ජී. ආර්. පෙරේරා

ගල්හේනගේ රත්නපාල පෙරේරා (උපත 1939 නොවැම්බර් 13 - 2023 මැයි 01), හෙවත් ජී. ආර්. පෙරේරා යනු ශ්‍රී ලංකා සිංහල සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ නළුවෙකි. ඔහු දශක පහකට අධික කාලයක් වෘත්තීය ජීවිතයක් ගත කරමින් රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත.

ජී.ආර්. පෙරේරා
Born
ගල්හේනගේ රත්නපාල පෙරේරා

නොවැම්බර් 13, 1939 (1939-11-13) (වයස 86)
Died1 මැයි 2023 (වයස 83)
Educationකොටහේන කුමර විද්‍යාලය, කොළඹ 13
Occupationනළුවා
Years active1961–2023
Children3

පෞද්ගලික ජීවිතය

රත්නපාල පෙරේරා 1939 නොවැම්බර් 13 වැනිදා කිරුළපනේදී පවුලේ වැඩිමලා ලෙස උපත ලැබීය. පවුල ඉක්මනින්ම බොරලැස්ගමුව එගොඩවත්තට පදිංචියට ගියා. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සහ එක් බාල සහෝදරියක් සිටී. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙක් සහ සූදුවට ඇබ්බැහි වූවෙකි. ඔහුගේ මව ගුරුවරියක් විය. ඔහු අධ්‍යාපනය ලැබුවේ රත්තනපිටිය ආනන්ද විද්‍යාලයෙන් සහ කොළඹ 13, කොටහේන කුමර විද්‍යාලයෙනි.

ඔහුගේ බිරිඳ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකි. මෙම යුවළට දියණියන් දෙදෙනෙකු සහ එක් පුතෙකු සිටී. ඔහුගේ බාල දියණිය වන යමුනා එරන්දතී ටෙලිනාට්‍ය නිළියක් වන අතර තොරතුරු තාක්ෂණය පිළිබඳ ගෞරව උපාධිධාරිනියකි.

වෘත්තීය ජීවිතය

ඔහුව රංගනයට හඳුන්වා දුන්නේ ඔහුගේ සමීප මිතුරෙකු මෙන්ම කීර්තිමත් නාට්‍යකරුවෙකු වූ තිස්ස අබේසේකර විසිනි. අබේසේකර පෙරේරා සහ ප්‍රේම රංජිත් තිලකරත්න, ධර්මසිරි වික්‍රමරත්න, වික්‍රම බෝගොඩ සමඟ එක්ව නාට්‍යවේදී සුගතපාල ද සිල්වා ප්‍රමුඛ “අපේ කට්ටිය” නමින් නාට්‍ය කණ්ඩායමක් පිහිටුවන ලදී. ඔවුන් එකතු වී ‘‘බෝඩිං කරයෝ’’ වේදිකා නාට්‍යයේ රඟපෑවේය. එම නාට්‍යය 1961 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර විය. 1962 දී ධර්මසිරි වික්‍රමරත්න අධ්‍යක්ෂණය කළ ‘‘රන්තෝඩු’’ වේදිකා නාට්‍යයේ සුළු චරිතයක් රඟපෑවේය. 1963 දී ඔහු ප්‍රේමරංජිත් තිලකරත්නගේ කුළුඳුල් නාට්‍ය වන ‘‘වගුරු බිම’’ හි රඟපෑවේය. ඔහු වේදිකා නාට්‍ය හතක රඟපා ඇත.

ඔහු සිනමා ජීවිතය ආරම්භ කළේ 1971 දී ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කරන ලද වැලිකතර චිත්‍රපටයෙන් සුළු භූමිකාවක් සමඟය. ඔහුගේ පළමු ප්‍රධාන චරිතය පැමිණියේ ඔහුගේ වෘත්තීය ජීවිතයේ දෙවන චිත්‍රපටය වන මැණික් සඳරසාගර විසින් අධ්‍යක්ෂණය කරන ලද කළු දිය දහර චිත්‍රපටියෙනි. ඔහුගේ මංගල රූපවාහිනී රංගනය පැමිණියේ තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘‘තුන්කල් සිහිනය’’ කතාමාලාවෙන්. "දූ දරුවෝ" කතා මාලාවේ "මලකඩ බාස්" චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විය. ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට රංගනයෙන් දායක වී ඇත.


ටෙලිනාට්‍යය

  • අලුත් ගෙදර
  • අහිමි
  • අඹු දරුවෝ
  • ඉතින් ඊට පස්සේ
  • ඉසුරුගිරි තරණය
  • උරුමක්කාරයෝ
  • උරුමයක අරගලය
  • කටු ඉඹුල
  • කලුවර ගෙදර
  • ගඟ අද්දර කැලේ
  • ගිරිකුල
  • දොලොස්මහේ ගංඟාව
  • දිය සුළිය
  • දූ දරුවෝ
  • නුවන්ගනා
  • පිටගම්කාරයෝ
  • පිනි
  • පැහැසරා
  • බොඳ මීදුම්
  • බෝගල සවුන්දිරිස්
  • මානික්කාවත
  • රන්බැදි මිනිස්සු
  • ස්වයංජාත
  • සත්රල පෙළ
  • සඳ පිනි බිඳක
  • සිහින ගෙනෙන කුමාරියේ
  • සුදු සමනලියක්

වේදිකා නාට්‍යය

  • බෝඩින්කාරයෝ
  • රන් තෝඩූ

සම්මාන

1980 දී ඔහු "කරුමක්කාරයෝ" චිත්‍රපටයේ චරිතය වෙනුවෙන් විචාරක සම්මානයක් දිනා ගත්තේය. 2007 දී ඔහු "චක්‍රායුදය" ටෙලි නාට්‍යයේ චරිතය වෙනුවෙන් හොඳම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. රයිගම් ටෙලීස් හි වැඩිම ටෙලිනාට්‍ය සංඛ්‍යාවක රඟපෑම සඳහා ඔහු සම්මානයට පාත්‍ර විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජී. ආර්. පෙරේරා පිළිබඳ තොරතුරු, ජී. ආර්. පෙරේරා යනු කුමක්ද? ජී. ආර්. පෙරේරා යනු කුමක් දර්ශනය කරන්නේ?