බස්නාහිර පලාතේගණේමුල්ල නගරයට සැතපුම් භාගයක් පමණ ඉතා ආසන්නයේ පිහිටි එකම ගම් දනව්වක් ලෙස හොරගොල්ල හා තිබ්බොටුගොඩ යන ගම්මානයන් දෙක හැදින්විය හැකිය. වර්ථමානයේ එම ගම්මානයන් දෙක වටා පිහිටි අනෙකුත් ගම්මානයන් වන්නේ පන්සලවත්ත, විලේගොඩ, පත්තිනිපිටිය සහ කුඩාබොල්ලත යන ගම්මානයන්ය. උරුවල් ඔය ගලා බසින්නේද මෙම ගම්මානය මැදිනි.
| තිබ්බොටුගොඩ Thibbotugoda,Ganemulla | |
|---|---|
| ගම්මානය | |
තිබ්බොටුගොඩ වෙල්යාය මැදින් ගලායන උෘරැවල් ඔය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්‍රික්කය | ගම්පහ දිස්ත්‍රික්කය |
| වේලා කලාප | +5.30 |
| තැපැල් කේතය | 11020 |
| දුරකථන කේතය(න්) | 033 |
එෙතිහාසික පසුබිම
මෙම ගම්මානයන්හි අතීතය අනූව පළමුවන රාජසිංහ රජ සමයේ දිවයින ආක්‍රමණය කොට සිටින ලද පෘකුග්‍රීසින් පලවා හැරීම සදහා යුධ සේනා මෙහෙයවද්දී මෙම පලාත් භාරව සිටි සකලකලා වල්ලභ නම් රාජ කුමාරයෙක් යටතේ ඩිංගිරි නම් රජ කුමාරයෙක් මේ ප්‍රදේශය භාරව කටයුතු කර ඇති බවත්, සතුරන් හා සටන් කිරිම පිනිස ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙහි පිහිටි කදු ගැටයක් භාවිතා කළ බවට මුඛ පරම්පාරානුගත වංශ කථාවල පැවසේ. ඒ සදහා ඇති කදිම උදාහරණය වන්නේ මෙතෙක් ඉතිරිව ඇති නමින් පමණ්ක් හදුන්වනු ලබන ඩිංගිරි කඩුව යන ඇල මාර්ගයයි.
පුරාණ ශ්‍රී සුගතාරාම රජ මහා විහාරය
පත්තිනි පිටිය දේවාලය
ඩිංගිරි කඩුව ඇල මාර්ගය
දේවශ්ථානය
ශාන්ත ඉසිදෝරැ දේවශ්ථානය මෙම ගම් පියස තුල පිහිට ඇත 1815 දී ඉංග්රීතසින් අතට සිරකරැවකු බවට පත් තුන් සිංහලයේ අන්තිම සිංහල රජ වන ශ්රී5 වික්රංම රාජසිංහ නම් වූ මහ නිරිදුන් සිරකරැවකු ලෙසින් මහනුවර සිට කොලොම්තොටට රැගෙන යන ලද්දේද තිබ්බොටුගොඩ මායිමක් ගෙස සැලකෙන එමෙන්ම සභාවක් ලෙස 1999 ඔක්තෝම්බර් මස 01 වන තෙක් පැවති ප්රිධාන දෙව් මැදුර අසලින් බව මුඛපරම්පරානුගත කථාවන්හි සදහන් වීම ද විශේෂත්වයකි.
කුරැදු වගාවේ ආරම්භය
එක් එක් ජාතින්ගේ ආක්‍රමණයත් සමගින් මෙම ප්‍රෙද්ශය මුහුදුභඩ සිමාවට ඉතාමත් ආසන්නේ පැවතීම නිසාත්,පැරණි රජ දරැවන් විසින් විදේශි හමුදා පලවා හැරිම පිණිස මෙම ස්ථානයන්ද උපයොගී කර ගන්නා නිසාත් විදේශිකයන්ගේ ආක්‍රමණයන්ට නතුවිමේ හේතුවෙන් කුරැදු වගාව මෙම ප්‍රෙද්ශයේ ප්‍රචලිත විය. කෘෂිකර්මාන්තයෙන් තම ජීවිකාව ගෙන ගිය වැසියන් ක්‍රමක් ක්‍රමයෙන් තමනට වාසි සහගත ලෙස කුරැදු වගාව තෝරාගෙන වැඩ කටයුතු කරගෙන යන ලදී. එහෙත් මෙම ජනතාව කිසිදු විටකත් තමන්ට අයත් කුඔරඅ වගාව අත්හැර නොදැමීම නිසා වර්ථමාන පරපුරටද එය දායාද කරන්නට හැකි විම මෙහි විසු ජනතාවගේ වැදගත්කම වශයෙන් හැදින්වි හැකත
තිබ්බොටුගොඩ ගාමිණී විද්‍යාලය
තිබ්බොටුගොඩ ගම්මානය වටා පිහිටා ඇති හොරගොල්ල,පන්සලවත්ත,විගේගොඩ,පත්තිනිපිටිය, බුංවල ,කුඩාබොල්ලත සහ මිදෙල්ලවිට යන ගම්මානයන්හි ජීවත් වන්නාවු ජනතාවගේ දූ දරැවන් ගේ අධ්‍යාපන දැනුම දියුණු කිරිම සදහා පිහිටා ඇති එකම පාසැල මෙම ගම් තුල පිහිටා ඇත. එය තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය වේ.
ඡායාරැප
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
- තිබ්බොටුගොඩ
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තිබ්බොටුගොඩ පිළිබඳ තොරතුරු, තිබ්බොටුගොඩ යනු කුමක්ද? තිබ්බොටුගොඩ යනු කුමක් දර්ශනය කරන්නේ?