ට්‍රාන්ස් නැෂනල් ගව'න්මන්ට් ඔෆ් ටැමිල් ඊලාම් - යූ.එස්.ඒ. (සිංහල තේරුම:දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව) (TGTE/ටීජීටීඊ) යනු අ.එ.ජ. සිට ක්‍රියාත්මක වන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙරට උතුරු නැගෙනහිර පළාත් හී ගොඩනගා ගැනීමට අරමුණු කොට ගෙන සිටි දෙමළ ඊළමක් පිළිබඳව වූ සංකල්පය, දිගටම ඉදිරියට පවත්වා ගෙන යාම වෙනුවෙන් සකසාගත් පශ්චාත්, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයට අයත් පෙරමුණු සංවිධානයකි.
සංවිධානයේ ලාංඡනය | |
කල්පිත දමළ ඊළම | |
| සංස්ථාපනය | 2010 මැයි 17 |
|---|---|
| වර්ගය | ශ්‍රී ලංකාව විසින් තහනම් කල සංවිධානය |
| අභිප්‍රාය | දෙමළ ඊළාම් සංකල්පය යථාවත් කර ගැනීම |
නිල භාෂා | දෙමළ |
අගමැති ලෙස පැවසෙන අය | විශ්වනාදන් රුද්‍රකුමාරන් |
| වෙබ් අඩවිය | http://www.tgte-us.org/index.asp |
2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්තවාදී සංවිධානය ශ්‍රී ලංකාව තුලදී පරාජය වීමත් සමග කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය (ටීජීටීඊ), දෙමළ ඩයස්පෝරාව වැඩි වශයෙන් ජීවත් වන කැනඩාව, එක්සත් රාජධානිය, නෝර්වේ සහ එක්සත් ජනපදය වැනි විදේශ රටවල් තුලදී ක්‍රියාත්මක වීම හා සංවිධානය වීම සිදුවූ අතර, එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ නීති උපදේශකයෙකු ලෙස ක්‍රියාකල විශ්වනාදන් රුද්‍රකුමාරන් නැමැත්තා එහි නාමික අගමැතිවරයා ලෙස පත්කර ගත් බව සඳහන් වෙයි.
සංවිධානය බිහිවීම
ශ්‍රී ලංකාව තුල සිවිල් යුද්ධය අවසාන වීමත් සමග, කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය නම් යන අවිහිංසාවාදී මුහුණුවරක් ගත් බෙදුම්වාදී දේශපාලනික යාන්ත්‍රණයක් පිළිබඳ සංකල්පය මුදුන්පත් කර ගැනීමක්, ශ්‍රී ලංකාව තුල සහ විදේශ රටවල වසන සමහරක් දමිළ ජනයා විසින් අවශ්‍ය යැයි අපේක්ෂා කල අතර, එම අදහස අනූව යමින් එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගෙන් පසු, එම ත්‍රස්ත සංවිධානයේ නායකයා වූ බව කියන සෙල්වරාසා පත්මනාදන් නැමැත්තා විසින්, මෙවැනි නෙරපා දැමුණු රජයක් ජාත්‍යන්තරව බිහිකර ගත යුතු යැයි යෝජනා කරන ලදී.
ශ්‍රී ලංකාව විසින් සංවිධානය තහනම් කිරීම
ශී‍්‍ර ලංකාව තුළ වෙනම ඊළාම් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් විදෙස් රටවල සිට කි‍්‍රයාත්මක වන සංවිධාන 16 ක් ශ්‍රී ලංකා රජය විසින් 2014 අප්‍රියෙල් මසදී තහනම් කල අතර, ඊට ටීජීටීඊ සංවිධානයද ඇතුලත් වී තිබිණි. 2001 වසරේ ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් සම්මත කරගත් 1373වන යෝජනාව අනූව, එම සංවිධාන සමග කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට නීතිය යටතේ කටයුතු කිරීමට හැකිවන බව පැවසේ.
කල්පිත ඊළාම් රාජ්‍යයක් සඳහා වූ සංවිධානය ඇතුළුව අනෙකුත් අදාල සංවිධාන තහනම් කිරීමට හේතුව නම්, ත‍්‍රස්තවාදය මැඩලීම සහ ඔවුන්ගේ මූල්‍ය කටයුතු නැවැත්වීම සඳහා බවට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්ද පැහැදිලි කරන ලදී.
ටීජීටීඊ සංවිධානය, "ත්‍රස්තවාදය ඉදිරියට පවත්වාගෙන යාම" වෙනුවෙන් සකස් වූ සංවිධානයක් බව ශ්‍රී ලංකා රජය විසින් මීට පෙරද හඳුන්වා දී තිබුණි.
ජාත්‍යන්තරව ප්‍රතික්ෂේප වීම
දකුණු අප්‍රිකාව
මෙම කල්පිත ඊලාම් රාජ්‍යය පිළිගන්නා ලෙස රුද්‍රකුමාර් විසින් වරක් දකුණු අප‍්‍රිකාවෙන් කර තිබූ ඉල්ලීමක් ඔවුන් ප‍්‍රතික්ෂේප කර දැමූ බවට තොරතුරු සඳහන් වෙයි.
මේවාද බලන්න
- දෙමළ ඩයස්පෝරාව
- දෙමළ ඊළම
- දෙමළ ඊළාම් විමුක්ති කොටි
ආශ්‍රිත
- "ලංකා ආස්ක් යුරෝපියන් කන්ට්‍රීස් නොට් ටු සපොර්ට් එල්ටීටීඊ රෙම්නන්ට්ස්". හින්දුස්ථාන් ටයිම්ස්. 15 මැයි 2010. 2010-05-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-28.
- "'වී විල් බිකම් අ පවර් සෙන්ටර්' - රුද්‍රකුමාරන්". Tehelka. 8 අගෝස්තු 2009. 2009-08-04 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 8 අප්‍රියෙල් 2012.
- Haviland, Charles (15 සැප්තැම්බර් 2009). "ටමිල් එක්සයිල් ටු ෆෝර්ම් 'ගවර්න්මන්ට්'". බීබීසී වර්ල්ඩ් නිව්ස්.
- "ටැමිල් ප්‍රපෝස්ඩ් "ට්‍රාන්ස්නැෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊළාම් (TGTE)"". UKTamilNews.com. 20 September 2009.
- TGTE 'Constitution' http://www.tgte-us.org/constitution.html සංරක්ෂණය කළ පිටපත 2011-07-28 at the Wayback Machine
- "කොටි හිතවාදී සංවිධාන 16 ක් තහනම්". hirunews. 1 අප්‍රියෙල් 2014. සම්ප්‍රවේශය 9 අප්‍රියෙල් 2014.
- "ට්‍රානස්නැෂනල් ඊළාම් ගවමන්ට් ප්ලෝයි ටු පපචුවේට් ටෙරරිස්ම්". The Nation, Sri Lanka. 16 මැයි 2010.
- "ඩයස්පෝරාවේ ඊළාම් රාජ්‍යය, දකුණු අප‍්‍රිකාව ප‍්‍රතික්ෂේප කරයි". 24 පෙබරවාරි 2014.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව - අ.එ.ජ. පිළිබඳ තොරතුරු, දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව - අ.එ.ජ. යනු කුමක්ද? දෙමළ ඊළාම් දේශාතික්‍රාන්ත ආණ්ඩුව - අ.එ.ජ. යනු කුමක් දර්ශනය කරන්නේ?