කරපිංචා

කරපිංචා මුරේයා කොයිනිගි (Murraya koenigii)යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබයි.

කරපිංචා ගස (Curry Tree)

අඩු අවධානයක් යොමු වූ  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Eudicots
ක්ලේඩය: Rosids
ගෝත්‍රය: Sapindales
කුලය: Rutaceae
ගණය: Bergera
විශේෂය: ''B. koenigii''
ද්වීපද නාමය
Bergera koenigii
(L.)
Synonyms
  • Camunium koenigii (L.) Kuntze in Revis. Gen. Pl. 1: 99 (1891) Chalcas koenigii
  • (L.) Kurz in J. Asiat. Soc. Bengal, Pt. 2, Nat. Hist. 44: 132 (1875) Chalcas siamensis
  • (Craib) Tanaka in Bull. Soc. Bot. France 75: 710 (1928) Murraya foetidissima
  • Teijsm. & Binn. in Natuurk. Tijdschr. Ned.-Indië 27: 41 (1864) Murraya koenigii
  • (L.) Spreng. in Syst. Veg., ed. 16. 2: 315 (1825) Murraya siamensis
  • Craib in Bull. Misc. Inform. Kew 1926: 340 (1926) Nimbo melioides
  • Dennst. in Schlüssel Hortus Malab.: 30 (1818)

කරපිංචා ආහාර සකස් කිරී‍මේදී අද නැතිවම බැරි ස්වභාවික රස කාරකයකි. එසේම මෙහි ඉතා ඉහල ඖෂධීය මෙන්ම පෝෂනීය වටිනාකමක් ද ඇත.

කිරුක්තිය සහ පොදු නම්

විස්තර

එය කුඩා ගසක් වන අතර උස මීටර් 4–6 (අඩි 13-20)ක් දක්වාද,විෂ්කම්භය සෙන්ටිමීටර 40 (අඟල් 16) සහිත කඳක් ලෙසද වර්ධනය විය හැක.

ව්‍යාප්තිය සහ වාසස්ථාන

මෙම ගස ඉන්දියානු උප මහද්වීපයට ආවේණික වන අතර ශ්‍රී ලංකාවේ රට පුරා සහ නැගෙනහිරින් තායිලන්තයේද බහුලව දැකගත් හැකිවේ.මීට අමතරව කම්පුචියාව, ලාඕසය සහ වියට්නාමය යන රට වලද දැකගත හැකිවේ.

භාවිතයන්

නැවුම් කොළ ගුජරාටයේ, දකුණු හා අග්නිදිග ආසියාවේ කුළුබඩුවක් ලෙස සලකනු ලැබේ.

ප්‍රචාරණය

ප්‍රචාරණය මූල මොරෙයියන් හෝ වායු ස්ථර මගින් වන නමුත් සාමාන්‍යයෙන් බීජ මගින් එය ප්‍රරෝහණය වේ.

රසායනික සංඝටක

කරපිංචාවල  අඩංගු Flavonoids හා කෙදි නිසා කරපිංචා රුධීරයේ  LDL කොලොස්ටරෝල් පාලනය කරන බව පරීක්ෂණ මගින් සොයා ගෙන ඇත.මෙය කෙදි සහිත නිසා කොලෙස්ටරෝල් අවශෝෂණය බාල කරනු ඇත. තව ද අවශෝෂනය අඩු කරනු ලබයි. එම නිසා ‍මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.

තවද කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. කරපිංචා මේ නිසා (විටමින් A සහC) හොද ඔක්සිහාරකයකි. එනම් ශරීරයට ඇතුළු වන වස විෂ ද දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය ද, කිරිමේ හැකියාව මෙයට ඇත.

කරපිංචාවල විටමින් A සහ C ද අඩංගුය,නමුත් මේවා එලෙසින්ම වැදගත් වන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. වියළීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.

තවද සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂ පානය කිරිමට දෙන්නේ ද මෙහි තිබෙන ඖෂධීය ගුණය නිසාය.

අප කළ යුත්තේ ආහාරයට එක් කරන කරපිංචා විසි කිරීම නොව ඒවා හොදින් සපා කෑමය. මෙවිට එහි ඇති ගුණය,පෝෂණය හා ඖෂධීය වටිනාකම අපට ලැබේ.              

සෑම ගෙදරකම කරපිංචා ශාකයක් වැවීම ඉතාමත් පලදායකය. දිනපතා උදේ පාන්දරම කොළ කැද සාදා කරපිංචා පානය කළහොත් ශරීරයට ඉතා ගුණදායකය.

කරපිංචා ඉතා හොද ප්‍රසිද්ධ කුළු බඩුවකි. මෙමගින් ආහාරයට සුවදක් ද, රසයක් ද, ප්‍රනීත බවක් දකරපිංඇති කරය. එය සිදු කරන්නේ එහි ඇති Flavonoids නිසාය.

කරපිංචාවල අඩංගු ප්‍රතිඔක්සිහාරක ගුණය නිසා පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.

කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වන බව කිවහැක.

ආශ්‍රිත

  1. Plummer, J. (2021). "Curry Leaf, Murayya koenigii". IUCN Red List of Threatened Species. 2021: e.T156236806A166564522. doi:10.2305/IUCN.UK.2021-2.RLTS.T156236806A166564522.en. සම්ප්‍රවේශය 6 March 2021.
  2. "Murraya koenigii", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?id=24703 
  3. "Bergera koenigii L." Plants of the World Online (ඉංග්‍රීසි බසින්). Kew Science. සම්ප්‍රවේශය 16 November 2023.
  4. Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 1. ISBN 9558394017.
  5. Jayasinha, Purnima; Warnasuriya, Dilmani; Dissanayake (1999). Karapincha(Murraya koenigii). Colombo, Sri Lanka: Industrial Technology Institute. p. 2. ISBN 9558394017.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කරපිංචා පිළිබඳ තොරතුරු, කරපිංචා යනු කුමක්ද? කරපිංචා යනු කුමක් දර්ශනය කරන්නේ?