ඓතිහාසික වාග් විද්‍යාවේ රුක් ආකෘතිය තුළ, මූල-භාෂාවක් ලෙස හඳුනාගන්නේ පරිණාමය ඔස්සේ පැවත එන බවට විශ්වාස කෙරෙන, සාක්ෂ්‍යකෘත භාෂා (සහතික කළ භාෂා) ගණනාවක් ඇතුළත් භාෂා පවුලක් නිර්මාණය කිරීමට සමත් වුණ උපකල්පිත පූර්වජ භාෂාවකි. මූල-භාෂා සාමාන්‍යයෙන් නිර්වද්‍ය සාක්ෂි ඔස්සේ සහතික කර නොමැති අතර ඇතැම් ඒවා අර්ධ වශයෙන් සහතික කර ඇත. මෙම භාෂා සංසන්දනාත්මක ක්‍රම මගින් ප්‍රතිනිර්මාණය කරනු ලැබේ.
පවුල් ගස නැමැති රූපකය තුළ මූල භාෂාවක් මාතෲ භාෂාවක් ලෙස හඳුනා ගත හැකි ය. ඇතැම්විට, ජර්මානු වදනක් වන Ursprache (pronounced [ˈuːɐ̯ʃpʁaːxə] ; ur- 'ආදිකල්පික', 'ප්‍රකෘතිමත්' + Sprache 'භාෂාව' යන දෙපදයෙන්) යන්න ද මේ සඳහා භාවිතා වේ. එමෙන් ම මෙම සංකල්පය සලකා බලන භාෂාවන්වලට "පොදු භාෂාවක්" ලෙස මෙන් ම "ප්‍රාථමික භාෂාවක්" ලෙස ද අර්ථකථනය කරනු නිරීක්ෂණය කළ හැකි ය.
නිශ්චිත අර්ථයෙන් ගත් කල, මූල-භාෂාවක් යනු භාෂා පවුලක, එම පවුලේ සාක්ෂ්‍යකෘත දුහිතෲ භාෂාවන්ට ප්‍රභේදනය වීමට පෙර පැවතී මෑත කාලීන පොදු මුතුන් මිත්තා වේ. එබැවින් එය භාෂා පවුලේ "පූර්වජකයා" හා "දෙමාපිය භාෂාව" ලෙස හඳුනා ගත හැකි ය.
එමෙන් ම, භාෂා සන්තතියක සාමාජික භාෂා ව්‍යවහාරයන් වැනි ස්වාධීන භාෂා ලෙස නොසලකන ව්‍යවහාරයන් ද එක ම මූල භාෂාවකින් පැවත එන බවටත් පිළිගනු පෙනේ.
අර්ථ දැක්වීම හා සත්‍යාපනය
සාමන්‍යයෙන් මූල භාෂාවක් ඍජුව හඳුනා ගත් නොහැකි ය. මූල භාෂාවක් එහි අර්ථ දැක්වීම ප්‍රකාරව ඥාති භාෂා අධ්‍යයනය කර ඒවාට සංසන්ධනාත්මක ක්‍රමෝපාය භාවිතා කර නිර්මාණය කරන ලද වාග් ප්‍රතිනිර්මාණයකි.
සටහන්
- කෑම්ප්බෙල් ලයිල් හා මෞරීසියෝ H. මික්ස්කෝ විසින් රචිත 2007 දී Edinburgh University Press විසින් ප්‍රකාශිත "Glossary of Historical Linguistics" නම් ග්‍රන්ථයේ 158-159 නම් පිටුවලින් උපුටා දක්වන ලදී.
- බෲස් එම්. රෝව් හා ඩයෑන් පී. ලෙවින් විසින් රචිත රෞට්ලෙජ් විසින් 2016 දී ප්‍රකාශිත "A Concise Introduction to Linguistics" නැමැති ග්‍රන්ථයේ 340-341 පිටුවලින් උපුටා ගන්න ලදි.
මූලාශ්‍ර
- කෑම්ප්බෙල් ලයිල් හා මෞරීසියෝ H. මික්ස්කෝ විසින් රචිත 2007 දී Edinburgh University Press විසින් ප්‍රකාශිත "Glossary of Historical Linguistics" නම් ග්‍රන්ථය ISBN 978-0-7486-3019-6.
- බෲස් එම්. රෝව් හා ඩයෑන් පී. ලෙවින් විසින් රචිත රෞට්ලෙජ් විසින් 2016 දී ප්‍රකාශිත "A Concise Introduction to Linguistics" නම් ග්‍රන්ථය ISBN 978-1-317-34928-0
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මූල භාෂාව පිළිබඳ තොරතුරු, මූල භාෂාව යනු කුමක්ද? මූල භාෂාව යනු කුමක් දර්ශනය කරන්නේ?