දේශ ගවේෂණය

පුනරුද සමයේ සොයාගත් දෑ 

1.උතුරු තරු මාපකය

2.මාලිමාව

3.ලෝකය ගෝලාකාර බව තහවුරු වීම

4.ටොලමිගේ ලෝක සිතියම


දේශ ගවේෂණය

දේශ ගවේෂණය යනු ලෝක ඉතිහාසය තුළ සිදු වූ සුවිශේෂී සිදුවීමකි. එමෙන්ම මානව සංහතියේ තවත් එක් ජයග්‍රහණයකි. මෙමඟින් බොහෝ රාජ්‍යයන්, ප්‍රදේශයන් මෙන්ම ගංඟා, බොතු, වනාන්තර ආදි එතෙක් ලොවට අනාවරණය නොවී තිබූ බොහෝමයක් ස්ථාන ලොවට අනාවරණය කිරීමට හැකිවිය. දේශ ගවේෂණය තුළින් විවිධ ජාතීන් අතර තිබූ සංස්කෘතීන් හුවමාරු වීමක් ද සිදු වූ අතර එය යහපත්ව මෙන්ම ඇතැම් විටෙක අයහපත්ව ද සිදු වී ඇත.

කොන්ස්තන්තිනෝපලය වැදගත් වීම

ආසියාවේ මුස්ලිම් වෙළෙන්දන් විසින් ගෙන එන ලද වෙළෙඳ භාණ්ඩ කොන්ස්තන්තිනෝපල් නගරයේ දී ඉතාලි වෙළෙන්දන් විසින් මිලට ගන්නා ලදී. පසුව එම භාණ්ඩ තවලම් මඟින් යුරෝපය පුරා බෙදා හැර ඇත. නමුත් 1453 දී කොන්ස්තන්තිනෝපල් නගරය ඔටෝමන් තුර්කි මුස්ලිම්වරුන්ට යටත් වීමත් සමඟ මධ්‍යධරණී මුහුද ඔස්සේ පෙරඅපර දෙදිග අතර පැවති ගොඩබිම් වෙළෙඳ මාර්ග වැසී ගිය අතර ඉන් වෙළෙදාමට බාධා සිදුවිය. තුර්කිවරුන් අල්ලාගත් භානඩ වල මිල ඉහල දැමීම, තීරු ගාස්තු වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය වෙලද ද්‍රව්‍ය කලට වේලාවට නොසැපයීම වැනි බාධා එල්ල විය. එමනිසා කුලුබඩු සොය ආසියාවට පැමිනීමට යුරෝපීයයන්ට සිදු විය.්

එකල පැවති ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථාන

දේශ ගවේෂණයට බලපෑ ආසන්නම හේතුව

1453 දී ඔටෝමන් තුර්කි මුස්ලිම්වරැන් විසින් නැගෙනහිර රෝමයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලය යටත් කර ගැනීම යි. මෙමඟින් යුරෝපීයයන්ට වෙළෙඳාම සම්බන්ධයෙන් අවාසිදායක විය. එනම්, වෙළෙඳ භාණ්ඩවල මිල අධික ලෙස ඉහළ දැමීම, තීරු බදු වැඩි කිරීම, කලට වේලාවට භාණ්ඩ ලබා නොදීම වැනි ගැටලු රාශියකට මුහුණ දීමට යුරෝපීයයන්ට සිදුවිය.

දේශ ගවේෂණයට බලපෑ වෙනත් හේතු

  • පෙරදිග පැවති මුස්ලිම් වෙළෙඳ බලය බිඳ දැමීම.
  • කොන්ස්තන්තිනෝපලය අහිමි වීමෙන් යුරෝපීයන් ලද අපකීර්තිය නැතිකර ගැනීම.
  • කිතු දහම පැතිරවීමත් ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන් ගේ ව්‍යාප්තිය වැළැක්වීම.
  • ජනප්‍රවාදයට අනුව පෙරදිග තිබේ යැයි සැලකූ පෙස්ටර් ජෝන් රජු ගේ කතෝලික රාජ්‍ය සොයා ගැනීම.
  • පාලකයන්ට තම බලය වැඩි කර ගැනීමට තිබූ අවශ්‍යතාව.

