ජෙරුසෙලෙමෙහි දේවමාළිගය

ජෙරුසෙලෙමෙහි දේවමාළිගය හෝ ශුද්ධවූ දේවමාළිගය (හීබෲ: בֵּית־הַמִּקְדָּשׁ‎‎, නූතන: බෙයිට් හාමික්ඩාෂ්, ටයිබේරියානු: බෙයිට් හාමික්ඩාෂ්, අෂ්කනිෂි: බේස් හාමික්ඩොෂ්; ගේස්: ቤተ መቅደስ?: බේට මැක්ඩස්) යනු, දැනට පර්වතයෙහි ගෝලාර්ධය සහ අල්-අක්සා මුස්ලිම් දේවස්ථානය පිහිටා ඇති අඩවිය වන ජෙරුසෙලෙම පැරණි නගරයෙහි දේවමාළිගා කන්දෙහි පිහිටා තිබූ ගොඩනැගිලි මාලාව අතුරින් ඕනෑම එකකි.

ශබ්ද නිරුක්තිය

ගොඩනැගිලි සංකීර්ණය සඳහා හෙබ්‍රෙව් බයිබලයෙහි දක්වා ඇති හෙබ්‍රෙව් නම වන්නේ බෙයිට් යාවේ ( යාවේගේ හෝ යෙහෝවාගේ ගෘහය), බෙයිට් හාඑලොහිම් "දෙවියන්ගේ ගෘහය," හෝ සරල වශයෙන් බෙයිටි "මගේ ගෘහය", බෙයිටෙකාහ් "ඔබගේ ගෘහය" යනාදි ලෙසිනි. හෙකාල් "ශාලාව" හෝ ප්‍රධාන ගොඩනැගිල්ල යන පදය, පැරණි ඉංග්‍රීසි බයිබලයන්හී බොහෝ විට පරිවර්තනය කෙරුණේ "දේවමාළිගය" ලෙසිනි. රබිනික සාහිත්‍යයෙහි දේවමාළිගය හැඳින්වෙන්නේ බෙයිට් හාමික්ඩාෂ්, "පවිත්‍ර කෙරුණු ගෘහය" ලෙසින් වන අතර, ජෙරුසෙලෙමෙහි දේවමාළිගය පමණක් එම නමින් ව්‍යවහාර වෙයි.

පළමුවන දේවමාළිගය

හෙබ්‍රෙව් බයිබලය පවසන්නේ පළමුවන දේවමාළිගය තැනුණේ ක්‍රියුපෙ 957 දී සොලොමන් රජ විසින් බවයි.

දෙවන දේවමාළිගය

එස්රාගේ පොත පරිදී, දෙවන දේවමාළිගයෙහි ගොඩනැගීම් කටයුතු පිළිබඳ අධිකාරිත්වය ප්‍රකාශ කරන ලද්දේ මහා සයිරස් රජ විසින් වන අතර, එය ක්‍රියුපෙ 538 වසරෙහිදී ඇරඹුනේ, බැබිලෝනියානු අධිරාජ්‍යය එයට වසරක් පෙරදී බිඳවැටීමත් හා සමගය.

මෑත ඉතිහාසය

සමස්ත ජෙරුසෙලෙම පැරණි නගරය හා සමගින් දේවමාළිගා කන්ද ද, 1967 දින හයේ යුද්ධය තුලදී ජෝර්දානය වෙතින් ඊශ්‍රායෙලය විසින් අල්ලා ගන්නා ලද පසු, මෙම ශුද්ධවූ ස්ථානයෙහි යළි යාච්ඤා කිරීමට යුදෙව්වන්ට අවස්ථාව සැලසිණි.

පිහිටීම

දේවමාළිගය පිහිටියේ කුමන ස්ථානයෙහිද යන වග පිළිබඳව සිද්ධාන්ත සතරක් පවතියි; පර්වතයෙහි ගෝලාර්ධය දැනට පවතින ස්ථානයෙහි, පර්වතයෙහි ගෝලාර්ධයට උතුරු පසට වන්නට (මහාචාර්ය ඇෂර් කෝෆ්මන්), පර්වතයෙහි ගෝලාර්ධයට නැගෙනහිර පසට වන්නට (හෙබ්‍රේව් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්යය ජෝසප් පැට්රිච්) සහ දේවමාළිගා කන්දට දකුණු පසට වන්නට ඕෆ්ල් කන්දෙහි යනුවෙනි.

භෞතික සැලසුම

සොලොමන්ගේ දේවමාළිගය හෝ පළමුවන දේවමාළිගය, ප්‍රධාන අංග තුනකින් සමන්විත විය:

  • ජනයා විසින් වන්දනාව සඳහා රැස්වූ, මහා හෝ පිටස්තර අංගනය (Jeremiah 19:14; 26:2Template:Bibleverse with invalid book);
  • ඇතුළත අංගනය (1 Kings 6:36Template:Bibleverse with invalid book) හෝ පූජකයන්ගේ අංගනය (2 Chr. 4:9Template:Bibleverse with invalid book);

සහ

  • 2 Chr. 3:5Template:Bibleverse with invalid book හිදී "මහා ගෘහය" යනුවෙන් හැඳින්වුනු සහ 1 Kings 6:17Template:Bibleverse with invalid book හිදී "දේවමාළිගය" ලෙසින් හැඳින්වුනු, වඩා විශාල හෙකාල් හෝ, ශුද්ධවූ ස්ථානය, සහ
  • ශුද්ධත්වයන්ගෙන් ශුද්ධත්වය හෝ කොඩේෂ් හකොඩිෂීම් ලෙසින් හැඳින්වුනු වඩාත් කුඩා "ඇතුළාන්ත ගර්භය" වෙතින් සමන්විත වූ දේවමාළිගා ගොඩනැගිල්ල යනුවෙනි.

දේවමාළිගා තේවාවන්

දිනපතා උදෑසන සහ සවස පිදුම් සහ සබත් සහ යුදෙව් නිවාඩු දිනයන් තුලදී විශේෂ පිදුම් ඇතුළු, හෙබ්‍රෙව් බයිබලයෙහි විස්තර කර ඇති පිදුම් සිදු කෙරුණු ස්ථානය මෙම දේවමාළිගය විය.

ආශ්‍රිත

  1. නිව් ඇමරිකන් හෙරිටේජ් ශබ්දකෝෂය, නිවේශිතය: 'ටෙම්පල්'
  2. වර්ල්ඩ් ජුවිෂ් ඩයිජස්ට්, අප්‍රේල් 2007 තුල ලිපිය බලන්න

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ජෙරුසෙලෙමෙහි දේවමාළිගය පිළිබඳ තොරතුරු, ජෙරුසෙලෙමෙහි දේවමාළිගය යනු කුමක්ද? ජෙරුසෙලෙමෙහි දේවමාළිගය යනු කුමක් දර්ශනය කරන්නේ?