පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මුලින්ම ඇරඹෙන්නේ 1951 වසරේදීයි. ශ්‍රී ලංකාව තුල පිලිපීන කොන්සල් කාර්යාලය කොළඹ නගරය තුලත්, පිලිපීනය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැනිලා නුවරත් පිහිටුවා තිබෙයි.

පිලිපීන - ශ්‍රී ලාංකික සබඳතා

පිලිපීනය

ශ්‍රී ලංකාව

ඉතිහාසය

1951 ජනවාරියේදී ශ්‍රී ලංකාව හා පිලිපීනය සිය සම්බන්ධතා ආරම්භ කල අතර, 1964 දී සහ 1966 දී රටවල් ද්විත්වය සිය තානාපති කාර්යාල දෙරටේ පිහිටුවා ගනු ලැබූහ. නමුත් පසු කාලීනව ශ්‍රී ලංකාවේ හා පිලිපීනයේ එකඟත්වය සහිතව 1993 ජුනි 30 දින දී දෙරටේ තානාපති කාර්යාල වසා දමන ලදී.

පිලිපීනයේ මැනිලා අගනුවර පදනම් කර ගත් ආසියානු සංවර්ධන බැංකුව සමග සහයෝගීතාවය ගොඩනගා ගනු වස් ශ්‍රී ලංකාව, 1998 සැප්තැම්බර් මසදී, සිය තානාපති කාර්යාලයක් පිලිපීනයේ මැනිලා හීදී නැවතත් විවෘත කල අතර පසුව පිලිපීනයද සිය කොන්සල් කාර්යාලයක් කොළඹ විවෘත කරන ලදී.

ආර්ථික සබඳතා

වර්ථමානයේ පිලිපීන ජාතිකයන් 400-500 අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ රැකියා වල නියුතු වෙති.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "srilanka Philippines relations". Slembmanila.ph. සම්ප්‍රවේශය 2013-06-10.


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ තොරතුරු, පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක්ද? පිලිපීන-ශ්‍රී ලංකා සබඳතා යනු කුමක් දර්ශනය කරන්නේ?