තෙත්බිම්

තෙත්බිම් සම්බන්ධව ඇති අර්ථ නිරූපණ අතර රැම්සාර් සම්මුතියේ අර්ථ නිරූපණය වැදගත් වේ.

Wetlands come in different sizes, types, and locations. Clockwise from top left: Upland vs. wetland vs. lacustrine zones; Freshwater swamp forest in Bangladesh; A freshwater cattail (Typha) marsh that develops with standing water and high soil fertility; Peat bogs are freshwater wetlands that develop in areas with standing water and low soil fertility.

"Areas of marsh,fen, peatland or water, whether natural or artificial permanent or temporory,with water that is static or flowing, fresh, brackish or salt, including areas of marine water the depth ofwhich at low tide does not exceed the 6 meters."

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සැලකූ විට තෙත්බිම් ඉතා ඉහල වටිනාකමෙන් යුක්ත අතර අද වන විට තෙත්බිම් 36900ක් පමණ හඳුනාගෙන තිබේ.

මේ අතර බූන්දල , එඹිලිකල, මලාල, වැනි කලපු ආශ්‍රිත තෙත් බිම් වැදගත් වේ. ගංවතුර පාලනය,ජලජ/ ජලචර අතිවි‍‍ශේෂ ජීවි විශේෂ වල පැවැත්ම මගින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම,‍දේශීය ‍බෙහෙත් වර්හ සැපයීම.... ආදී වශයෙන් ආර්ථික, සමාජීව ජීවවිද්‍යාත්මක, පාරිසරික වශයෙන් ඇති මහත් ප්‍රයෝජන නිසා තෙත් බිම් වැදගත් වන අතර ඉහත රැම්සාර් සම්මුතිය අනුව ශ්‍රී ලංකාවේ 1.අභ්‍යන්තර ‍තෙත්බිම් 2.කරදිය තෙත්බිම් 3.මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම් ලෙස වර්ග 03කි.

අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත තෙත් බිම්

ගංගා හා දිය කඩිති

ශ්‍රී ලංකාවේ ගංගා 103 කි. මහවැලි, කැළණි, වලවේ, කළු වැනි මධ්‍ය කඳුකරයේ ඉහල තෙත්බිම් වලින් පටන් ගෙන පහල තැනිතලා හරහා ගලා බසින ගංගා මගින් ආර්ථික, පාරිසරික, ප්‍රයෝජනවත්කම් රාශියක් සිදුවේ. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 4500 කි.මී. ගංගා වේ. උදා මහවැලිය ලංකාවේ දිගම ගඟ ලෙස විශාල ආර්ථික පාරිසරික මෙහෙයක් ඉටු කරයි.

විල් තෙත්බිම්

ලංකාවේ ස්වභාවික විල් විශාල වශයෙන් නැතත් ගංවතුර මර්ධන විල් කීපයක් තිබේ.ලංකා භූමියෙන් හෙක්ටයාර් 12500ක ප්‍රමාණයක් ගංගා ආශ්‍රිතව පවතී. උදා මහවැලි ගඟ ආශ්‍රිතව නැගෙනහිර ගංවතුර මර්ධන හන්ඳපාන, පින්දිය විල් හෙක්ටයාර් 796කි. විල්පත්තු ජාතිකවන උද්‍යානයේදජෛව විස්‍යාත්මක විල් පද්ධති කීපයක්ම වේ.

නොගැඹුරැ මඩ වලවල්

බොහෝ විට ග්‍රාමීය ප්‍රදේශවල ගගකට සම්බන්ධව හෝ ගංගා පිටාර ගැලීමකින් මතුපිටින් වතුර හා කාබනික අපද්‍රව්‍ය ගලාඒමෙන් මෙම තෙත්බිම් නිර්මාණය වේ. උදා මුතුරාජවෙළ තෙත්බිම.

තෘණ පාත්ති

මෙය පසුකාලීනව සොයාගත් තෙත්බිම් විශේෂයක් වන මෙම පරිසර පද්ධතිය ගස්වැල් මෙන්ම ගංවතුර පිටාර ගැලීමෙන් ඇතිවන ගලානොයන පල්වතුර මත සැදෙන පාසි පෙද ආදිය වැඩෙන්නකි. ඉතා දුබල පරිසර පද්ධතියක් වන අතර කලුගඟ සීමාවේ වලව්ව වත්ත සහ වතුරන තෙත්බිම් උදාහරණ ලෙස දැක්විය හැක.


