පිරමිඩ් ව්‍යාපාර

මුල් පිටුව | පිරමිඩ් ව්‍යාපාර


පිරමිඩ ක්‍රමයක් යනු, නිත්‍යානුකූල නිෂ්පාදිත අග්‍රස්ථ පාරිභෝගිකයාට විකිනීම වෙතින් මුදල් උපැයීම (හෝ ආයෝජනයන්හී එලයන් ලබාදීමෙන්) වෙනුවට, ප්‍රධාන වශයෙන් ප්‍රතිලාභ (හෝ සේවාවන්) ලබාදීමෙහි පොරොන්දුව මත නව සාමාජිකයන් බඳවාගැනීමෙන් මුදල් උපයන ව්‍යාපාර ආකෘතියකි.

ජාල අළෙවිකරණය හෙවත් පිරමිඩ් ව්‍යාපාර යනු නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා විවාදාත්මක හා සමහර විට නීතිවිරෝධී වෙළඳපොළ උපායමාර්ගයකි. මෙහිදී MLM සමාගමේ ආදායම ලැබෙන්නේ සමාගමේ නිෂ්පාදන හෝ සේවා විකිණීම සඳහා වැටුප් නොලබන කම්කරු බලකායකගෙනි. එහෙත් සහභාගිවන්නන්ගේ ඉපැයීම් ලැබෙන්නේ පිරමිඩ හැඩතලයක් ඇති හෝ ද්විමය ප්රතිලාභ කොමිස්සම් පද්ධතියක් තුළිනි.

මෙහිදි පාරිභෝගිකයා එකම අවස්ථාවේදී පාරිභෝගික මෙන්ම වෙළෙදෙකු විම මෙම ක්‍රමයේ සුවිශේෂ දෙයකි. අනෙකුත් අළෙවිකරණයන්හි මෙම අවස්ථාව සිදු නොවන අතර, මෙම ජාල අළෙවිකරණයේදි පමණක් මෙය සිදුවේ.

මිල දී ගන්න භාණ්ඩය හෝ සේවාව සමග මෙම සංවිධානයන් සමඟ සම්බන්ධවිය හැකි අතර මෙය පාරිභෝගිකයන් මූලික කරගත් සහ භාණ්ඩ මූලීක ව්‍යාපර දැකිය හැක. මෙහිදී පාරිභෝගිකයන් මූලික කරගත් ව්‍යාපාර ආරම්භ කිරීම ඉතා වාසි සහගත වේ.

ජාලීය අලෙවි කරන ව්‍යාපාර සංවිධානයක් තෝරාගැනීමේදී අවම වශයෙන් වසර පහකට වඩා පවතින හොද ව්‍යාපාර සැලැස්මක් සහිත සංවිධානයක් තෝරාගත යුතුය.

එහිදී තත්වයෙන් උසස් නිශ්පාදන හා නිශ්පාදන පාරීභෝගිකයාගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව තිබිය යුතුය.එමෙන්ම එම නිශ්පාදන සදහා ද්විතීය වෙලද පොලක් පැවතිය යුතුය.එනම් එම නිශ්පාදන මිල දී ගන්නා පාරීභෝගිකයාට අවශ්‍යනම් අතිරික්තය නැවත සාමාන්‍ය වෙලද පොලෙහි අලෙවි කිරීමේ හැකියාව තිබිය යුතුය.

භාවිතයේදී ක්ෂය වන නිශ්පාදන සහිත ජාලීය අලෙවිකරණ ආයතනයක් සමග සම්බන්ධ වීමේන් සෑම කාලයකටම වරක් නැවත මිල දී ගැනීමක් පැරණි පාරිබෝගිකයන්ගෙන් සිදු වන බැවින් අලුත් පාරීභෝගිකයින් හදුන්වා දීමට අසීරු කලකදි උවත් ආයතනයේ පැවැත්ම මෙන්ම අලෙවිකරුවන්ගේ අදායම ස්ථාවරව පවතී.

මූලාශ්‍ර

  1. pyramid scheme at the Encyclopædia Britannica
  2. Website admin. (2024). "මල්ටි-ලෙවල් මාර්කටිං වර්සස් පිරමිඩ් ස්කීම්ස්". Consumer Protection. consumer.sd.gov. Office of the Attorney General of South Dakota. සම්ප්‍රවේශය පෙබරවාරි 18, 2024. පිරමිඩ ක්‍රමයක සහ නීත්‍යානුකූල බහුතල අලෙවිකරණ ක්‍රමයක් අතර වෙනස වන්නේ පිරමිඩ ක්‍රමයක සැබෑ නිෂ්පාදිතයක් විකුණනු නොලබන බැවිනි. සහභාගීවන්නන් විසින් මුදල් උපයාගැනීමට උත්සාහ ගනුයේ හුදෙක් ව්‍යාපාරය සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමෙනි. මෙම ක්‍රමයන්හී තථ්‍යාංකය වන්නේ ඔබගේ මුදල් ක්‍රමය වෙත ලබා දීමෙන් සහ අනෙක් සාමාජිකයන්ද එසේ කිරීමට පෙළඹවීමෙන් කිසිවක් නොකොට කෙටි කාලයකදී ඉතා ඉහළ ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වීමය.

මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.

  • v
  • t
  • e

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිරමිඩ් ව්‍යාපාර පිළිබඳ තොරතුරු, පිරමිඩ් ව්‍යාපාර යනු කුමක්ද? පිරමිඩ් ව්‍යාපාර යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.