මුදු කරවලා

(මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
මුදු කරවලා
Ceylon krait,
Bungarus ceylonicus karavala
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
Subphylum: Vertebrata
වර්ගය: Reptilia
ගෝත්‍රය: Squamata
උපගෝත්‍රය: Serpentes
කුලය: Elapidae
ගණය: 'Bungarus'
විශේෂය: ''B. ceylonicus''
ද්වීපද නාමය
Bungarus ceylonicus
Günther, 1858

මුදු කරවලා, හක් කරවලා, පොළොන් කරවලා ආදී නම් වලින් හදුන්වනු ලබන ඉලැපිඩේ කුලයට අයත් මාරාන්තික විශ සහිත ශ්‍රී ලංකාවට ආවේණික සර්ප විශේෂයකි.

උප විශේෂ

මෙරටින් වාර්ථාවන උප විශේෂ දෙකකි.

  1. Bungarus ceylonicus ceylonicus
  2. Bungarus ceylonicus karavala

හඳුනා ගැනීම

දේහය

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරයක් ඇත. දිලිසෙන සුලුය. වටකුරු කෙටි හොම්බක් සහිත හිසකි.ගෙල පැහැදිලිව ශරීරයෙන් වෙන් වී නොමැති අතර ක්‍රමයෙන් උල් වන කෙටි වල්ගයක් හා කුඩා ඇස් ඇත.

වර්ණය

දීප්තිමත් කළු පැහැති ශරීරයේ හිසේ සිට වලිගය තෙක් විහිදුන සුදු පැහැති මුදු හැඩති සලකුනු දක්නට ඇත. මෙම සුදු පැහැති මුදුවක පළල, එම මුදු දෙකක් අතර පරතරයට වඩා අඩුවේ.

B. c. ceylonicus උප විශේෂයේ බොහෝවිට මෙම මුදු ශරීරයේ පහළ කොටසේදී දෙකට බෙදී තිබිය හැකිය. වයසත් සමග මෙම මුදු හදුනාගත නොහැකි තරමට මැකී යයි. හිස පිටුපස සහ උගුර ප්‍රදේශ සුදු පැහැතිය. ඉදිරිපස පෘෂ්ඨීය ප්‍රදේශය හා හොම්බ කළු පැහැතිය.

B. c. karavala උප විශේෂයේ මුදු හැඩති සලකුණු වඩාත් පැහැදිලිව දැකිය හැකිය. හිසේ සුදු පැහැති කොටස හිසෙන් අඩකට වඩා ඉදිරියට ව්‍යාප්තව ඇති අතර වයසත් සමග මුළු හිසම කළු හෝ තද අළු පැහැති වේ. උදරය, පැටවුන්ගේ තනි සුදු පැහැති වන අතර වැඩුනු සතුන්ගේ එහි කළු පැහැති හරස් පටි ඇත

දිග

පැටවෙකු සාමාන්‍යයෙන් සෙ.මී 20-25ක් වන අතර වැඩුනු සතෙකු සාමාන්‍යයෙන් සෙ.මී 80-100 ත් අතර දිගකින් යුක්ත වේ. B. c. karavala උප විශේෂය දිගින් අඩු වන අතර සාමාන්‍යයෙන් සෙ.මී 70ක් පමණ වේ.

ව්‍යාප්තිය සහ වාසභූමි

තෙත් සහ අතරමැදි කලාප වලින් බහුල වශයෙන් හමුවේ. භෞමිකව ජීවත් වන සර්පයෙකි.
Bungarus ceylonicus ceylonicu උප විෂේශය බලංගොඩ, පේරාදෙනිය, මතුගම, මහනුවර, රත්නපුර හා රඹුක්කන ආදී ප්‍රදේශ වලින් වාර්තා වී ඇති අතර Bungarus ceylonicus karavala උප විෂේශය වාර්ථා වී ඇත්තේ කදුකර ප්‍රදේශ වලින් පමණි.

හැසිරීම

නිශාචරය. බොහෝ විට සපා කෑමට තැත් නොකරන අතර කලබල වූ විට හිස සගවාගැනීමට තැත් කරයි.

ආහාර

විෂ රහිත කුඩා සර්පයින්, මීයන්, ගෙම්බන්, හූනන්, සිකනලුන් කටුස්සන් වැනි සතුන්.

විශ

උග්‍ර විශ සහිතය. ස්නායු පද්ධතිය අඩපන කිරීමට බලපායි.

ස්ථානීය රෝග ලක්ෂණ

  • දෂ්ඨන ස්ථානය අවට ඉදිමීම හා සාමාන්‍යය වේදනාව

ශාරීරික රෝග ලක්ෂණ

  • උදරයේ වේදනාව
  • ඇසිපිය කඩා හැලීම
  • ඇසේ කළු ඉංගිරියාව වැසී තිබීම
  • හුස්ම ගැනීමේ අපහසුව
  • මුඛය විවර කිරීමේ හා දිව පිටතට දැමීමේ අපහසුව
  • සිහිසුන්වීම

නිසි ප්‍රතිකාර ලබා නොදුන්නහොත් රෝගියා මරණයට පත්වීමට වැඩි ඉඩකඩක් ඇත.

දශ්ට කළ ස්ථානය අවට සේදිය යුතුවේ. නැත්නම් මරනය සිදුවිය හැක.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මුදු කරවලා පිළිබඳ තොරතුරු, මුදු කරවලා යනු කුමක්ද? මුදු කරවලා යනු කුමක් දර්ශනය කරන්නේ?