ගාලු කොටුව ඔරලෝසු කණුව

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාලු කොටුව කොටු බැම්මෙහි පිහිටුවා තිබෙන ගාලු කොටුව ඔරලෝසු කණුව මෙරට ඉදිකොට තිබෙන පැරණිතම ඔරලෝසු කණු අතුරින් එකක් වේ.

ගාලු කොටුව ඔරලෝසු කණුව
පිහිටීමගාලු කොටුව, ගාල්ල, ශ්‍රී ලංකාව
අවසන් කළ දිනය1883
කැප කරන ලද්දේවෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා විසින් සිදුකල සේවය සිහිවීම පිණිස

බැලූ බැල්මට ලන්දේසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටු බැම්මත්, ඔරලෝසු කණුවත් එකම කාලයකදී සිදුකල නිර්මාණයන් ලෙස දෘෂ්‍යමාන වූවත්, ගාලු කොටුව ඔරලෝසු කණුව පසුකාලීනව ඊට එකතු කරන ලද, දේශීය සිංහල ධනපතියකුගේ ධන පරිත්‍යාගයක් යටතේ ඉදි වූවකි.

ඉතිහාසය

19 වන සියවසේ අවසන් සමය තුල, මෙරට ගාලු දිසාවේ ජනතාවට සේවය කරමින් ඉමහත් ජනතා ප්‍රසාදයක් දිනාසිටි, ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙක්‌ වූ පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා සිය සේවා කාලය නිමාකරමින් සමුගැනීමට සූදානම් වූ අවස්ථාවේදී, ඔහුගේ සේවය අගයා යම් දෙයක් සිදු කල යුතු යැයි එකල ගාල්ලේ ජන ප්‍රධානීහූ සාකච්ඡා සිදු කළහ. එහිදී පැමිණි යෝජනාවකට අනූව, පීටර් ඩැනියෙල් මහතාගේ සේවය අගයා ඔරලෝසු කණුවක්‌ ඉදිකිරීම සුදුසු යැයි තීරණය විණි.

මෙවැනි ඔරලෝසු කණුවක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් තුන්දහස්‌ පන්සියයක්‌ පමණ වියදම් වෙතැයි ඇස්ථමේන්තු කල අතර, එම මුදල් ප්‍රමාණය ගාලු නාගරික ජනතාවගෙන් අයකර ගැනීමට මුලදී තීරණය විණි. නමුත් එසේ සිදු කිරීම සුදුසු නොවන බව පවසමින් වාසල මහ මුදලි කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහතා, එම මුදල් ප්‍රමාණය තමා විසින් දැරීමට සූදානම් බව දන්වා සිටින ලදී.

ඒ අනූව වැඩ කටයුතු සිද්ධ වෙමින්, ගාලු කොටුවේ ඉදිවූ මෙම ඔරලෝසු කණුව 1883 වසරේදී වෛද්‍ය පීටර් ඩැනියෙල් ඇන්ටනීස්‌ මහතා අතින් විවෘත කෙරුණි.

ආශ්‍රිත

  1. "ක්ලොක් ටවර් ගෝල්". ට්‍රැවල් ඉමේජ්.කොම්. 2014. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  2. "රුහුණු ඔසු ඔයන රූමස්සල". රටවටා. 2011. සම්ප්‍රවේශය 22 මැයි 2014.
  3. "මේ ඔරලෝසු කණුව ලන්දේසීන්ගේ නොව අපේ." දිවයින. 2010 ඔක්තෝම්බර් 3. සම්ප්‍රවේශය 22 මැයි 2014. {{cite web}}: Check date values in: |date= (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගාලු කොටුව ඔරලෝසු කණුව පිළිබඳ තොරතුරු, ගාලු කොටුව ඔරලෝසු කණුව යනු කුමක්ද? ගාලු කොටුව ඔරලෝසු කණුව යනු කුමක් දර්ශනය කරන්නේ?