම ජලාශය වත්මන් ජල මූලාශ්‍රයක් හඳුනාගෙන තිබෙයි.
නම
දඹුල්ල රජමහා විහාරයේ සැතපෙන බුදු පිලිමයේ කණ් සඟලට පිදූ භූමියක ඉදිකල නිසා කණ්ඩලම නම ලැබී ඇති.
අතීතය
ඉදිකිරීම
ඉදිකිරීම පිලිබඳ විස්තර ඉතිහාසයේ සඳහන් නොවේ. ලම්බකර්ණ රජ පෙළපතට අයත් රජෙකුගේ කාලයේදී සිදුකල ඉදිකිරීමක් සේ සැලකේ.
විනාශ කිරීම
කාලිංග මාඝ නම් ආක්‍රමණිකයා විසින් විනාශකල රජරට වැවු අතරට කණ්ඩලම වැවද අයත් විය.
ප්‍රතිසංස්කරණය
ක්‍රි.ව. 1951 සහ 1957 කාලය තුල ප්‍රතිසංස්කරණය සිදුකරන ලදී. එහිදී පහත කටයුතු සිදුකෙරිනි.
- වැවු බැම්ම ප්‍රත්සංස්කරණය සහ දිගින් වැඩිකිරීම
- වැව විනාශව පැවති කාලය තුල වැවු තාවුල්ලේ පදිංචිව සිටි ජනතාව වැවෙන් පෝෂණය වන කොටසේ පදිංචි කරවීම
වැවේ තාවල්ලේ හෝටලයක් ඉදිකිරීම
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
- "කණ්ඩලම රිසවියර්". DamSafety.lk. සම්ප්‍රවේශය 23 මැයි 2014.
- ගාමිණී වරුෂාමන (16 සැප්තැම්බර් 2012). "ඩ්‍රවුට් හෙල්ප්ස් එක්ස්පෙඩිටි රිනොවේෂන් වර්ක් ඔන් කලාවැව ටෑන්ක්". සන්ඩේ ඔබ්සවර්. 2014-02-01 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මැයි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කණ්ඩලම වැව පිළිබඳ තොරතුරු, කණ්ඩලම වැව යනු කුමක්ද? කණ්ඩලම වැව යනු කුමක් දර්ශනය කරන්නේ?