| මෙම ලිපිය බුදු දහම හා සබැඳි ලිපි පෙළකට අයත් වේ |
| බුදුරජාණන් වහන්සේ |
| මූලික සංකල්ප |
| බුදු දහමේ ඉතිහාසය |
| ප්‍රකට බෞද්ධයින් |
| බුදු දහම, කලාපය අනුව |
| |
ත්‍රිපිටක යනු පැරණි බෞද්ධ පූජනීය ලියවිලි එකතු කිරීම් සඳහා වන සම්ප්‍රදායික යෙදුමයි. ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධම්ම පිටකය ලෙස සාමූහිකව සමන්විත වන ප්‍රධාන පෙළ වර්ග තුනකින් සමන්විත වේ.
අග්නිදිග ආසියාවේ ථෙරවාදී සම්ප්‍රදායෙන් පවත්වාගෙන යන පාලි ත්‍රිපිටකය, නැගෙනහිර ආසියාතික බෞද්ධ සම්ප්‍රදාය විසින් පවත්වාගෙන යන චීන ත්‍රිපිටකය සහ ටිබෙට් බෞද්ධ සම්ප්‍රදාය මගින් පවත්වාගෙන යන ටිබෙට් බෞද්ධ ත්‍රිපිටකය සමකාලීන බෞද්ධ ලෝකයේ වැදගත්ම ත්‍රිපිටකයන් වේ.
ත්‍රිපිටකය යනු බොහෝ සම්ප්‍රදායන් තුළ එකතු කිරීම් සඳහා භාවිතා කරන යෙදුමක් බවට පත්ව ඇත, නමුත් ඒවායේ සාමාන්‍ය බෙදීම් සෑම විටම පිඨක තුනකටම පමණක් සීමා නොවේ.
පුරාතන ත්‍රිපිටක
සෑම මුල් බෞද්ධ නිකායකම ත්‍රිපිටකයේ එවාටම ආවේනික අනුවාද තිබි ඇත. ඇතැම් මුලාශ්‍රයන්ට අනුව, පිඨක පහක් හෝ හතක් තිබූ ඇතැම් ඉන්දියානු බෞද්ධ සම්ප්‍රදායන් ඇත. 8වන සියවසේ ඉන්දියාවට පැමිණි චීන වන්දනාකරුවෙකු වූ යිජිංට අනුව, නිකායේ බෞද්ධ සම්ප්‍රදායන් විසින් අසමානතා සහිත ත්‍රිපිටක ග්‍රන්ථවල විවිධ කට්ටල තබා ගත්හ. යිජිං මහායාන නොවන පාසල් අතර තිබූ ප්‍රධාන ත්‍රිපිටක හතරක් සටහන් කරයි:
- මහාසාංඝික ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
- සර්වාස්තිවාද ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
- ස්ථවිර ත්‍රිපිටකය (300,000 ශ්ලෝක ප්‍රමාණයක්)
- සංමිතීය ත්‍රිපිටකය (200,000 ශ්ලෝක ප්‍රමාණයක්)
යිජිං සටහන් කරන්නේ උප ගුරුකුළ සහ නිකායන් රාශියක් තිබුණද, උප නිකායන් ඔවුන්ගේ මව් සම්ප්‍රදායේ එන ත්‍රිපිටකයන් බෙදා ගත් බවයි (ඔහු එය හැඳින්වූයේ "අඛණ්ඩ සම්ප්‍රදායේ ප්‍රධාන පාසල් හතර" හෝ "ආර්ය" සම්ප්‍රදායන් ලෙසිනි). කෙසේ වෙතත්, විවිධ බෞද්ධ උප නිකායන්ට ඒවාටම ආවේණික වූ වෙනත් ත්‍රිපිටක නොතිබූ බව මින් අදහස් නොවේ. සුවන්සෑන්ග් විසින් ඉහත සඳහන් කළ ගුරුකුළ මෙන්ම ධර්මගුප්තක, කාශ්‍යපීය සහ මහීශාසක වැනි විවිධ සම්ප්‍රදායන් හතක ත්‍රිපිඨක චීනයට ගෙන ආ බව කියනු ලැබේ.
