චීනයේ පිහිටි යැංසි ගඟ ආසියාවේ දිගම ගඟ වන අතර ලොව තුන්වැනියට දිගම ගඟ ද වේ. පළමු සහ දෙවැනි තැන් ගන්නේ නයිල් ගඟ සහ ඇමසන් ගඟ යි.
යැංසි ගඟ කිලෝමීටර් 6,300ක (සැතපුම් 3,915) දිගින් යුක්ත වන අතර චීනයේ බටහිර කොටසේ පිහිටි කිංහයි පළාතෙන් පටන් ගෙන ෂැංහයි නගරයෙන් නැගෙනහිර චීන මුහුදට වැටෙයි. චීනයේ උතුරු සහ දකුණු කොටස් වෙන් කරන ගඟ ලෙස යැංසි ගඟ සැළකෙයි. හොවැං හෝ ගඟ සහ යැංසි ගඟ චීන ශිෂ්ඨාචාරයේ වැදගත්ම ගංගා දෙක විය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, යැංසි ගඟ පිළිබඳ තොරතුරු, යැංසි ගඟ යනු කුමක්ද? යැංසි ගඟ යනු කුමක් දර්ශනය කරන්නේ?