ජ්වාලාමාලිනී (සංස්කෘත: ज्वालामालिनी,කන්නඩ: ಜ್ವಾಲಾಮಾಲಿನೀ) යනුවෙන් හැඳින්වෙන්නේ ජෛන ආගමේ අටවන තීර්ථංකර ශ්‍රී භග්වාන් චන්ද්‍රප්‍රභූගේ යක්ෂණිය (ආරක්ෂක ආත්මය) යි. ඇය මුල්කාලීන මධ්‍යතන යුගයේ කර්ණාටකයේ වඩාත්ම පුළුල් ලෙස වන්දනාවට ලක්වූ යක්ෂණියන් අතුරින් අයෙකි.
| ජ්වාලාමාලිනී | |
|---|---|
ශ්‍රවණබෙල්ගෝලාවේ ජ්වාලාමාලිනී | |
| අනුබැඳිය | දේවි |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | විජය හෝ ශ්‍යාම |
නිරුක්තිය සහ සම්භවය
ජ්වාලා යනු ගිනි ජාලාව යන්නයි. මාලිනී යනු මාලය දරාසිටින්නිය යන්නයි. විවිධ පුරාණ ග්‍රන්ථ තුළ ඇය දක්නට ලැබෙන අතර වායු පුරාණයේ ඇය ශිව සමගත්, බ්‍රහ්මාණ්ඩ පුරාණයේ සහ මත්ස්‍ය පුරාණයේ ඇය ශක්ති දෙවඟන සමගත් සම්බන්ධව දක්වා ඇත.
ජෛන පුරාණෝක්තිවේදය තුළ
ජෛන සාහිත්‍යය තුළ ඇයව වහ්නි දේවී හෙවත් අග්නි දේවතාවිය ලෙස සලකා ඇත. ඇගේ ප්‍රතිමා ස්වරූපවල ඇගේ හිසෙන් පැනනගින ගිනි දලු දක්වා ඇත. ඇය ගිනි දළුවලින් හිස සරසා සිටිනු විස්තර කෙරේ.
ජ්වාලාමාලිනී වන්දනය
මෙම දේවතාවිය තන්ත්‍රික අනුබැඳියා පවතියි. සාහිත්‍යය අනුව ජ්වාලිනී කල්ප ලෙස ඇයව වන්දනය ආරම්භ කළේ ද්‍රවිඩ ගණ නම් නිකායේ ජෛන තන්ත්‍රික ආචාර්යවරයකු විසිනි. පුරාවෘත්තයේ සඳහන් වන්නේ මෙම දේවතාවිය විසින්ම තමන් පිළිබඳ තොරතුරු ගොනුකරන ලෙස හෙලාචාර්යට පැවසූ බවකි. අභිලේඛන අනුව එකල ඇය වෙනුවෙන් චාරිත්‍ර රැසක් ඉටුකෙරුණු බැව් පෙනේ.
දේවාලය
සියලුම ජෛනයන් සඳහා පූජනීය ස්ථානයක් වන ඇය වෙනුවෙන් කැපකළ ජ්වාලාමාලිනී දේවාලය පිහිටියේ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ චික්මගලූර් දිස්ත්‍රික්කයේ නරසිංහරාජපුර ප්‍රදේශයේ ය.
හෙලාචාර්ය විසින් සිය ක්‍රමය තේරුම් කරදුන් මලය හේමග්‍රාම ප්‍රදේශය වර්තමාන කර්ණාටක ප්‍රාන්තයේ මයිසූර් දිස්ත්‍රික්කයේ චම්රාජ්නගර් තලුක්හි මලෙයූර් යැයි විශ්වාස කෙරේ. ක්‍රි.ව. 909ට අයත් අභිලෙඛනයක් අනුව මෙම ප්‍රදේශය ද ජෛනයන්ට පූජනීය ස්ථානයකි. මෙම අභිලේඛනයෙහි ජෛන දේවාලයකට කළ ප්‍රදානයන් පිළිබඳව ද සඳහන් වේ.
මේවාත් බලන්න
- ජ්වාලාමාලිනී දේවාලය
උද්ධෘත සහ ආශ්‍රේයයන්
- Singh, Nagendra (2001). Encyclopaedia of Jainism, Volume 1. Anmol Publications PVT. LTD. pp. 8330 pages. ISBN 9788126106912.
- Jain Tirthas, http://www.jainteerth.com/teerth/Simhangadde.asp, ප්‍රතිෂ්ඨාපනය 2017-10-06
සැකිල්ල:Jainism Topics
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජ්වාලාමාලිනී පිළිබඳ තොරතුරු, ජ්වාලාමාලිනී යනු කුමක්ද? ජ්වාලාමාලිනී යනු කුමක් දර්ශනය කරන්නේ?