චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ)

චතුර්භූජ් දේවාලය (දේවනගරි: चतुर्भुज मंदिर) යනු විෂ්ණු දෙවියන්ට පුදකළ දෙවොලකි. චතුර්භූජ් (දේවනගරි: चतुर्भुज) යන වදන නිර්මාණය වී ඇත්තේ සංස්කෘත වදන් වන चतु: = සතර සහ भुजा = බාහු යන වදන් සංයුක්ත වීමෙනි. මෙහි සාහිත්‍යමය අර්ථය බාහු සතරක් ඇත්තා යන්න වන අතර එමගින් විෂ්ණු දෙවියන් අදහස් කෙරේ.

චතුර්භූජ් දේවාලය
ඛජුරාහෝවේ චතුර්භූජ් දේවාලය
මූලික තොරතුරු
පිහිටීමඛජුරාහෝ
අනුබැඳියාවහින්දු ආගම
දිස්ත්‍රික්කයඡතර්පූර්
ජනපදයමධ්‍ය ප්‍රදේශ්
රටඉන්දියාව
ගෘහනිර්මාණ විස්තර
නිර්මාපකචන්දේල පාලකයින්

මෙම දේවාලය ක්‍රි.ව. 1100ට පමණ දින නිර්ණය කළ හැක. මෙම දේවාලය එය පිහිටි ජටාකාරි (දේවනගරි: जटकारी) ගම්මානය හේතුවෙන් ජටාකාරි (දේවනගරි:जटकारी) දේවාලය ලෙස ද හඳුන්වයි.

මෙම දේවාලය ඛජුරාහෝවේ ශෘංගාරාත්මක ප්‍රතිමා දක්නට නොලැබෙන එකම‍ දේවාලයයි.

චන්දේල රාජවංශයේ යසෝවර්මන් විසින් මෙම දෙවොල ඛජුරාහෝවේ ඉදිකරන ලදී. මෙම දේවාලයේ විෂ්ණු ප්‍රතිමාවක් තැන්පත් කොට ඇත.:22

පිහිටීම

මෙම දේවාලය පිහිටියේ ඛජුරාහෝවේ ජටාකාරා ගම්මානය අසල ය. මෙම ගම්මානය හේතුවෙන් දේවාලය ජටාකාරි දේවාලය ලෙස ද හඳුන්වයි.

ඛජුරාහෝවේ දකුණුදිග පෙදෙසේ පිහිටි බැවින් මෙම දේවාලය දක්ෂිණ දේවාල සමූහය යටතට වර්ග කොට ඇත.

ගෘහනිර්මාණ ශිල්පය

මෙම දේවාලය සක්මන් මළුවක් නොමැති ගර්භගෘහයක්, අන්තරාලයක්,මණ්ඩපයක් සහ ප්‍රවේශ ද්වාර මණ්ඩපයකින් සමන්විත ය. දෙවොල “චබුතාරා” ආකාරයේ මණ්ඩපයක් මත ගොඩනගා ඇත.

බිත්ති වටා ප්‍රතිමාවලින් යුත් කැටයම් තීරු තුනක් දැකගත හැක. (පිටත බිත්තියේ පින්තූරය බලන්න)

ප්‍රධාන දේව ප්‍රතිමාව

දෙවොලේ ඇති ප්‍රධාන දේව ප්‍රතිමාව අත් සතරක් ඇති විෂ්ණු ප්‍රතිමාවකි. (රූපය බලන්න) එය මීට 2.7ක් උසැති ය. මෙම ප්‍රතිමාව විෂ්ණු දෙවියන්ගේ ප්‍රියතම දිශාව වන දකුණු දිශාවට මුහුණලා ඇති, මෙවැනි ආකාරයේ දකුණට මුහුණලා ඇති සැලසුමක් කාම්බෝජයේ අංකෝර් වට්හි දැකගත හැක.

ගැලරිය

ආශ්‍රේයයන්

  1. "Archaeological Survey of India (ASI) - Chaturbhuj Temple". Archaeological Survey of India (ASI). සම්ප්‍රවේශය 21 March 2012. {{cite web}}: |first= missing |last= (help)
  2. Sen, S.N., 2013, A Textbook of Medieval Indian History, Delhi: Primus Books, ISBN 9789380607344

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ) පිළිබඳ තොරතුරු, චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ) යනු කුමක්ද? චතුර්භූජ් දේවාලය (ඛජුරාහෝ) යනු කුමක් දර්ශනය කරන්නේ?