නව නළු රස

හාස්‍ය රසය

හාස්‍ය යනු සිනහවයි. සිනා රසය ගෙන දෙන විහිළු ආදියෙන් සිතෙහි ප්‍රබෝධයක් ඇති කිරීම මෙය වේ.

වීර රසය

එලැඹි සෑම කටයුත්තකදීම නොබියව ජය ලබන අදහසින් ඉදිරිපත් වන්නා වීරයා වශයෙන් සැලකේ. එවැනි වීර අදහස් නිරූපනය කිරීමට වීර හැඟුම් ඇතිකරලීමට ඉවහල් වූ කාව්‍යය වීර රසයෙන් යුක්ත වේ.

කරුණා රසය

කරුණාව සහ දයාවයි. අන්‍යන්කෙරෙහි දයාව පැතිරවීමක් නොව, තමන්ට සිදු වූ යම් හේතූන් නිසා තමා අනුන්ගේ දයාවට භාජනය වන අයුරු කරුණු ඇතුලත් වීම.

ශෘංගාර රසය

තමා ඉතා ප්‍රිය කරන වස්තූන් කෙරෙහි සිත තුල ඇති වන ආශාව පංච කාම සම්පත්තිය පිළිබද වර්ණනාව ශෘගාරයයි . (ඇතැම් අවස්ථාවල) සාමාන්‍යයෙන් සලකන විට මෙය අසැබ් කථාවක් මෙන් වැටහේ. ප්‍රේමාන්විත කවි වල බොහෝ විට දක්නට ලැබේ

බීබත්‍ස්‍ය රසය

සිතේ පිලිකුල ඇති වන සේ අදහස් දැක්වීමයි.

ශාන්ත රසය

සිතේ ශාන්ත බවක් ඇති කරන අදහස් පහළ වීම ශාන්ත රසයයි.

භයානක රසය

බිය එලවන සුලු අදහස් දැක්වීම. සතුරාගේ භයානක ග්‍රහනයට අසු වූ වනිතාවකගේ අධික බිය වැනීම භයානක රසයයි.

අත්භූත රසය

පෙර නොවූ විරූ දැකීමෙන් හෝ ඇසීමෙන් සිතේ ඇති වන ආශ්චර්ය වේ. එවැනි අවස්ථාවක් වර්ණනා කරන කාව්‍ය මෙම නමින් හැඳින්වේ.

රෞද්‍ර රසය

සිතේ ඇති වන ක්‍රෝධයත් අනෙකාගේ ක්‍රියා කලාපය පිළිබද සිතේ ඇති වන තරහවත් කාව්‍යයේ ලා වර්ණනා කල විට එය රෞද්‍ර රසයෙන් යුක්ත වේ.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නව නළු රස පිළිබඳ තොරතුරු, නව නළු රස යනු කුමක්ද? නව නළු රස යනු කුමක් දර්ශනය කරන්නේ?