බළලා

බළලා
විවිධ බළල් වර්ග
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Mammalia
ගෝත්‍රය: Carnivora
කුලය: Felidae
ගණය: 'Felis'
විශේෂය: ''F. catus''
ද්වීපද නාමය
Felis catus

බළලා හෙවත් පූසා ක්‍ෂීරපායී සිවුපාවෙකි. බළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කෙරෙන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි. ෆෙලිඩේ කුලයට අයත් එකම ගෘහස්ථ සත්ත්වයා වෙයි. මිනිසා විසින් ගොවි යුගයේ දී හීලෑ කැරැගැනුණු සතෙකි. මිනිසා විසින් රැස්කැරැගැනුණු ආහාර වනසන්නට පැමිණි මීයන් වැනි කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය. එ සේ ම සුරතලයට ඇතිකළ හැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි. බළල් විශේෂ 70 පමණ ලොව පුරා වෙසෙති.

බළලා කොටියා සිංහයා ආදී සතුන් එකම පවුලකට අයත්ය. සාමාන්‍ය බලළෙකුගේ ශරීර උෂ්ණත්වය 100.4°F-102.5°අතර වේ. සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය(ඉව) බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛ්යාතයකින් යුත් ශබ්ද ඔවුන්ට ඇසිය හැක. බළලුන්ගේ ශ්‍රව්‍ය පරාසය 48Hz-85kHz අතර වෙයි. කෙසේ වෙතත් බළලුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සන්නිවේදනය සදහා ශබ්දය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ද පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සන්නිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම සීමාව ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී. මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සන්නිවේදනය කරති.තවද බළලුන් කුප්පමේනියා(Acalypha indica) කෑමට රුචියක් දක්වතී.ඊට හේතුව එම ශාකයෙන් නිකුත් වන ගන්ධයයි. එම ගන්ධයට හේතුවන්නේ කුප්පමේනියා ශාකයේ ඇති ට්‍රාන්ස් - නෙප්ටාලැක්ටෝන් නම් රසායන ද්‍රව්‍යයයි.බළලුන්ට දහදිය දමන්නේ අත්ලටය.

බළල්ලු සාමාන්‍යයෙන් යම් ආහාරයක් විශ්වාසයෙන් යුතුව කෑමට ගැනීමට පෙර තුන්වරක් දිවගා බලා හතරවෙනි වතාවේදී ආහාරයට ගනිති. එ බැවින් බළලුනට කෑමත් සමග යම් බෙහෙතක් කැවීමට අවශ්‍ය නම් හතරවැනි කෑමපිඩ සමග එය දිය යුතුයි.

බළල්ලු සාමාන්‍යයෙන් දවසේ තුනෙන් දෙකක පමණ කාලයක් නිඳති. එනම් අවුරුදු නවයක් වයසැති බළලකු ගත කර ඇත්තේ අවුරුදු තුනක් පමණි. අඳුරේ දී බළලුන් ගේ මුත්‍රා සිතාගැනීමට බැරි තරම් උණුසුම් වේ. සාමාන්‍යයෙන් බළලෙක් දිනකට 2-4 වරක් මුත්‍රා කරයි. බළලුනට පැණි රස නොදැනේ. වැඩි වශයෙන් බැළලියකට දකුණත හුරුවන අතර බළලකුට හුරුවන්නේ වමතයි.

බළලුන්ට උරහිසත් පපුවත් යාකෙරෙන අකු ඇටයක් නැත.බළලුන්ට මුහුදු වතුර පානය කිරීමේ හැකියාව ඇත. එයට හේතුව බළලුන්ගේ වකුගඩු වලඇති සංඛීර්ණ යාන්ත්‍රණයක් මගින් වතුරෙන් ලුණු ඉවත්කළ හැකි වීමය.ක්ෂීරපායි සතුන් සහ කුරුල්ලන් ඇතුළු සත්ව විශේෂ 33ක් මිහිතලයෙන් තුරන්වීමට බළලුන් හේතුවී ඇත. එම සත්ව විශේෂ වඩාත්ම වැඩි ව්‍යාප්තියකින් යුතු සත්ව විශේෂ 100 ට අයත්වේ.බළලෙකු හිමිකරු අසල සිටී නම් සහ එහි වලිගය වෙව්ලන්නේ නම්, මෙයින් අදහස් කරන්නේ සත්වයා ඉහළම ප්‍රේමය පෙන්වන බවයි.ලංකාවේ ජීවත් වෙන්නේ Ceylon Cat විශේෂයයි.

ආශ්‍රිත

  1. https://www.matthews.carolinavet.com/site/pet-health-blog/2020/12/15/fever-cat-symptoms-treatment#:~:text=Your%20cat%27s%20normal%20body%20temperature,damage%20to%20their%20vital%20organs.
  2. https://pubmed.ncbi.nlm.nih.gov/4066516/
  3. https://pubmed.ncbi.nlm.nih.gov/5770619/

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බළලා පිළිබඳ තොරතුරු, බළලා යනු කුමක්ද? බළලා යනු කුමක් දර්ශනය කරන්නේ?