ඒ. කේ. වාඩර් ට අනුව, ටිබෙට් ඉතිහාසඥ බු-ස්ටන් පවසා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1 වැනි සියවසට පමණ පෙර බුදු ධහමේ නිකායන් දහඅටක් තිබූ බවත්, ඒවායටම අනූන වූ ත්‍රිපිටක ලිඛිතව තිබූ බවත් ය. කෙසේ වෙතත්, සම්පූර්ණයෙන් ඉතිරි වී ඇති එක් අනුවාදයක් හැරුණු විට සහ අනෙකුත් එවායේ කොටස් ඉතිරිව ඇති අතර, මෙම සියලුම පාඨ ඉතිහාසයට අහිමි වී හෝ තවමත් සොයා ගැනීමට නොහැකි වී ඇත.
පාලි ත්‍රිපිටකය
පාලි ත්‍රිපිටකය යනු, ථේරවාද සම්ප්‍රදාය විසින් පාලි භාෂාවෙන් රචනා කොට සංරක්ෂණය කරනු ලැබ ඇති සම්පූර්ණ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවයි.
ත්‍රිපිටකයේ කාල නිර්ණය අපැහැදිලිය. මැක්ස් මුලර් ප්‍රකාශ කරන පරිදි, පාලි ත්‍රිපිටකයේ වර්තමාන ව්‍යුහය සහ අන්තර්ගතය ක්‍රි.පූ. 3 වන සියවසේදී හැඩගැසුණු අතර, ඉන් අනතුරුව එය පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාගතව පැවතුණි. අවසානයේ (බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 500 කට පමණ පසුව) ක්‍රි.පූ. 1 වන සියවසේදී එය ග්‍රන්ථාරූඪ කරන ලදී.
දීපවංශය නම් ථේරවාද වංශකථාවේ සඳහන් වන පරිදි, අනුරාධපුරයේ වළගම්බා රජුගේ (ක්‍රි.පූ. 29-17) රාජ්‍ය සමයේදී, සාගත සහ යුධ තර්ජන හේතුවෙන්, මීට පෙර ත්‍රිපිටකය සහ එහි අටුවා මුඛ පරම්පරාගතව මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා විසින් ඒවා ග්‍රන්ථාරූඪ කරන ලදී. මහා වංශයේද මෙම කාලයේදී ත්‍රිපිටකය සහ අටුවා ග්‍රන්ථාරූඪ කිරීම පිළිබඳව කෙටියෙන් සඳහන් වේ. ශ්‍රී ලාංකික මූලාශ්‍රවලට අනුව, රහත් භාවයට පත් වූ භික්ෂූන් වහන්සේලා 1000 කට අධික සංඛ්‍යාවක් මෙම කාර්යයට සම්බන්ධ වී ඇත. මෙම ව්‍යාපෘතිය සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ, මාතලේ, අළුවිහාරයේදී ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ග්‍රන්ථ, පසුකාලීනව පැමිණි පුරාණ විද්වතුන් විසින් චීන, ටිබෙට් සහ මොන්ගෝලියානු වැනි නැගෙනහිර ආසියානු භාෂා ගණනාවකට අර්ධ වශයෙන් පරිවර්තනය කරන ලදී. කෙසේ වෙතත්, එම පරිවර්තන විස්තීර්ණ වුවද අසම්පූර්ණ වේ.
සෑම බෞද්ධ උප-සම්ප්‍රදායකටම ඔවුන්ගේ ආරාම සඳහා, ඔවුන්ගේ සංඝයා විසින් රචනා කරන ලද, ඔවුන්ටම ආවේණික ත්‍රිපිටකයක් පැවතුණි. එක් එක් ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පොත් 32 කින් සමන්විත වූ අතර, එය කොටස් තුනකින් හෝ ඉගැන්වීම් ඇතුළත් පිටක තුනකින් යුක්ත විය: එනම් විනය පිටකය (විනය ඇතුළත් පිටකය), සූත්‍ර පිටකය (දේශනා ඇතුළත් පිටකය), සහ අභිධර්ම පිටකය (විශේෂ [හෝ ගැඹුරු] ධර්ම ඇතුළත් පිටකය) වේ. විශේෂයෙන්ම විනය පිටකයේ ඇති ව්‍යුහය, ආචාර ධර්ම පද්ධතිය සහ සදාචාරාත්මක ගුණාංග, හින්දු ආගමේ ඉතිරිව ඇති ඇතැම් ධර්මසූත්‍ර ග්‍රන්ථ සමඟ සමානකම් දක්වයි.
