කලා කෞතුකාගාරයක් යනුවෙන් හැඳින්වෙන්නේ කලාකෘතීන් ප්‍රදර්ශනය සඳහා වන ගොඩනැගිල්ලක් හෝ අවකාශයකි. බොහෝවිට මෙහි කෞතුකාගාරයට අයත් කලාකෘති එකතූන් අන්තර්ගත විය හැක. මෙහි හිමිකාරීත්වය මහජන හෝ පෞද්ගලික අංශය යටතේ පැවතිය හැකි අතර, මෙයට සැමට ප්‍රවේශය සහිත හෝ රහිත විය හැක. ප්‍රධාන වශයෙන්ම මෙහි දී දෘශ්‍ය කලාවන් පිළිබඳ අවධානය යොමුවූවත්, බොහෝ කලා කෞතුකාගාරවල අභිවාහ්‍ය කලා, සංගීත ප්‍රසංග, හෝ කාව්‍ය කියැවීම් වැනි අනෙකුත් සංස්කෘතික සහ කලා කටයුතු ද සිදුකෙරේ. බොහෝ කලා කෞතුකාගාර නිරතුරුව විවිධ තේමාවන් යටතේ තාවකාලික ප්‍රදර්ශනයන් ද පවත්වන අතර, එහි වෙනත් එකතූන්ගෙන් ණයටගත් කලාකෘති ද අන්තර්ගත විය හැක.
ආශ්‍රේයයන්
වැඩිදුර කියවීමට
- "Museums of Art", Encyclopædia Britannica (11th ed.), New York: Encyclopædia Britannica Co., 1910, , https://archive.org/stream/encyclopaediabri19chisrich#page/60/mode/1up
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, කලා කෞතුකාගාරය පිළිබඳ තොරතුරු, කලා කෞතුකාගාරය යනු කුමක්ද? කලා කෞතුකාගාරය යනු කුමක් දර්ශනය කරන්නේ?