බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කිලෝ මීටර 10 පමණ දුරින් පිහිටා තිබෙන අතර ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක මෙම ලෙන තුලින් හමුව තිබේ.
| බටතොට ලෙන | |
|---|---|
| දිවා ගුහාව | |
බටතොටලෙනහි වූ පිළිම ගෙය | |
| පිහිටුම | සුදගල, කුරුවිට, සබරගමුව පළාත, ශ්‍රී ලංකාව |
| ඛණ්ඩාංක | 06°48′00″N 80°22′00″E / 6.80000°N 80.36667°E |
| ගැඹුර | 15 m (49 ft) |
| දිග | 25 m (82 ft) |
| සොයාගැනුම | 1995 |
දිවා ගුහාව
බටතොට පුරාණ ගල්ලෙන් විහාරයේහි වූ බටතොට ලෙන යන නමින් ප්‍රචලිත ලෙන, බෞද්ධ සාහිත්‍යයහි සඳහන් වන දිවා ගුහාව ලෙස විශ්වාස කෙරේ. බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් විසින් 1995 වර්ෂයේදී මෙම ලෙන දිවා ගුහාව හෙවත් භගවාලෙන විය හැකිය යනුවෙන් ප්‍රකාශ කොට තිබෙන අතර, පූජ්‍ය කිරිඇල්ලේ ඥණවිමල හිමියන් විසින් 1967 වර්ෂයේ රචිත සබරගමු දර්ශනය යන ග්‍රන්ථයෙහිද මෙම ලෙන, දිවා ගුහාව වශයෙන් වන්දනා පාත්‍රයට ලක්ව ඇති සඳහන් කොට තිබේ.
මේවාද බලන්න
- බටදොඹ ලෙන
- ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව
මූලාශ්‍ර
- "බටතොට ලෙන". කුරුවිට ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
- සෝමචන්ද්‍ර යකන්දාවල. "දිවා ගුහාව ගැන කතා කරද්දී කතා නොකර බැරි බටතොට ලෙන". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටතොට ලෙන පිළිබඳ තොරතුරු, බටතොට ලෙන යනු කුමක්ද? බටතොට ලෙන යනු කුමක් දර්ශනය කරන්නේ?