මහගොඩයාය සමූලඝාතනය යනු දෙමළ කොටි ත්‍රස්ථවාදීන් විසින් 2009 වර්ෂයේදී සිදු කරන ලද තවත් එක් මනුෂ්‍ය සංහාරයකි.
| මහගොඩයාය සමූලඝාතනය Mahagodayaya massacre | |
|---|---|
| ස්ථානය | මහගොඩයාය, ශ්‍රී ලංකාව |
| දිනය | 2009 අප්‍රියෙල් 12 (UTC+5:30) |
| ප්‍රහාර මාදිලිය | සමූලඝාතන |
| මරණ | 9 (සිංහල පිරිමින්, කාන්තාවන් සහ දරුවන්) |
| අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) |
සිදුවීම
මහගොඩයාය යනු මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලට ආසන්නව පිහිටි කුඩා ගම්මානයකි. 2009 අප්‍රියෙල් 12 වන දින, රාත්‍රී 7.30ට පමණ මෙම ගම්මානයට කඩා වැදුණු එල්ටීටීඊ ත්‍රස්ථ සාමාජිකයෝ පිරිසක්, එහි විසූ සිංහල වැසියන් 9 දෙනෙකු ඝාතනය කරන ලදී. මිය ගිය අය අතර මාස 6 ක පමණ ළදරුවෙකු සහ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකුද විය. සිංහල දෙමළ අළුත් අවුරුද්ද උදා වීමට දින දෙකකට පෙරදී මෙම ප්‍රහාරය සිදුවිය.
මේවාද බලන්න
- දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්රස්තවාදීන් සිවිල් වැසියන්ට එල්ල කල ප්‍රහාර ලයිස්තුව
මූලාශ්‍ර
- "ටයිගර්ස් මැසක්රෙ 12 සිවිලියන්ස් ඉන් මොණරාගල", theisland.lk. Retrieved on 2009-05-17.
- "නම්බර් කිල්ඩ් ඇට් මහගොඩයාය ඉස් නයින්"[permanent dead link]
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මහගොඩයාය සමූලඝාතනය පිළිබඳ තොරතුරු, මහගොඩයාය සමූලඝාතනය යනු කුමක්ද? මහගොඩයාය සමූලඝාතනය යනු කුමක් දර්ශනය කරන්නේ?