කතරගම මහසෙන්

සිව් හෙලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා වන මෙතුමා අපට හමුවන්නේ මීට වසර 25000 කට පමණ පෙර යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්යය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. සුරාසුර යුද්ධයේ සෙන්පතියා වන මෙතුමා සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් විය.

තාරක රජුගේ සෙන්පතීත්වය

තරු හෙවත් තාරක රජුගේ සෙන්පතියා ලෙස මෙතුමා රුහුණේ බිහිවෙයි. පන්දලම් නම් තැන මහසෙන්ගේ ගෙයයි. මෙය අදටත් ඇති ගෘහ නිර්මාණය සමබන්ධව පැරණිතම සාධකයයි. සෙබර ගඩොලින් නිර්මාණය කර ඇති අතර බෙහෙත් භාවිතා කර නිර්මිත ගඩොලක් ලෙස සෙබර ගඩොල සැලකේ.

සුරාසුර යුද්ධය

මෙම කාලයේ සුරාසුර යුද්ධය ඇතිවේ. මෙහිදී අසුරයින් ලෙස සැලකෙන්නේ බුදුන් වහන්සේගේ ධර්මය තුල සඳහන් "අසුර" නැමැති අමනුෂ්‍ය කොට්ඨාශය නොවන බව පසක් කළ යුතුයි.අතීතයේ අප රට තුල විසූ යක්ෂ,නාග,රාක්ෂ සහ දේව යන ගෝත්‍ර සතරට අයත් මිනිසුන් පොදුවේ අසුරයින් ලෙස හඳුන්වන​ බව ඉතිහාස ගවේෂකයින්ගේ පිළිගැනීම වේ.එමෙන්ම "සුරයින්" යනු අසුරයින්ට විරුද්ධව සටන් කළ ඉන්දියානුවන් වේ. බොහෝ සුර අසුර යුධ වලදී සුරයන් ජයග්‍රහණය කෙරේ. කෙසේ නමුත් මෙහිදී මහසෙන් රජු ජයග්රෙහණය කරයි. මහසෙන් යනු සුරාසුර යුද්ධය සමය වන විට තරු රජුගේ සෙන්පතියා ය.

සුරාසුර යුද්ධයෙන් පසුව තරු රජු හා මහසෙන් සෙන්පතියා අතර ගැටුමක් ඇතිවන අතර එයින් ද මහසෙන් ජයග්රුහණය කරයි. ඉන්පසුව ඔහු කතරගම මහසෙන් රජු නමින් රජ වෙයි.

මහසෙන් රජුගේ කඩුව

දම් පාට කඩුවක් වූ මෙය පසුව සිදුහත් කුමරුට ශිල්ප දැක්වීමට හා කෙස් වැටිය කැපීමට භාවිතා වූ ලෙස සැලකෙන අතර ඉනික්බිතිව අමිතෝදන කුමාරයා ලංකාවට ‍නැවත මෙම කඩුව ගෙන ආ බව සැලකේ. වංසත්ථප්පකාසිනී නම් පුස්කොල කෘතියට අනුව එය අනුරාධපුරයේ තබයා ඇත. එලාර දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජු මෙය භාවිතා කොට පසු කලෙක මෙය කිරිවෙහෙරේ තැම්පත් කළ බවට තවත් ජනපුවාදයකි.

අනෙක් ප්‍රවාදය නම් ටිකිරි කුමාරයා මෙය භාවිතා කළ බවයි. අන්තිම වතාවට කිරිවෙහෙර ප්රනතිසංස්කරණය කරන ලද්දේ ටිකිරි කුමාරයා විසින් වන නිසා පළමු ජනප්රෙවාදයේ සත්යවතාවක් තිබිය හැකි ය. කිරිවෙහෙරේ පැත්තක මහසෙක් කුමරුගේ දේව ප්ර තිමාවක් අදද ඇත.

සැවුල් කොඩිය

සැවුලා කතරගම දෙවියන්ගේ වාහනය වේ. සැවුල් කොඩිය රුහුණ නියෝජනය කරන අතර මෙම කොඩිය දුටුගැමුණු රජුද භාවිතා කලේ ය. මහසෙන් සැවුල් කොඩිය ලෙස මෙය අදටත් හැදින්වේ. අංගම් ශාස්ත්ර්ය ශිල්පයක් ලෙස සමාජගත කරන්නේ මොහු ය. බදුල්ල, සොරගුනේ අන්තිම මහසෙන් දේවාලය පිහිටා ඇත.

ආශ්‍රිත ලිපි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කතරගම මහසෙන් පිළිබඳ තොරතුරු, කතරගම මහසෙන් යනු කුමක්ද? කතරගම මහසෙන් යනු කුමක් දර්ශනය කරන්නේ?