නිවත්තක චේතිය මහා විද්‍යාලය

නිවත්තක චෙිතිය මහා විද්‍යාලය ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති පාසලකි. එය අනුරාධපුර නගරයේ පැරණිතම පාසල් අතරින් එකකි. නිවත්තක චෙිතිය මහා විද්‍යාලය 1AB ගනයේ පාසලක් වන අතර වර්තමානයේ ද්වීතීක යන අංශයෙන් පමණක් අධ්‍යාපන කටයුතු පැවැත්වේ.

නිවත්තක චේතිය මහා විද්‍යාලය
ස්ථානය

තොරතුරු
වර්ගය1AB
ආරම්භ කලේ1934
විදුහල්පතිR.P. කරුණාරත්න බන්ඩාර
ශ්‍රේණිClass 6 - 13
බාලක/බාලිකාගැහැනු / පිරිමි
වර්ණ(ය)ලෝහිත , කහ සහ නිල්             
අනුබැඳියබෞද්ධ, රෝමානු කතෝලික

අතීතය

ආරම්භය

පූජ්‍ය බුස්සේ ධම්ම රකඛිත හිමිගේ ප්‍රධානත්වයෙන් ක්‍රි.ව. 1934 වර්ෂයේ මැයි මස පළමුවෙනි දින නිවත්තක චෙිතිය මහා විද්‍යාලය ආරම්භ කරන ලදි. ආරම්භයේදී එය හඳුන්වනු ලැබුවේ බෞද්ධ පාසලක් ලෙසින් වුවද අද වන විට මෙම පාසල මිශ්‍ර පාසලක් ලෙස ක්‍රියාත්මක වේ. ළමුන් 6 දෙනෙකුගෙන් යුතුව අනුරාධපුර නිවත්තක චෙිතිය බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ මෙම පාසල ප්‍රථමයෙන් ආරම්භ කරන ලදි. පළමු නිල විදුහල්පතිතුමන් වූයේ අශෝක ජයරත්න මැතිඳුන්ය. අශෝක ජයරත්න මැතිඳුන්ගේ සමයේ ගුරු මණ්ඩලයේ ගුරුවරුන් 5ක් සේවය කර ඇත.


නාමය

අරහත් මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කල කාලයේ උන්වහන්සේ නිර්වාණ සමාපත්තියට සමවැදී විවේක සුවයෙන් සිටි ස්ථානයක් ලෙස මෙම ස්ථානය කට වහරෙහි හැදින්වේ. එම නිසා මෙම ස්ථානයට නිවත්තක චෙිතිය යන නාමය යෙදුණු බව විශ්වාස කරයි.

නිවත්තක චෙිතිය මහා විද්‍යාලයේ අද දවස

අක්කර 6ක පමන භූමි භාගයක් පුරා පැතිර ඇති පාසලේ 1 වසරේ සිට 13 වසර දක්වා පංති පැවැති අතර වර්තමානය වන විට එය 6 වසරේ සිට 13 වසර දක්වා පමනක් පවත්වනු ලබයි. සිසුන් 4010ක ශිෂ්‍යය ධාරිතාවයකට 2015 වසර තුල මෙම විද්‍යාලය අධ්‍යයනය ලබා දී ඇත. සිප් සතර ලබා දීම සඳහා S.M.කුසුම් තිලක් විදුහල්පතිතුමන්ගේ වර්තමාන ප්‍රධානත්වය යටතේ 140ක අදුරු මඩුල්ලක් සිටිති.


සමිති සහ සංගම්

  • බෞද්ධ සංගමය
  • ශිෂ්‍ය නායක සංගමය
  • බාලදක්ෂ සමාජය
  • තොරතුරු තාක්ෂණ සමාජය
  • පරිසර සංගමය
  • මහජන බැංකුව
  • ශිෂ්‍ය භට බලකාය
  • බාලදක්ෂ
  • සෞඛ්‍යධාන

නිවාස

පාසලේ නිවාසාන්තර තරග වලදී ශිෂ්‍යයන් නිවාස 4කට බෙදනු ඇත:

  • පැරකුම්

පාට -      රතු

  • තිස්ස

පාට -      තද කොල

  • ගැමුණු

පාට -      කහ

  • විජය

පාට -      නාවික නිල්

පුරාණ සිංහලේ රජවරුන්ගේ නම් වලින් නිවාස නම් කර ඇත. නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය සෑම වසර 4කටම වතාවක් පැවැත්වේ.

විදුහල්පතිවරු

අශෝක ජයරත්න(1934 - 1965)
අශෝක ජයරත්න (දෙවන වරට)(1970 - 1970)
D.P.R. සමරනායක (දින කිහිපයකට)(1965 - 1965)
A. කුමාරසිංහ(1965 - 1966)
D.D. කරපුටුගල(1966 - 1968)
ආනන්ද රත්නායක(1968 - 1970)
H.G. ජයසුමන(මාස කිහිපයකට)(1972 - 1972)
C. සුබසිංහ(1966 - 1968)
(1971 - 1972)
(1972 - 1991)
S. සිරිපාල(1992 - 1996)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිවත්තක චේතිය මහා විද්‍යාලය පිළිබඳ තොරතුරු, නිවත්තක චේතිය මහා විද්‍යාලය යනු කුමක්ද? නිවත්තක චේතිය මහා විද්‍යාලය යනු කුමක් දර්ශනය කරන්නේ?