ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහුගේ සම්පූර්ණ නම එල්ලමුල්ල කපුගේ ගුණදාස වේ. ඔහු එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලය, කරන්දෙනිය ජාතික පාසල, ගාල්ල නාගොඩ පාසල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි. ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක අවදියේ සිටම විමුක්ති ගී පසංගවල ගායකයෙක්ද වීය.

ගුණදාස කපුගේ
උපතඅගෝස්තු 7, 1945(1945-08-07)
මරණයඅප්‍රේල් 3, 2003(2003-04-03) (වයස 57)
මරණයට හේතුවහදිසි අනතුරක්
අනෙකුත් නම්කපුගේ
අධ්‍යාපනයකරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය,
ධර්මාශෝක විද්‍යාලය,
භාත්කණ්ඩේ සගීත ආයතනය, ලක්නව් විශ්වවිද්‍යාලය
වෘත්තියsගායක, ගීත රචක, සංගීතවේදී
Spouseප්‍රේමා කපුගේ
දරුවන්මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ

1996 :

ස්වර්න සන්ක සම්මානය – හොඳම කටහඬ
විශ්ව ප්‍රසදිනී සම්මානය සරසවි සම්මානය – හොඳම කටහඬ

1997 : රස සන්ගීත සම්මානය – හොඳම ගායකයා

ජනාධිපති සම්මානය – හොඳම ඉදිරිපත්කිරීම් ගයකයා
සරසවි සම්මානය – හොඳම කටහඬ
OCIC සම්මානය – නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය

1998 : ජනාධිපති සම්මනය – හොඳම ගායකයා

1999 : සරසවි සම්මානය – ප්‍රසාද පූජා සම්මානය

ඔහු ලංකාවේ ඉතා ඉහල තැනක් දිනූ ඉතා වටිනා කලාකරුවෙකි. ඔහුගේ ගායන විලාසය හා ඔහුගේ ගීත බොහෝ දෙනාගේ සිත්තුල නිදන්ගතවී තිබුනි. 2003/04/03 දින ඔහු අප අතරින් සමුගත්තේය.ඔහුගේ ජීවිතය අප අතර නැතිවුනත් ඔහු ගැයූ ගීත අප සවන් තුල සදා පවතී.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ගුණදාස කපුගේ පිළිබඳ තොරතුරු, ගුණදාස කපුගේ යනු කුමක්ද? ගුණදාස කපුගේ යනු කුමක් දර්ශනය කරන්නේ?