දොන් ජුවන් ධර්මපාල රජ

දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි: Dom Joaõ Dharmapala) ශ්‍රී ලංකාව පාලනය කළ රජ කෙනෙකි. ඒ වසර 1551 සිට 1597 මැයි 27 දක්වාය. ඔහු අගනුවර කෝට්ටේ අවසාන සැබෑ රජු සහ පාලකයා ලෙසද හැඳින්වේ. ඔහු හත්වන බුවනෙකබාහු රජ තුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ. බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමාරයා රාජාභිෂේක ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය. ඉතා දුර්වල පාලකයෙකු ලෙස සැළකෙන මෙතුමා කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට තෑගි ඔප්පුවක් මගින් පවරදුන්හ. මෙතුමා ඉතා ලබාල අවදියේදී පෟතුගීසින්ගේ වුවමනාවට සිහසුනට පත්වුවෙකු විය. පෘතුගීසීන් විසින් ඔටුනු පළඳවීම සඳහා මොහුගේ රන් පිළිමයක් පෘතුගාලයට යවන ලදී. සිංහල ඉතිහාසය තුල සිහසුනට පත්වූ එකම කතෝලික සිංහල රජු ඔහුවිය. මෙතුමා කතෝලික දහම වැලදගෙන භෞතිස්ම ලැබූවෙක් විය. කෙසේ වෙතත් මෙතුමාට වැඩිකලක් සිහසුන හෙබවීමට නොහැකිවිය.[පැහැදීම ඇවැසිය] කතොලික රජකු වීම නිසාත් දුර්වල පාලනය නිසාත් මහජන ප්‍රසාදය ලබාගැනීමට නොහැකිවිය. සිහසුන හැරදමා පෘතුගීසි ආරක්ෂාව යටතේ කොළඹ පිහිටි බලකොටුවේ සිටියදී මිය ගියහ.

දොන් ජුවන් ධර්මපාල
කෝට්ටේ රජ
රාජ්‍ය සමය1551 - 1597 මැයි 27
පූර්වප්‍රාප්තිකයාහත්වන බුවනෙකබාහු රජ
අනුප්‍රාප්තිකයාපෘතුගාලයේ පළමුවන ෆිලිප් රජ
සම්පූර්ණ නාමය
දොම් ජුවම් ධර්මපාල පෙරිය බණ්ඩාර
පියාවීදිය බංඩාර
මවසමුද්‍රදේවි(හත්වන බුවනෙකබාහු රජුගේ දියණිය)
අත්සන

මූලාශ්‍ර සහ සටහන්

තවද බලන්න​

අඩවියෙන් බැහැර පිටු

  • Codrington's Short History of Ceylon
  • Christian King in Sri Lanka: Dom João Dharmapala
දොන් ජුවන් ධර්මපාල රජ
උපත: ? ? මරණය: 1597 මැයි 27
රාජ පදවි නාමයන්
පූර්වප්‍රාප්තිකයා
හත්වන බුවනෙකබාහු රජ
කෝට්ටේ රජ
1551–27 May, 1597
අනුප්‍රාප්තික
ප්‍රෘතුගාලයේ Iවන ෆිලිප් රජ

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, දොන් ජුවන් ධර්මපාල රජ පිළිබඳ තොරතුරු, දොන් ජුවන් ධර්මපාල රජ යනු කුමක්ද? දොන් ජුවන් ධර්මපාල රජ යනු කුමක් දර්ශනය කරන්නේ?