රඹකැන් ඔය ජලාශය

රඹකැන් ඔය ජලාශය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබේ. ජලාශයේ සැලසුම් නිර්මාණය හා ඉදිකිරීම මහවැලි අධිකාරිය මගින් සිදුකොට තිබෙන අතර වර්ථමානයේ එහි කළමණාකරන කටයුතු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය මගින් සිදුකරයි. මුන්දෙනි ඔය හරස් කොට මීටර 1225 ක පමණ දිගකින් යුත් පස් පුරවන ලද බැම්මක් නිර්මාණය මගින් මෙම ජලාශය ඉදිකොට තිබේ.

රඹකැන් ඔය ජලාශය
රඹකැන් ඔය ජලාශය ශ්‍රී ලංකාව තුල පිහිටීම
රටශ්‍රී ලංකාව
ස්ථානයමහඔය
අරමුණවාරි හා ගෘහස්ථ ජල පරිභෝජන අවශ්‍යතා සඳහා
තත්වයOperational
ඉදිකිරීම ඇරඹුවේ12 පෙබරවාරි 2007
විවෘතය20 ජූලි 2013
Owner(s)වාරි මාර්ග අමාත්‍යංශය
වේල්ල සහ වාන් දොරටු
වේල්ලේ වර්ගයපස් පුරවන ලද බැම්ම
උස24.7 m (81 ft)
දිග1,225 m (4,019 ft)
පළල (crest)7 m (23 ft)
වාන් දොරටු2
වාන් දොරටු වර්ගයඅරීය දොරටුව
වාන් දොරටු ධාරිතාවය554.75 m3/s (19,591 cu ft/s)
ජලාශය
නමරඹකැන් ඔය ජලාශය
ධාරිතාවය (Total)56,000,000 m3 (2.0×109 cu ft)
ජලධාරකය129.5 km2 (50.0 sq mi)

බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතියක් සේ සැළකෙන රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සැපිරීමට හා වගා කටයුතු වෙනුවෙන් වුවමනා ජල ගැටළු විසදීම සඳහා දියත් කරන ලද්දක් වේ.මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ 10 කලාපයට අයත් වන ජලාශය බදුල්ල, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටයි.

ඉතිහාසය

ඈත අතීතය

රඹකැන් ඔය ජලාශයේ මුල්ම ඉදිකිරීම් ආරම්භ කල සමය සම්බන්ධව විවිධ මත පවතී. ගිරිඅභය නම් කුමරු මෙම ප්‍රදේශය පාලනය කල ක්‍රි.පූ. 3 වන සියවස් සමයේ මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වූ බව එක් මතයකින් පැවසේ. තවත් මතයකට අනූව මෙම ප්‍රදේශය පසුකාලීනව පාලනය කල සද්ධාතිස්ස කුමරු (ක්‍රි.පූ. 137-119) විසින් ජලාශය ඉදිකිරීම ආරම්භ කොට තිබේ. කෙසේ නමුදු පුරාවිද්‍යා සාධක වලට අනූව ඈත අතීත සමයේ මෙහි ජලාශයක් ඉදිකිරීමට යෙදුණු සාධක වර්ථමානයේදීද දැකගත හැකිවේ.

නටඹුන්

ජලාශයේ නව වේල්ල අසලම පැරණි වැව් බැම්මක නටඹුන් දැකගත හැකිවේ. ගොරිකනකන්ද හා ගල්කන්ද යා කරමින් සැතපුමක් පමණ දිගැති වැව් බැම්මක් මනා ලෙස ඉදිකල රළපනාවක් සමගම අතීතයේ මෙහි තිබෙන්නට ඇතැයි සාධක අනූව විශ්වාස කල හැකිය. කෙසේ වූවද පවතින පුරාවිද්‍යා සාධක වලට අනූව මෙම පැරණි ජලාශය කිසිවිටෙක ජලය පුරවාලීම දක්වා සංවර්ධනය කර නොමැති බව ප්‍රකාශ වේ.

පැරණි සෙරොව්ව ආසන්නයේම ක්‍රි.ව. 12-13 සියවස් වලට අයත් ශිලාමය ලේඛනයක් දැකගත හැකි අතර, එය රඹකැන් ඔය පුවරු ලිපිය ලෙස හඳුන්වනු ලැබේ. ඊට අනූව පැරණි ශිලා සොරොව් ඇළ, ගල් වැට ප්‍රදේශයේ විසූ ලියන නායකන් හා කනත්කන් වහන්සේ විසින් ඉදිකෙරූ බවට දක්වා ඇත.

මෑත කාලීන ව්‍යාපෘතිය

මෑතකාලීන රඹකැන් ඔය සංවර්ධන ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 වනදා දියත් කරනු ලැබූ අතර, වැඩ නිමකල ජලාශය විවෘත කිරීම 2013 වර්ෂයේ ජූලි 20 වන දිනදී එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

මේවාද බලන්න

මූලාශ්‍ර

  1. "රඹකැන් ඔය රිසවයර්". development.lk. 22 ජූලි 2013. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  2. "රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  3. "රඹකැන් ඔය රිසර්වයර් බිල්ට් විත් ලෝකල් එක්ස්පර්ටිස්, කොමිෂන්ඩ්". asiansun.lk. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  4. "රඹකැන් ඔය ප්‍රොජෙක්ට්". news.lk. 6 ඔක්තෝම්බර් 2011. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  5. "රඹකැන්ඔය ටෑන්ක්-රඹකැන්ශය ඕල්ඩ් කන්ස්ට්‍රක්ෂන්". ශ්‍රීලංකාට්‍රැවල්නෝට්. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  6. "රඹකැන් ශය රුයින්ස් ඔෆ් ඒන්ෂියන්ට් ග්‍රැනයිට් කැනල් – අම්පාර රඹකැන් ඔය ගල් ඇල". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  7. Naalir Jamaldeen (21 ජූලි 2013). "රඹකැන් ඔය ඉරිගේෂන් ප්‍රොජෙක්ට් කොමිෂන්ඩ්". සන්ඩේ ඔබ්සවර්. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.
  8. "රඹකැන්ශය මල්ටි පපෝස් ඉරිගේෂන් ප්‍රොජෙක්ට්:'ලෑන්ඩ්මාර්ක් ඉන් කන්ට්‍රි'ස් ඉරිගේෂන් හිස්ට්‍රි'". ඩේලි නිව්ස්. 2 ජූලි 2013. සම්ප්‍රවේශය 10 නොවැම්බර් 2015.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රඹකැන් ඔය ජලාශය පිළිබඳ තොරතුරු, රඹකැන් ඔය ජලාශය යනු කුමක්ද? රඹකැන් ඔය ජලාශය යනු කුමක් දර්ශනය කරන්නේ?