මෝල්ටාව

මුල් පිටුව | මෝල්ටාව

මෝල්ටාව යනු, සිසිලියට 80 කිමී (50 සැත) දකුණින්ද, ටියුනීසියාවට 284 කිමී (176 සැත) නැගෙනහිරින්ද සහ, ලිබියාවට 333 කිමී (207 සැත) උතුරින්ද, මධ්‍යධරණි මුහුදේ පිහිටි දකුණු යුරෝපියානු රටකි. යම්තම් 316 වර්ග කිලෝ මීටර (122 වර්ග සැතපුම්) භූමි ප්‍රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව කුඩාතම රටවල් අතුරින් එකක් සහ වඩාත් ජනගහණ ඝණත්වය සහිත රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර වැලෙටා වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: මෝල්ටීසියානු සහ ඉංග්‍රීසි.

මෝල්ටා ජනරජය

කොඩිය
Coat of arms
දදේනි (ක්‍රශසා)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$11.260 බිලියන
• ඒක පුද්ගල
$27,022
දදේනි (නාමික)2012 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$8.689 බිලියන
• ඒක පුද්ගල
$20,852
ගිනි (2011)27.4
පහළ
මාසද (2013)0.847
ඉතා ඉහළ · 32 වන
ISO 3166 codeMLT



ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.

ආශ්‍රිත

  1. "මෝල්ටා". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2013.
  2. "Gini නොයිෆිෂියන්ට් ඔෆ් ඉක්වලයිස්ඩ් ඩිස්පෝසබල් ඉන්කම් (මූලාශ්‍රය: SILC)". යුරෝස්ටැට් ඩේටා එක්ස්ප්ලෝරර්. සම්ප්‍රවේශය 13 අගෝස්තු 2013.
  3. "2013 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්". 14 මාර්තු 2013. සම්ප්‍රවේශය 14 මාර්තු 2013.
  4. "යුරෝපියන් මයික්‍රොස්ටේට්ස්". Traveltips24.com. 22 දෙසැම්බර් 2008. සම්ප්‍රවේශය 31 මාර්තු 2009.
  5. "කරියර් ගයිඩන්ස් ඉන් මෝල්ටා: අ මඩිටරේනියන් මයික්‍රොස්ටේට් ඉව් ට්‍රාන්සිටෝ". Ingentaconnect.com. 16 ජූනි 2006. සම්ප්‍රවේශය 31 මාර්තු 2009.
  6. "ද මයික්‍රොස්ටේට් එන්වයරමෙන්ටල් වර්ල්ඩ් කප්: මෝල්ටා වර්සස් සැන් මරිනෝ". Environmentalgraffiti.com. 15 දෙසැම්බර් 2007. සම්ප්‍රවේශය 31 මාර්තු 2009.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, මෝල්ටාව පිළිබඳ තොරතුරු, මෝල්ටාව යනු කුමක්ද? මෝල්ටාව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.