ඉතිරිව ඇති ත්‍රිපිටක සාහිත්‍යයෙන් වැඩි කොටසක් පාලි භාෂාවෙන් පවතින අතර, සමහරක් සංස්කෘත මෙන්ම අනෙකුත් දේශීය ආසියානු භාෂාවලින් ද දක්නට ලැබේ. නැගෙනහිර ආසියාවේ සහ ටිබෙටයේ මෙන් මහායාන නිකායන් ථේරවාද සම්ප්‍රදාය තුළ බලවත් නොවූ බැවින්, පාලි ත්‍රිපිටකයෙහි මහායාන සූත්‍ර සහ තන්ත්‍ර අඩංගු නොවේ. එබැවින්, ථේරවාද සම්ප්‍රදාය තුළ ප්‍රධාන මහායාන, හීනයාන හෝ ප්‍රත්‍යකබුද්ධයාන නිකායන් දක්නට නොලැබේ. ථේරවාද සම්ප්‍රදායේ පවතින තාන්ත්‍රික ඉගැන්වීම් සහිත නිකායන්, අදාළ තාන්ත්‍රික ග්‍රන්ථ භාවිතා කරන්නේ ත්‍රිපිටක සංග්‍රහයේ කොටසක් ලෙස නොව, ස්වාධීනවය.
කර්තෘත්වය
ත්‍රිපිටකයේ විවිධ කොටස්වල කර්තෘත්වය විවිධ වේ.
- බුද්ධ භාෂිත - ත්‍රිපිටකයේ බොහෝ අන්තර්ගත බුද්ධ භාෂිත යැයි විශ්වාස කෙරේ.
- ශ්‍රාවක භාෂිත.
- කර්තෘත්වය නොදන්නා.
විනය පිටකය
භික්ෂු භික්ෂුණියන්ගේ අධ්‍යාත්මික දියුණුවට උපකාරීවීම සඳහා බුදුරජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ සමඟිය සඳහා සම්මුති පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ.
විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි.
- උභතෝ විභංග
- බන්ධක
- පරිවාර
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ
සූත්‍ර පිටකය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදේ.
දීඝ නිකාය
මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද දීඝ නිකායේය. මෙහි ඇතුලත් වනුයේ ඉතා දීඝ්‍ර සූත්‍රය. මෙහි කොටස් තුනකි . එනම්
- සීලක්ඛන්ධ වග්ග
- මහාවග්ග
- පාටික වග්ග
මජ්ඣිම නිකාය
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
සංයුක්ත නිකාය
මෙහි කෙටි සූත්‍ර දහස් ගනනක් ධර්‍ම සංකල්ප අනුව වර්ග 56ක් තුල අඩංගුය. එහි
- සගාථ වග්ග
- නිධාන වග්ග
- ඛන්ධ වග්ග
- සළායතන වග්ග
- මහා වග්ග
යනුවෙන් ප්‍රධාන වර්‍ග 5 කි.
අංගුත්තර නිකාය
අංක අනුව ධර්ම කරුණු ගොනු කිරීමෙන් මෙය නිපාත 11 කට බෙදා ඇත.
ඛුද්දක නිකාය
මෙම නිකායට ධම්මපදය, සුත්ථනිපාත, උදාන, ථෙරගාථා අභිධර්ම ග්‍රන්ථයන්ගේ මුල් ස්වරූපයට අයත් නෙත්තිප්පකරනය හා පිටකෝපදේසයද, අටුවා ග්‍රන්ථයන්ගේ මූළික ස්වරූපය වූ ජාතකපාලියද, ටීකා ස්වරූපයෙන් යුත් නිද්දේසද, විසුද්ධිමග්ග ආදියට ගුරුවූ පටිසම්භිදාමග්ගපකරණයද ආදී ග්‍රන්ථ 15 ක් අයත් වේ.
