ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel, දෙමළ බසින් பெரிய அனில் සහ Ratufa macroura නම් වන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන දඩුලේනා, ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.මි.25-ත් 45ත් අතර වෙයි. ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි. ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු, ශක්තිමත් වලිගයයි
| Grizzled giant squirrel | |
|---|---|
| The highland subspecies | |
CITES අනුබද්ධය II (CITES) | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| අධිරාජධානිය: | Eukaryota |
| රාජධානිය: | අනිමාලියා |
| වර්ගය: | මමාලියා |
| ගෝත්‍රය: | Rodentia |
| කුලය: | Sciuridae |
| ගණය: | Ratufa |
| විශේෂය: | ''R. macroura'' |
| ද්වීපද නාමය | |
| Ratufa macroura (Pennant, 1769) | |
| Subspecies | |
| |
| Grizzled giant squirrel range | |
| Synonyms | |
| Ratufa macroura Phillips, 1931 subspecies sinhala | |
වාසභූමි
වනාන්තර වල, තෙත් කලාපීය ප්‍රදේශවල, වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි.
ආහාර
- පලතුරු
- පොල්
- ධාන්‍ය වර්ග
- ඇතැම් ගස්වල පොතු
- කුඩා කෘමි සතුන්
තර්ජන
මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.[තහවුරු කර නොමැත] දඩයක්කරුවන්ට හා දරුණු විලෝපිකයන්ට මේ සත්ත්වයා ගොදුරු වෙමින් ඇත. එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.
මූලාශ්‍ර
- de A. Goonatilake, W.L.D.P.T.S. (2019). "Ratufa macroura". IUCN Red List of Threatened Species. 2019: e.T19381A22261644. doi:10.2305/IUCN.UK.2019-1.RLTS.T19381A22261644.en. සම්ප්‍රවේශය 12 November 2021.
- "Appendices | CITES". cites.org. සම්ප්‍රවේශය 2022-01-14.
- සැකිල්ල:MSW3 Sciuridae
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දඬුලේනා පිළිබඳ තොරතුරු, දඬුලේනා යනු කුමක්ද? දඬුලේනා යනු කුමක් දර්ශනය කරන්නේ?