බිසෝ කොටුව

බිසෝ කොටුව යනු වැවකින් ජලය බෙදා හැරීමේ දී ඇති විය හැකි පීඩනයෙන් එහි වේල්ල ඇරැකැගැනීමට යෙදූ උපක්‍රමයකි. වැව හා සබැඳි විශිෂ්ඨතම නිමැවුම බිසෝ කොටුව යැ යි සැලැකේ.

සැකැස්ම

චුල වංශයට අනුව බිසෝ කොටුව කොටස් 03 කට බෙදේ.

  1. වැවින් ළිඳට වතුර බසින බෝක්කුවක්
  2. ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  3. ගැඹුරට කණින ලද විවෘත ඝෘජුකෝණාස්‍ර ළිඳක් හෝ වළක්. බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය "මොහොල" නමි.

ක්‍රියාකාරීත්වය

බිසෝ කොටුව යනු වැව් පතුලේ නිමැවූ හරි හතරැස් ලිඳෙකි. ලිඳේ එක් පසෙකැ අති සිදුරෙකින් ඇතුලු වන වැව් ජලය ඊට ම ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති සිදුරෙන්, ගල් නළයක් හරහා, සොරොව්වට යයි. බිසෝ කොටුව හැම විට ම වතුරෙන් පිරී තිබෙයි.

සොරොව්ව ඇරිය විට, බිසෝ කොටුව ස්වයංක්‍රීය වැ ලීවරයකින් (මොහොල) ක්‍රියා කරයි. ඉන් පසු සොරොව්වට ජලය ගෙනැයයි. වැවේ දිය ගලායෑමේ වේගය පාලනය කරන බිසෝ කොටුව වතුරේ පීඩනයට බාධකයක් එල්ල කර වැව් බැම්ම අරකී.

ලොවෙහි කිසිම රටක නැති මේ විස්මකුරු නිමැවුම දැක බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ පවා පුදුම වූ හ.

පරණවිතාන මහතා දක්වන්නේ සොරොව්ව හරහා බැහැර කෙරෙන වැව් ජලයේ වේගය බිඳැ දැමීම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යය බවයි.

මෙයද බලන්න

  • සොරොව්ව
  • පිටවාන
  • රළපනාව
  • මුරගල

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, බිසෝ කොටුව පිළිබඳ තොරතුරු, බිසෝ කොටුව යනු කුමක්ද? බිසෝ කොටුව යනු කුමක් දර්ශනය කරන්නේ?