කරදිය ආශ්‍රිත තෙත්බිම්

ගංමෝය සහ ඩෙල්ටා

මේවා එකිනෙකට සම්බන්ධිත තෙත්බිම් වේ. ගංගාවක් මුහුදට වැටෙන ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. ගංගාවක් දිනපතා රැගෙන එන නොයෙක් වර්ගයේ ගල් වර්ග, වැලි, කාබනික ද්‍රව්‍ය, මුහුදු ජලය හා මිරිදිය අතර තැම්පත් කිරීමෙන් දිනපතා වර්ධනය වීම මේවාහි ඇති විශේෂ ලක්ෂණයයි. මෙවන් තෙත් බිම් 45ක් පමණ දැනට හදුනාගෙන තිබේ. කාබනික ද්‍රව්‍ය හේතුවෙන් මත්ස්‍ය ආහාර පැළෑටි වර්ග වර්ධනය වීමෙන් අතිවිශේෂ ජෛව විවිධත්වයක් පවතී. ඩෙල්ටා ආශ්‍රිත හෙක්ටයාර් 1000ක් පමණ වේ. උදා මාදුගඟ,බෙන්තොට

කලපු

මේවාද කරදිය හා මිරිදිය මිශ්‍ර වූ ජලයකින් සමන්විත වේ. මුහුදෙන් වෙන්ව හෝ පටු ස්ථානයකින් මුහුද හා සම්බන්ධව පැවතිය හැක. ඇතැම් විට ධීවරයන්ට වරායක්ද වේ. මත්ස්‍ය කටයුතු ප්‍රමුඛ අනෙකුත් ආර්ථික කටයුතු වලටද ශාක හා සත්ව වාසස්ථාන වල‍ටද වැදගත් වේ. උදා බූන්දල කලපුව, කලමැටිය කලපු‍ව

කොරල් පර හා තෘණපාත්ති

ශ්‍රි ලංකා තෙත් බිම් අතර මීටර් 6ට අඩු ගැඹුරකින් යුත් තෙත් බිම් වේ. මේවා ආශ්‍රිතව පවත්නා අලංකාරත්වය සහ සදාහරිත වනාන්තරය ජෛව විවිධත්වයක් හා සම නිසාද ඉතා වැදගත් වේ. උදා මන්නාරම් මුහුදු තීරය ත්‍රිකුණාමලයේ සිටකල්මුණේ දක්වා නැගෙනහිර වෙරළ දකුණු හා නිරිත දිග වෙරළ (හික්කඩුව,රැමස්සල)


මිනිසා විසින් නිර්මාණය කළ තෙත්බිම්

වැව් හා ජලාශ

ශ්‍රි ලංකාවේ ස්වභාවික වැව් නැතත් 10,000කට ආසන්නව මිනිසා විසින් නිර්මාණය කළ සංස්කෘතික උරුම වන වැව් හදුනා ගත හැක.එය ස්ථිර වාරිමාර්ග බිම් හෙක්ටයාර් 7820ක් ද සෘතුමය ‍වාරිමාර්ග බිම් හෙක්ටයාර් 52250කි. උදා පරාක්‍රම සමුද්‍රය

කුඹුරු යායවල් ආශ්‍රිත තෙත්බිම්

වතුර ලැබෙන ආකාරය අනුව කුඹුරු ආශ්‍රිත තෙත්බිම් තාවකාලික හා සෘතුමය ලෙස කොටස් 02ක් වන අතර මෙම කොටස් අනුරෑපව මත්ස්‍ය විශේෂ බෝවීමද සිදුවේ. මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7,80,000 ලංකාවෙන් 12% වේ. මෙම පරිසර පද්ධති ඉහල වටිනාකමෙන් යුතු වනවා සේම මින් 75% ක්ම තැනිතලාව හා සම්බන්ධ වේ.

ලංකාවේ තෙත් බිම් වල විශේෂත්වය

ඕනෑම තෙත්බිමක් පස, ජලය,පැළෑටි හා සතුන්ගේ එකතුවකි. මේවා අතර සිදුවන අන්තර් ක්‍රියාකාරිත්වයෙන් මිනිසාගේ යහපැවැත්ම සඳහා කටයුතු රැසක් ඇතිවේ.

තෙත්බිම් වල ආර්ථික ප්‍රයෝජන

භාවිතය උදාහරණ අදාළ තෙත් බිම්
ජලය සැපයීම හා ප්‍රවාහනය
  • ගෘහස්ත කටයුතු සඳහා
  • වාරිමාර්ග කටයුතු සඳහා
කලටුවාව,මින්නේරි වැව,ලබුගම කුඹුරැ, කුඩා නොගැඹුරැ ජලාශ,වැව්
කෘෂිකාර්මික නිෂ්පාදන සහල් ගංගා,දොළපහරවල්, වැව්,ජලාශ
ආයුර්වේද බෙහෙත් ලබා ගැනීමට. ලුනුවරණ ආයුර්වේද ඔසුව කුඩා ජලාශ ආශ්‍රිතව
අත් නිපයුම් සහ පැදුරු ආදියට

අමුද්‍රව්‍ය සැපයීම

කදුරු,පන්කොළ කුඩා නොගැඹුරු තෙත්බිම් ආශ්‍රිත‍ව
ජලවිදුලිය නිපදවීම වික්ටෝරියා,රන්දෙණිගල,

