පොසොන් උත්සවය

මුල් පිටුව | පොසොන් උත්සවය

පොසොන් උත්සවය යනු මහින්දාගමනය සැමරීම සඳහා පොසොන් පසළොස්වක පෝය දිනයෙන් ආරම්භව දින කීපයක් පුරා අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රධාන කොට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධාගමික උත්සවයකි. මහින්දාගමනය හෙවත් මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම මගින් ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම ස්ථාපිත වීම පොසොන් උත්සවයේ දී සමරනු ලැබේ.

පොසොන් උත්සවය
නිල නාමයපොසොන්
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම
සමරනු ලබන්නේශ්‍රී ලංකාවාසී බෞද්ධයෝ
වර්ගයආගමික උත්සව
වැදගත්කමමිහිඳු හිමියන් ලක්දිවට වැඩම කිරීම
දිනයපොසොන් මස පසලොස්වක දින
Frequencyවාර්ෂික
Related toලක්දිවට බුදු දහම පැමිණීම

අතීතය

මහින්දාගමනයට පෙර

මහින්දාගමනයට පෙර සිටම පොසොන් මස පසලොස්වක දින හා තදාසන්න කාලය රජරට සැණකෙලි වකවානුවක් විය. මෙම දිනය හැදින්වූයේ ජෙට්ඨමූල නකත්ත දිනය හෙවත් දෙටුමුල් නැකැත පැවැත් වූ දිනය ලෙසය.

මහින්දාගමනය

ප්‍රධාන ලිපිය: මහින්දාගමනය

මෞර්ය පාලකයෙකු වූ අශෝක අධිරාජ්‍යයා විසින් වත්මන් ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් තුළ තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමට සමත් විය. නමුත් ඔහු කාලිංග දේශය යටත් කරගැනීමේ සටන්වලින් පසු තමා විසින් සිදු කළ යුධ සංග්‍රාම හා මනුෂ්‍ය ඝාතන පිළිබඳව ඇති වූ දැඩි කණස්සල්ල හේතුවෙන් වෛදික සම්ප්‍රදායෙන් ඉවත් වී බුද්ධාගම වැළඳ ගත්තේ ය. ඉන්පසු තම අසල්වැසි රාජ්‍යයන් වෙත බෞද්ධ දහම ව්‍යාප්ත කිරීම ආරම්භ කළේ ය. ක්‍රිස්තු පූර්ව 250 දී පමණ පවත්වන ලද තෙවන බෞද්ධ සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස බුදු දහම ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීම සිදුවිය. ඒ සඳහා අශෝක අධිරාජ්‍යයා ක්‍රිස්තු පූර්ව 247 දී තම පුත් මිහිඳු හිමියන් ලක්දිව පාලකයෙකුව සිටි තිස්ස රජ වෙත පිටත් කර හරින ලදී.

මහින්දාගමනයට පසු

ලක්දිව රාජකීයයන් විසින් බලවත් මෞර්ය අධිරාජ්‍යය සමග පැවැත් වූ මිත්‍රත්වය හේතු කොටගෙන තිස්ස රජු බුදු දහම වැළඳ ගත්තේ ය. එමගින් තිස්ස රජුට දේවානම්පිය තිස්ස යන නමින් අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය යටතේ දෙවන වරට රාජාභිෂේකය ලැබීමට හැකිවිය. රාජකීයයන් බුදු දහම වැළඳ ගැනීම මත කෙටි කලකින් රජරට පුරාම බුද්ධාගම පැතිර ගියේ ය.

පොසොන් උත්සවයේ අංග

  • රජරටට වන්දනා ගමන් යාම
  • මගීන්ට දන්සල් දීම
  • ආගමික කටයුතු
  • සැණකෙලි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පොසොන් උත්සවය පිළිබඳ තොරතුරු, පොසොන් උත්සවය යනු කුමක්ද? පොසොන් උත්සවය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.