චමින්ද ජයසූරිය

චමින්ද ජයසූරිය (ඉංග්‍රීසි: Chaminda Jayasuriya) යනු ශ්‍රී ලාංකේය සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකි. ඔහු වඩාත් ප්‍රචලිත වූයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද "ෆාදර්" (2026) සිනමා නිර්මාණය හරහාය.

චමින්ද ජයසූරිය
උපතසැප්තැම්බර් 25, 1974 (1974-09-25) (වයස 51)
කුරුණෑගල, ශ්‍රී ලංකාව
අධ්‍යාපනයධර්මරාජ විද්‍යාලය, මහනුවර
වෘත්තියsචිත්‍රපට අධ්‍යක්ෂක, නළුවෙකු, ක්‍රියාකාරිකයෙකු
සංගණ්‍ය වන්නේෆාදර් (අධ්‍යක්ෂණයේ මංගල දර්ශනය)

මුල් අවධිය සහ අධ්‍යාපනය

1974 සැප්තැම්බර් 25 වන දින කුරුණෑගල දී උපත ලැබූ චමින්ද ජයසූරිය, සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.

වෘත්තීය සහ දේශපාලන ජීවිතය

චමින්ද ජයසූරිය කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූයේ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසිනි. ඔහු රංගනයෙන් දායක වූ "ජුලියස් සීසර්" වේදිකා නාට්‍යය විචාරක සම්භාවනාවට මෙන්ම සම්මානයට ද පාත්‍ර වූ සුවිශේෂී නිර්මාණයකි. පසුව ඔහු රූපවාහිනී ටෙලි නාට්‍ය රංගනයට ද එක් විය.

කලාකරුවෙකුට අමතරව ඔහු මෙරට සමාජ, සංස්කෘතික සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි සක්‍රීයව මැදිහත් වන ක්‍රියාධරයෙකු ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරයි.

ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන්නේ "ෆාදර්" (Father) සිනමාපටයයි. 1970-90 දශකවල ශ්‍රී ලංකාවේ සිදු වූ සැබෑ සිදුවීම් සහ භීෂණ සමයේ අත්දැකීම් මෙම නිර්මාණයට පදනම් වී ඇත.

නිර්මාණාවලිය

වේදිකා නාට්‍ය

  • ජුලියස් සීසර්

සිනමා නිර්මාණ

වර්ෂය චිත්‍රපටය කාර්යභාරය සටහන්
2026 ෆාදර් අධ්‍යක්ෂණය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය

මූලාශ්‍ර

  1. "Chaminda Jayasuriya's 'Father' based on true events". Lanka News Web. සම්ප්‍රවේශය December 19, 2025.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, චමින්ද ජයසූරිය පිළිබඳ තොරතුරු, චමින්ද ජයසූරිය යනු කුමක්ද? චමින්ද ජයසූරිය යනු කුමක් දර්ශනය කරන්නේ?