දක්ෂිණාවර්ත

වෘත්තාකාර චලිතය ආකාරයන් දෙකකින් සිදු විය හැකිය. දක්ෂිණාවර්ත ඉංග්‍රීසි: ක්ලොක්වයිස් (සාමාන්‍ය වශයෙන් ඉංග්‍රීසි: CW හෝ සිංහල: දක් ලෙසින් කෙටි කෙරෙන) චලිතය යනු ඔරලෝසුවක කටු කැරකෙන දිශාවටම සිදුවන්නාවූ චලිතයකි:ඉහළ සිට දකුණට, ඉන්පසු පහළට හා ඉන්පසු වමට, සහ නැවත ඉහළට යන අයුරිනි. ගණිතමය අර්ථාන්විතය ප්‍රකාර, වෘත්තයක් ධන කාටීසියානු තලයක පරාමිතිකාතාරව අර්ථදැක්වෙන්නේ t හි අගය වැඩිවන විට x = sin t සහ y = cos t දක්ෂිණාවර්තව ඇඳෙන ලෙසිනි. භ්‍රමණයෙහි හෝ පරිභ්‍රමණයෙහි විරුද්ධ ආකාරය සිංහලයෙන් හැඳින්වෙන්නේ වාමාවර්ත ලෙසින් වන අතර ඉංග්‍රීසි බසින් (ඇමරිකානු ඉංග්‍රීසි බසින්) කවුන්ටර්ක්ලොක්වයිස් (CCW), හෝ (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි, ඉන්දියානු ඉංග්‍රීසි, අයර්ලන්ත ඉංග්‍රීසි, නවසීලන්ත ඉංග්‍රීසි සහ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්) ඇන්ටික්ලොක්වයිස් (ACW) ලෙසින් හැඳින්වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දක්ෂිණාවර්ත පිළිබඳ තොරතුරු, දක්ෂිණාවර්ත යනු කුමක්ද? දක්ෂිණාවර්ත යනු කුමක් දර්ශනය කරන්නේ?