බටදොඹ ලෙන

බටදොඹ ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි, මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක හමුවන පුරාවිද්‍යා ස්ථානයක් වේ. මීට වසර 40,000 කට‌ පෙර විසූ ආදී මානවයින් පිළිබඳ සාධක රාශියක්‌ මෙම ස්ථානයෙන් වාර්තා වී තිබේ.

බටදොඹ ලෙන
පිහිටුමවිතානකන්ද, කුරුවිට, ශ්‍රී ලංකාව
දිගඅඩි 300ක් පමණ
සොයාගැනුම1937

කැණීම්

බටදොඹ ලෙනෙහි කැණීම් ප්‍රථම වරට 1937 වර්ෂයේදී ආචාර්ය පී.ඊ.පී. දැරණියගල මහතා විසින් ආරම්භ කරනු ලැබූ අතර පසුකාලීනව 1980 සමයේ ආචාර්ය ශිරාන් දැරණිගල හා ආචාර්ය ඩබ්.එම්. විජයපාල යන පුරාවිද්‍යාඥයන් විසින්ද මෙහි කැණීම් කටයුතු සිදු කරන ලදී.

ලෙන ආශ්‍රිතව සිදුකල කැණීම් තුළින් මෙරට මධ්‍යශිලා යුගයේ මානව ඇට සැකිලි, ක්ෂුද්‍ර ශිලා මෙවලම් හා දඩයම් කල සතුන්ගේ සාදක කොටස් ආදිය හමුව තිබෙන අතර ආචාර්ය ශිරාන් දැරණියගල විසින් 1980-1984 සමයේ සිදුකල කැණීම් වලදී මෙහි තිබී මෝර දත් හමුවී තිබේ.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. ආචාර්ය තුසිත මැන්දිස්‌ - ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. "මලය රට ආශ්‍රිත ජනාවාසකරණය". දිවයින අන්තර්ජාල කලාපය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
  2. "කුරුවිට බටදොඹ ලෙන". කුරුවිට ප්‍රාදේශීය සභාව. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016.
  3. ජානක ලියනආරච්චි. "අවුරුදු හතලිස්‌ දහසකට පෙර ලංකාවේ මිනිස්‌සු ධීවරකම කළ හැටි". දිවයින ඉරිදා සංග්‍රහය. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2016. {{cite web}}: line feed character in |title= at position 44 (help)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බටදොඹ ලෙන පිළිබඳ තොරතුරු, බටදොඹ ලෙන යනු කුමක්ද? බටදොඹ ලෙන යනු කුමක් දර්ශනය කරන්නේ?