රන්ටැඹේ

දියඇලි,ජලාශ
මත්ස්‍ය නිෂ්පාදන සියලුම මිරිදිය ජලාශ

මුහුදු කලාප,කලපු වතුර සහිත බිම්

ගංගා,වැව්,ජලාශ,කලපු,ගංමෝය
මාලු විශේෂ සහ ශාක ආදිය

යොදා කරන විසිතුරු භාණ්ඩ සහ ආභරණ නිෂ්පාදන

සිප්පි මාල ,බෙල්ලන් ආශ්‍රිත භාණ්ඩ දිය පහර,කුඩා ජලය පිරි විල්,මුහුදු වෙරළ
ආගමික කටයුතු සදහා මල්

විශේෂ

ඕලු, නෙලුම්,මානෙල් පොකුණු,කුඩා ජල විල්
ලුණු හම්බන්තොට කලපුව ලේවායන්
සංචාරක ව්‍යාපාර බූන්දල තෙත් බිම වැව්,කලපු,දියඇලි

මෙසේ ඉමහත් සේවයක් සිදු කළද නූතනයේ වඩාත් අවධානමට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම් විනාශ වීම මහත් අවාසනාවකි. විශේෂයෙන්ම නූතනයේ සිදුවන දේශගුණ විපර්යාස නිසා තෙත්බිම් විනාශ වීමද තෙත්බිම් විනාශවීම නිසා දේශගුණ විපර්යාසද සිදුවේ. *තෙත්බිම්වල වතුර ගලායාම වැළැක්වීම *පරිසරයේ ජලතුලිතතාවය විනාශ කිරීම. *ෆාම් තෙල් හා යුකැලිප්ටස් යොදා කරන නිෂ්පාදන වැඩිකිරීම. *හානිකර කෘෂිකාර්මික කටයුතු *ජල උල්පත් විනාශ කිරීම. ආදියද හේතු වශයෙන් දැක්විය හැක.

කෙසේ වෙතත් තෙත්බිම් වල ඇති සදාකාලික වටිනාකම හේතුවෙන් මේවා රැකහැනීමට ඇති අවශ්‍යතාවය තේරුම් ගැනීමක් ලෙස 1971 රැම්සාර් සම්මුතිය හදුනාගත හැකිය. රාජ්‍යන් අතර අන්තර් සහයෝගිතාවය තුළින් තෙත්බිම් ආරක්ෂාවට පියවර ගනු ලබන මෙහි මේ වන විට රටවල් 168ක් සම්බන්ධ වී ඇති අතර ‍හෙක්ටයාර් මිලියන 206ක් පමණ හදුනාෙගන ඇත. ප්‍රාදේශීය , දේශීය, ජාතික, අන්තර්ජාතික සහභාගිත්වය හා ක්‍රියාකාරකම් තුළින් ධරණීය සංවර්ධනය වෙත යන පරිදි සංරක්ෂිතව හා ප්‍රඥාවන්තව යොදා ගැනීම මෙය මූලිකව අරමුණ වී ඇත.

පෙබරවාරි 02 ලෝක තෙත්බිම් දිනය ලෙස නම් කිරීමද මෙහි එක් ක්‍රියාවක් වන අතර එදිනට ලොවපුරා තෙත්බිම් ආරක්ෂාවට පහත ආකාරයේ විවිධ ක්‍රියාමාර්ග ගනුලැබේ. *‍තෙත්බිම් සම්බන්ධව පෝස්ටර්,ස්ටිකර්,වීඩියෝ,පොකට්,කැලැන්ඩර්,අත්පත්‍රිකා ,හා වෙනත් තොරතුරැ ඇතිලත් දෑ බෙදා හැරීම. *සම්මන්ත්‍රණ *ලෝකයේ වත්මන් තෙත්බිම් නැරඹීමට යාම. *ළමා චිත්‍රතරඟ පැවැත්වීම. *සහයෝගයෙන් පිරිසිදු වැ‍ඩසටහන් ක්‍රියාත්මක කිරීම. *රේඩියෝ සහ රෑපවාහිනී සම්මුඛ සාකච්ජා පැවැත්වීම. *පුවත්පත් ලිපි පළ කිරීම. *නව තෙත්බිම් ප්‍රතිපත්ති සැකසීම. *නව රැම්සාර් යටත් ප්‍රදේශ හදුනා ගැනීම. *නව රැම්සාර් වැඩසටහන් හදුනා ගැනීම. *තනිපුද්ගල, ස්වේච්ඡා සංවිධාන,පාසැල් ළමුන්,රාජ්‍ය ආයතන,ආදී සියලු දෙනාගේ නව සංකල්පනා සොයා යාම.

ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ "Healthy Wetlands Healthy People" යන්නයි.

ආශ්‍රිත

  • Converted wetland
  • Groundwater-dependent ecosystems
  • Paludification
  • Slough
  • All pages with titles containing wetland

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, තෙත්බිම් පිළිබඳ තොරතුරු, තෙත්බිම් යනු කුමක්ද? තෙත්බිම් යනු කුමක් දර්ශනය කරන්නේ?