අභිධම්ම පිටකය
එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි.
සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ.
- ධම්මසංගණිප්පකරණය
- විභංගප්පකරණය
- කථාවත්ථුප්පකරණය
- පුද්ගලපඤ්ඤත්තිප්පකරණය
- ධාතුකථාප්පකරණය
- යමකප්පකරණය
- පට්ඨානප්පකරණය
චීන ත්‍රිපිටකය
චීන බෞද්ධ ත්‍රිපිටකය යනු නැගෙනහිර ආසියානු බෞද්ධ සම්ප්‍රදාය විසින් පවත්වාගෙන එනු ලබන ත්‍රිපිටක සංග්‍රහයයි. මෙම ධර්ම සංග්‍රහයෙහි, සංස්කෘත සහ ගාන්ධාරී ප්‍රාකෘත වැනි විවිධ ඉන්දියානු භාෂාවලින්, සම්ප්‍රදායික සාහිත්‍යමය චීන භාෂාවේ ස්වරූපයක් වන බෞද්ධ චීන භාෂාවට පරිවර්තනය කරන ලද ග්‍රන්ථ අඩංගු වේ. මෙම ධර්ම සංග්‍රහය සඳහා වන සම්ප්‍රදායික යෙදුම "ධර්ම ග්‍රන්ථයන්ගේ මහා සංග්‍රහය" යන්නයි (සම්ප්‍රදායික චීන: 大藏經; සරල චීන: 大藏经; පින්යින්: Dàzàngjīng; ජපන්: 大蔵経; රෝමජි: Daizōkyō; කොරියානු: 대장경; රෝමජා: Daejanggyeong; වියට්නාම: Đại tạng kinh).
වූ සහ චියා ප්‍රකාශ කරන පරිදි, අවිනිශ්චිත වුවද, මෑතකදී මතුවන සාක්ෂිවලින් පෙනී යන්නේ, මුල්ම ලිඛිත බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ ක්‍රි.පූ. 1 වන සියවස වන විට ඉන්දියාවේ සිට චීනයට ලැබෙන්නට ඇති බවයි. බෞද්ධ ග්‍රන්ථ පිළිබඳ පැරණි ග්‍රන්ථ නාමාවලීන්ගේ ව්‍යුහය පදනම් කරගනිමින්, ක්‍රි.ව. 6 වන සියවසේදී සංවිධානාත්මක බෞද්ධ ග්‍රන්ථ එකතුවක් නිර්මාණය වීමට පටන් ගත්තේය. කෙසේ වෙතත්, ත්‍රිපිටකයට ස්ථාවර ව්‍යුහයක් ලබා දුන්නේ 730 දී ෂිෂෙන්ග් (Zhisheng) විසින් සම්පාදිත 'කයියුආන් යුගයේ නාමාවලිය' (Kaiyuan Era Catalogue) මගිනි. ෂිෂෙන්ග් විසින් මහායාන සහ හීනයාන ලෙස වර්ගීකරණය කරන ලද සූත්‍ර, විනය, සහ අභිධර්ම ග්‍රන්ථ කාණ්ඩ දෙකක් සහිත මූලික සය වැදෑරුම් බෙදීමක් හඳුන්වා දෙන ලදී. ක්‍රි.ව. 845 හි හිංසා පීඩාවලින් පසුව ත්‍රිපිටකය නැවත ගොඩනැගීම සඳහා ෂිෂෙන්ග්ගේ නාමාවලිය භාවිතා කළ හෙයින්, එය තීරණාත්මක වූ බව පෙනේ. එපමණක් නොව, එය "චීන ත්‍රිපිටකයේ නිසි ස්වරූපයක් සඳහා වූ වසර හාරසියයක සමස්ත සංවර්ධනයේ පරිපූර්ණ සංශ්ලේෂණයක්" ලෙසද සලකනු ලැබිණි.