දේශ ගවේෂණ කටයුතු දියුණු වීමට බලපෑ සාධක

  • මාලිමා යන්ත්‍රය සහ උතුරු තරු මාපකය නිපදවීම.
  • ආරක්ෂිත මෙන්ම විශාල [[]]නාවික යාත්‍රා සෑදීම.
  • මව් රටවලින් ලද අනුග්‍රහය.
  • ටොලමි ගේ සිතියම ඇතුලු පැරණි සිතියම් මඟින් පෘථිවිය ගැන නිවැරදි අවබෝධයක් ලබා ගත හැකිවීම.
  • නාවික පුහුණුව ලබාදීම. (පෘතුගාලයේ නාවික හෙන්රි කුමරු නාවික කටයුතු පිළිබඳ අධ්‍යාපන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ලදී.)
  • පෘතුගාලය නාවික හෙන්රි කුමරු යටතේ දේශ ගවේෂණයට යොමු වූ අතර ස්පාඤ්ඤය ෆර්ඩිනන්ඩ් කුමරු හා ඉසබෙලා කුමරිය යටතේ දේශ ගවේෂණයට යොමුවිය. දේශ ගවේෂණයට මූලික වූ රට සේ සැලකෙන්නේ ස්පඤ්ඤය යි.

ආසියාවට නව මුහුදු මාර්ග සොයා ගැනීම

පෘතුගීසි ජාතික බර්තොලමියුඩයස් හෙවත් බර්තොලමියුදියෙස් 1488 දී අප්‍රිකාවේ දකුණු කෙළවරට ළඟා වූ අතර එහි දී කුණාටුවකට හසුවිය. පසුව නැවත මව්රට පැමිණි ඔවුහු එම ස්ථානය කුණාටු තුඩුව සේ නම් කළහ. එලෙස අප්‍රිකාවේ දකුණු තුඩුවට ළඟා වීම සුබ ලකුණක් සේ සැලකූ පෘතුගාල රජු එය සුබ පැත්මේ තුඩුව ලෙස නම් කළේය. පසුව 1497 දී පෘතුගාලයේ 1 මැනුවෙල් රජු ගේ අනුග්‍රහය ලැබූ පෘතුගීසි ජාතික වස්කෝ ද ගාමා පෘතුගාලයේ ලිස්බන් වරායෙන් නැව් නැග 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණියේ ය. අපි ක්‍රිස්තියානීන් සහ කුලු බඩු සොයා පැමිණියෙමු වස්කෝ ද ගාමා ගේ ප්‍රකාශය විය.

දේශ ගවේෂකයන්

බර්තොලමියුඩයස් (පෘතුගාලය)

  • අප්‍රිකාවේ දකුණු කෙළවරට පැමිණි පළමු නාවිකයා ය.

ක්‍රිස්ටෝපර් කොළොම්බස් (ඉතාලිය)

  • බටහිර ඉන්දීය දූපත් සොයා ගැනීම.
  • හිස්පැනියෝලාව සොයා ගැනීම.

ෆර්ඩිනන්ඩ් මැගලන් (පෘතුගාලය)

  • ලොව වටා සංචාරය කළ පළමු නාවිකයා ය.
  • ස්පාඤ්ඤයේ චාල්ස් රජු ගේ අනුග්‍රහය යටතේ පළමු චාරිකාව ඇරඹුවේ ය.
  • පිලිපීනය සොයා ගත් අතර එහි දී ඇති වූ ගැටුමකින් මිය ගොස් ඇත.

ජුවාන් සෙබස්තියන් එල්කානෝ (ස්පාඤ්ඤය)

  • ෆර්ඩිනන්ඩ් මැගලන් මියගිය පසු ඔහුගේ මුහුදු ගමන සම්පූර්ණ කලේය.

වස්කෝ ද ගාමා (පෘතුගාලය)

  • පෙරදිගට පැමිණි පළමු යුරෝපීයයා ය.

ඇමරිගෝ වෙස්පුසි (ඉතාලිය)

  • ඇමරිකාව (නව ලෝකය)සොයා ගත්තේය.

ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ (ස්පාඤ්ඤය)

  • පීරු, ඉක්වදෝරය ආදි ප්‍රදේශ ගවේෂනය කිරීම.
  • ඉන්කාවරුන්ව පැරදවීම.

