පිටතඹල උපබස්සා

පිටතඹල උපබස්සා

තර්ජනයට ලක් වීමට ආසන්න  (IUCN 3.1)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Strigiformes
කුලය: Strigidae
ගණය: 'Glaucidium'
විශේෂය: ''G. castanotum''
ද්වීපද නාමය
Glaucidium castanotum
බ්ලිත්, 1846
Synonyms

Glaucidium castanonotum

පිටතඹල උපබස්සා (Glaucidium castanotum) (බොහෝ අවස්ථාවල Glaucidium castanonotum ලෙස වැරදියට සඳහන් කෙරේ) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික බස්සන් විශේෂයකි. මෙම විශේෂය දර්ශීය බකමූණන් අයත්වන Strigidae කුලයට අයත් සාමාජිකයෙකි. මෙම කුලයට බොහෝ කුඩා බස්සන් විශේෂ ඇතුළත් කෙරේ. අතීතයේ මෙම විශේෂය වන උපබස්සාගේ උපවිශේෂයක් යැයි විශ්වාස කෙරිණි.

හඳුනාගැනීම සහ විස්තරය

පිටතඹල උපබස්සා ප්‍රමාණයෙන් කුඩා, කෙටි බස්සන් වි‍ශේෂයක් වන අතර දිගින් 19 cm (7.5 in) පමණ වේ. හැඩය, ප්‍රමාණ සහ පෙනුම අතින් වන උපබස්සාට සමානත්වයක් පෙන්වුවද, මෙම පක්ෂියාගේ ඉහළ පෙදෙස, උරය සහ පියාපත් ප්‍රධාන වශයෙන්ම අඳුරු දාර සහිත තඹලවන් දුඹුරු පැහැයක් ගනියි. ඉහළ පෙදෙස් සුදු පැහැයට හුරු අතර, කළු පැහැ දිගටි වයිරම් දැකගත හැක. මුහුණු මඬල ප්‍රධාන වශයෙන් දුඹුරු පැහැ අතර, ඇස් කහ පැහැති ය. සුදු පැහැ ගෙලපටියක් ඇත.

ව්‍යාප්තිය සහ වාසස්ථාන

පිටතඹල උපබස්සා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පොදු නේවාසික පක්ෂියෙකි. මෙම විශේෂය කිතුල්ගල සහ සිංහරාජය වැනි ස්ථානවල දී පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. මෙම විශේෂයේ ව්‍යාප්තිය පිළිබඳ ලෙග්ගේ ඓතිහාසික වාර්තා අනුව, මෙම විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු අර්ධය, විශේෂයෙන්ම කොළඹ අවට පහතරට තෙත් කලාපීය කඳුකර ප්‍රදේශවල ද හමුවන බව සඳහන් වේ. මෑතක දී මෙම විශේෂයේ ගහනය ශීඝ්‍රයෙන් හායනය වී ඇති අතර, වර්තමානයේ හමුවන්නේ තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමෙන් අඩි 6500ට ඉහළ කඳුකර ප්‍රදේශවල පමණි.

චර්යාව

මෙම විශේෂය දෛනික විශේෂයක් වන අතර, දිවා කාල, විශේෂයෙන්ම සන්ධ්‍යාවෙහි නිතර දැකගත හැක. පියාසැරිය ගැඹුරු තරංගීය ස්වභාවයක් ගනියි. මෙම විශේෂය ගසක ලැගි කුඩා පක්ෂීන් සහිත රැළවල් තුළ ද දැකගත හැක . සාමාන්‍යයෙන් බෑවුම් සහිත කඳුකර ප්‍රදේශවල උස් ගස්වල මුදුන්වල මෙම පක්ෂීන් හැසිරෙන බැවින් නිරීක්ෂණය කිරීම දුෂ්කර විය හැක. ප්‍රධාන වශයෙන්ම කුරුමිණියන් වැනි කෘමීන් මත යැපෙන අතර, මීයන්, කුඩා කටුස්සන් සහ කුඩා පක්ෂීන් ද, විශේෂයෙන්ම පැටවුන්ට ආහාර දෙන අවධියේ ආහාරයට ගනියි. නාදය මන්දගාමී ය.එය ක්‍රාව්-ක්‍රාව් ආකාරයේ හඬකි. දිගු දුරක් පුරා පැතිර යයි. මොවුන් ගසක බෙණයක් තුළ බිත්තර දෙකක් දමයි.

සංස්කෘතිය තුළ

ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පිටතඹල වන බස්සා, මූකලන් බස්සා වැනි නම්වලින් ද ඉංග්‍රීසි බසින් Chestnut-backed owlet යනුවෙන් ද හඳුන්වයි.

සටහන්

  1. Holt, D.W.; Berkley, R.; Deppe, C.; Enríquez Rocha, P.; Petersen, J.L.; Rangel Salazar, J.L.; Segars, K.P.; Wood, K.L.; Bonan, A. (2014). del Hoyo, J.; Elliott, A.; Sargatal, J.; Christie, D.A.; de Juana, E. (eds.). "Chestnut-backed Owlet (Glaucidium castanotum)". Handbook of Birds of the World Alive. Barcelona, Spain: Lynx Edicions. සම්ප්‍රවේශය 4 November 2015.
  2. HENRY, GM 1971. A guide to the birds of Ceylon. Second edition. Oxford University Press, London. p. 200

ආශ්‍රේයයන්

  • {{{assessors}}} (2004). Glaucidium castanonotum. 2006. IUCN Red List of Threatened Species. IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a brief justification of why this species is near threatened
  • Birds of India by Grimmett, Inskipp and Inskipp, ISBN 0-691-04910-6

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිටතඹල උපබස්සා පිළිබඳ තොරතුරු, පිටතඹල උපබස්සා යනු කුමක්ද? පිටතඹල උපබස්සා යනු කුමක් දර්ශනය කරන්නේ?