චීන ත්‍රිපිටකයේ වඩාත් ප්‍රකටව සුරැකී ඇති සංස්කරණයන්ගෙන් එකක් වන්නේ, ත්‍රිපිටක කොරියානා හි ලී කැටයම් මුද්‍රණ සංස්කරණයයි. මෙම ලී කැටයම්, නූතන විද්වත් අධ්‍යයනයන් සඳහා වඩාත් පුළුල් ලෙස භාවිතා වන සහ ඩිජිටල්කරණය කරන ලද සංස්කරණය වන, ජපානයේ නූතන තායිෂෝ ත්‍රිපිටකය (Taishō Tripiṭaka) සඳහා පදනම විය. තායිෂෝ දයිසෝකියෝ (Taishō Daizōkyō) යනු 1924 සිට 1929 දක්වා ජපානයේ ප්‍රකාශයට පත් කරන ලද, ජපන් විද්වතුන් විසින් ක්‍රමවත් කරන ලද සම්මත නූතන සංස්කරණයයි.
'ත්‍රිපිටකය' යන සම්ප්‍රදායික නාමයෙන් තවමත් හැඳින්වුවද, එය සැබවින්ම තවත් බොහෝ පාඨමය වර්ගීකරණයන්ට බෙදා ඇත. ඒවා අතර: ආගම (නිකායන්ට සමාන), ජාතක කථා, මහායාන සූත්‍ර, ගුප්ත ග්‍රන්ථ, විනය, සූත්‍ර විවරණ, අභිධර්මය, මහායාන ශාස්ත්‍ර (‘නිබන්ධන’), චීන විවරණ, චීන නිබන්ධන, ඉතිහාස ග්‍රන්ථ සහ චරිතාපදාන ද ඇතුළත් වේ.
අමතර අවධානයට
ග්‍රන්ථ නාමාවලිය
- වාර්ඩර්, ඇන්තනි (2004). Indian Buddhism [ඉන්දියානු බුදුදහම] (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass Publishing House. ISBN 978-81-208-1741-8.
- Yao, Zhihua (2005). The Buddhist Theory of Self-cognition (ඉංග්‍රීසි බසින්). Routledge.
- මහාචාර්ය බලදේව උපාධ්‍යායගේ බෞද්ධ දර්ශණය - ආචාර්ය හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමි
- ධර්ම සංග්‍රහය - නාරද හිමි
ආශ්‍රිත
- "Tipitaka | Buddhist canon". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). 2020-04-27 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2019-03-12.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය;British Libraryනමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Mizuno, Essentials of Buddhism, 1972, English version by Ritik Bhadana, Tokyo, 1996
- Skilling, Peter (1992), The Raksa Literature of the Sravakayana, Journal of the Pali Text Society, volume XVI, page 114
- Yao 2005, පිටු අංක: 8-9.
- Yao 2005, පිටු අංකය: 9.
- Yao 2005, පිටු අංකය: 92.
- වාර්ඩර් 2004, පිටු අංක: 282-283.
- Matthew Meghaprasara (2013). New Guide To The Tipitaka: A Complete Guide To The Pali Buddhist Canon. A Sangha of Books. p. 5. ISBN 978-1-926892-68-9. 2016-08-18 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2018-03-03.
- Barbara Crandall (2012). Gender and Religion, 2nd Edition: The Dark Side of Scripture. Bloomsbury Academic. pp. 56–58. ISBN 978-1-4411-4871-1. 2022-10-20 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-10-20.
- Friedrich Max Müller (1899). The Six Systems of Indian Philosophy. Longmans, Green. pp. 19–29.
- Mahavamsa. 8 October 2011. p. 100. 8 August 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 May 2020.
- වාර්ඩර් 2004, පිටු අංකය: 3.
- Oskar von Hinuber (1995), "Buddhist Law according to the Theravada Vinaya: A Survey of Theory and Practice", Journal of International Association of Buddhist Studies, volume 18, number 1, pages 7–46
- Richard F. Gombrich (2006). Theravada Buddhism: A Social History from Ancient Benares to Modern Colombo. Routledge. p. 4. ISBN 978-1-134-21718-2. 2022-10-20 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-10-20.
- http://host.pariyatti.org/Tipitaka_Outline.pdf
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ත්‍රිපිටකය පිළිබඳ තොරතුරු, ත්‍රිපිටකය යනු කුමක්ද? ත්‍රිපිටකය යනු කුමක් දර්ශනය කරන්නේ?