හෙන්රි හඩ්සන් (එංගලන්තය)

  • හඩ්සන් ගංඟාව, හඩ්සන් බොක්ක, හඩ්සන් සමුද්‍ර සන්ධිය ආදිය සොයා ගැනීම.

කපිතාන් ජේම්ස් කුක් (එංගලන්තය)

  • ඕස්ට්‍රේලියාව සහ නවසීලන්ත දූපත් සොයා ගැනීම.

ඩේවිඩ් ලිවින්ග්ස්ටෝන් (ස්කොට්ලන්තය)

  • අප්‍රිකාව ගවේෂණය කිරීම.
  • අප්‍රිකාව එළිය කළ මිනිසා ලෙස ද හැඳින් වේ.

ජෝන් කැබොට් (ඉතාලිය)

  • කැනඩාවේ වෙරළ ප්‍රදේශය ගවේෂණය කිරීම.

ෆ්‍රැන්සිස් ඩ්‍රේක් (එංගලන්තය)

  • පැනමාව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ගවේෂණය කිරීම.

පෙද්රෝ අල්වාරෝ කබ්රාල් (පෘතුගාලය)

  • බ්‍රසීලය සොයා ගැනීම.

ජැක්මිස් කාටියර් (ස්පාඤ්ඤය)

  • ශාන්ත ලෝරන්ස් ගංඟාව සොයා ගැනීම.

වොල්ටර් රැලේ (එංගලන්තය)

  • උතුරු ඇමරිකාවේ වෙරළ ප්‍රදේශය ගවේෂණය කිරීම.

චැම්ප්ලේන් මාක්විටේ (ස්පාඤ්ඤය)

  • ක්විබෙකක් ප්‍රදේශය සොයා ගැනීම.

ෆර්ඩිනන්ඩෝ කෝර්ටේස් (ස්පාඤ්ඤය)

  • මෙක්සිකෝව ගවේෂණය කිරීම.
  • ඇස්ටෙක්වරුන්ව පැරදවීම.

රෝලන්ඩ් අමුන්ඩියස් (නෝර්වේ)

  • දකුණු ධ්‍රැවය මධ්‍යයට ගිය පළමු ගවේෂකයා ය.
  • මෙතෙක් ලොව පහළ වූ හොඳම ගවේෂකයා ලෙසට ද සැලකෙයි.

කැබේ සහෝදරයෝ

  • කැනඩාව සොයා ගැනීම.

දේශ ගවේෂණයේ ප්‍රතිඵල

  • ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමරිකානු රටවල යුරෝපීය බලය ව්‍යාප්ත වීම.
  • යටත් විජිත බිහිවීම.
  • ආගමික කටයුතු ව්‍යාප්ත වීම.
  • නව වෙළෙඳ නගර බිහිවීම සහ වෙළෙඳාම දියුණු වීම.
  • කාර්මික විප්ලවය කරා යොමුවීම.
  • රාජාණ්ඩු බිහිවීම.
  • යුරෝපයට නව වෙළෙඳ භාණ්ඩ රැසක් ලැබීම

අධිරාජ්‍යවාදී අදහස් ඇතිවීම.

  1. ගවේශකයන්ට අනුග්‍රහය දැක්වූ රටවල් බර්තොලමියුඩයස් (පෘතුගාලය)↵↵වස්කෝද ගාමා (පෘතුගාලය)↵↵ක්‍රිස්ටෝපර් කොලොම්බස් (ස්පාඤ්ඤය)↵↵ඇමරිගෝ වෙස්පුචි (ස්පාඤ්ඤය)↵↵කැබේ සොයුරෝ (එංගලන්තය )↵↵ජැක්මිස් කාටියර් (ප්‍රංශය)↵↵හෙන්රි හඩ්සන් (ඕලන්දය)↵↵බර්තොලමියුඩයස් (පෘතුගාලය)


උපුටාදැක්වීම් දෝෂය: "ගවේශකයන්ට අනුග්‍රහය දැක්වූ රටවල්" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="ගවේශකයන්ට අනුග්‍රහය දැක්වූ රටවල්"/> ටැග සොයාගත නොහැකි විය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දේශ ගවේෂණය පිළිබඳ තොරතුරු, දේශ ගවේෂණය යනු කුමක්ද? දේශ ගවේෂණය යනු කුමක් දර්ශනය කරන්නේ?