ජාතික රාජ්‍ය යනු, නිශ්චිත දේශසීමාවක් තුළ විසූ, එක ම බසක් තෙපළූ, එක ම සංස්කෘතියකට අයත් ගෝත්‍ර කිහිපයක් ඇතැම් රජවරුන්ගේ පුරෝගාමීත්‍වයෙන් එක්සත් කිරීම තුළින් බිහිකරගත් රාජ්‍යයන් වේ.
වැඩවසම් යුගයේ එක් එක් ප්‍රාදේශීය පාලකයන් යටතේ බලය විකේන්‍ද්‍රව පැවැතිණි. එනිසා තමා ජීවත්වන ප්‍රදේශයේ හෝ නගරයේ වැසියන් ලෙස සිතූ මිස එකමුතු ජාතියක් ලෙස හැඟීමක් නොවිණි. එනමුදු දොළොස්වන සියවසේ පමණ සිට විවිධ ක්‍ෂේත්‍රවල ඇතිවූ වෙනස්කම්වලට අනුරූපව දේශපාලන ක්‍ෂේත්‍රයේ වූ පෙරළිය ජාතික රාජ්‍ය හෙවත් නව රාජාණ්ඩු ක්‍රමය යි. ඒ අනුව, පෙර තිබූ විවාහ සම්බන්ධතා, යුඬ, උරුමය ආදී නොයෙකුත් උපක්‍රම අනුගමනය කරමින් එක් පාලකයෙකු යටතේ එක්සත් කිරීමේ ක්‍රියාවලියක් දක්නට ලැබිණි.
ලක්‍ෂණ
- රජු වෙත බලය සංකේන්‍ද්‍රනයවී පැවතීම.
- රජවරුන්ගේ උපදේශකයන් හා රාජ්‍ය සේවකයන් සම්බන්‍ධයෙන් ඇතිවූ වර්ධනය.
- නව සමාජ පන්ති බිහිවීම.
- රජුට ස්ථිර යුද්ධ හමුදාවක් සිටීම.
- ක්‍රිස්තු සභාවේ ආධිපත්‍යය බිඳවැටීම.
- ස්වයංපෝෂිත භාවය ඇතිවීම.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජාතික රාජ්‍ය පිළිබඳ තොරතුරු, ජාතික රාජ්‍ය යනු කුමක්ද? ජාතික රාජ්‍ය යනු කුමක් දර්ශනය කරන්නේ?