පරමාකන්ද රජමහා විහාරය ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව පරමාකන්ද පිහිටි ඓතිහාසික බෞද්ධ පුදබිමක් වේ.
| පරමකන්ද රජ මහා විහාරය | |
|---|---|
පහල මළුවේ වූ ස්ථූපය | |
| විස්තර | |
| පිහිටුම් තොරතුරු | |
| රට | ශ්‍රී ලංකාව |
| ද්වාරය:බුද්ධාගම | |
ඉතිහාසය
පරමාකන්ද රජ මහා විහාරයේ ඉතිහාසය ක්‍රි. පූ. 89-77 වළගම්බා රජ සමයට දිව යන්නක් බැව් විශ්වාස කෙරේ.තෝනිගල සෙල්ලිපියෙහි දැක්වෙන පරිදි වළගම්බා රජ සමයේදී මහාතිස්ස නම් හිමිනමක් විසින් පරමකන්ද විහාරය ගොඩනංවා තිබේ.
බිතුසිතුවම්
විහාර මන්දිරය තුල මහනුවර යුගයට අයත් ඉතා පැරණි සිතුවම් හා පසුකාලීනව පින්තාරු කරන ලද සිතුවම් වේ. බුද්ධ මන්දිරයෙහි වූ පිළිම මහනුවර යුගයේ කලා ශිල්ප ඉස්මතු කරයි. සම්පූර්ණ බුද්ධ මන්දිරය මැටියෙන් ඉදිකරන ලද්දක් ලෙස දැකගත හැකිවේ.
මන්දිරයෙහි ඇතුල් බිත්තිහී පැරණි නුවර යුගයේ සිතුවම් මත අළුතින් බදාම තවරා නව සිතුවම් පින්තාරු කොට තිබේ. නමුත් අළුතින් යොදන ලද බදාම තට්ටු සමහර ස්ථාන වලදී ගැලවී යාම නිසා පැරණි සිතුවම් නැවතත් දැකගත හැකිවේ.
ඉහල බුද්ධ මන්දිරය
විහාරයේ ඉහල මළුවෙහි ගල් පර්වතය ආශ්‍රයෙන් තැනූ කුඩා බුද්ධ මන්දිරයක් දැකගත හැකිවේ. එහි සැතපෙන බුදු පිළිමයක් හා වියන් සිතුවම් පින්තාරු කොට තිබේ. මැදුරෙහි පිටත ගල් පර්වත මතුපිටෙහි සිරිපතුල් සළකුණක් නෙලා ඇත.
පරමාකන්ද ගිරිලිපිය
පරමාකන්ද විහාර පරිශ්‍රය තුල සෙල්ලිපි ද්විත්වයක් දැකගත හැකිවේ. ඉන් එක ලිපියක් විහාර මන්දිරය ඉදිරිපිටද අනෙක විහාරයේ වූ පහළ පොකුණ ආශ්‍රිතවද පිහිටුවා තිබේ. පොකුණ අශ්‍රිත ගිරිලිපිය ක්‍රි. ව. 1වන සියවසට අයත් වේ. පුරාණ සිංහල භාෂාවෙන් හා පූර්ව බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් සමන්විත වේ.
අන්තර්ගතය
ප්‍රධාන අභයගේ පුත්, නිර්භය නාවික ප්‍රධාන තිස්සගේ දංය කෙම යනුවෙන් ශිලා ලිපියෙහි විස්තර වේ.
ආශ්‍රිත
- "පරමකන්ද". දමුඩ්යවුස්. සම්ප්‍රවේශය 2015-07-18.
- "ආනමඩුව පරමකන්ද රජමහා විහාරය". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 2015-07-18.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරමාකන්ද රජ මහා විහාරය පිළිබඳ තොරතුරු, පරමාකන්ද රජ මහා විහාරය යනු කුමක්ද? පරමාකන්ද රජ මහා විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?