| {{{name}}} | |
|---|---|
| Information | |
| ගිහි_නම: | {{{ගිහි නම}}} |
| පැවිදි_නම: | {{{පැවිදි නම}}} |
| {{{උපන් දිනය}}} | |
| {{{උපන් ස්ථානය}}} | |
| {{{රැකියාව}}} | |
| Teacher(s): | Gautama Buddha |
| Website | |
| Portal:Buddhism | |
රාහුල කුමරු(කි.පූ. 534) සිද්ධාර්ථ ගෞතමයන්ගේ (පාලි - සිද්ධත්ත ගෝතම) සහ යශෝධරා කුමරියගේත් එකම පුතණුවන්ය. සිද්ධාර්ථ ගෞතමයන් බුදු බව පතා ගිහිගෙයින් නික්මුණු දිනයේම රාහුල උපන්නේය.
සිද්ධාර්ථ කුමරු ජීවිතයේ ස්වභාවය, දුක ගැන, අවලෝකනය කරමින් හිඳ තමාට පමණක් නොව සියලු ලෝක සත්වයින්ගේ යහපත උදෙසා බුද්ධත්වය ලබා ගත යුතු යයි තීරණය කරමින් මාළිගයෙන් නික්ම යාමට සැරසුනේය. ඔහුට පුතෙකු ලැබුණු ආරංචිය ඇසු විට “රාහු ජාතෝ බන්ධනම් ජාතම් - රාහු ඉපදුනි - බාධාවක් මතු වී ඇත” යනුවෙන් මතුලේය.
ඒ අනුව ළදරුවාට රාහුල යයි නම් තැබිණ. ‘රාහුල’ යන්නෙහි තේරුම බාධාව යනුයි. ළදරුවා, ඔහුගේ බිරිඳවන යශෝධරාවන්ට සහ ගෘහ ජීවිතය කෙරෙහි බැඳ තබන බැම්මකි යන අර්ථයෙන් ළදරු කුමරුට ‘රාහුල’ යන නම තැබිනි.
ගිහි පුද්ගලයෙකු තම බිරිඳ ගෙන් හා දරුවන් නිසා ලබන සතුට “මෘදු බාධා” ලෙස ධම්ම පදයෙහි විස්තර වේ. මෙම බාධාවන් කෙනෙකු ජීවිතයට බැඳීම තම අදරණීයයන් වෙත බැඳීම ඔවුන්ගේ වෙන් වීම පමණක් නොව හුදෙක් ඊට වඩා ගැඹුරින් සංසාර චක්‍රය වෙත බැඳීමක් වෙයි.
වර්තමාන ඉන්දියාවේ සහ නේපාලයේ ඉන්දීය භාෂාවල රාහුල් යන නම සාමාන්‍යයෙන් භාවිතා වන නමක් බවට පත්ව ඇත. එය පළමුවෙන්ම නිවැරදි අර්ථයෙන් භාවිතා වන්නට ඇත්තේ පෙර කී කුමාරයාට වන්නට ඇත.
රාහුල කුමාරයා ඇති දැඩි කරන ලද්දේ ඔහුගේ මව සහ සීයා වන සුද්ධෝදන රජු විසිනි. ඔහුගේ සත් වැනි වියේදී බුදුන් වහන්සේ තම පියා වූ සුද්ධෝදන රජුගේ ඉල්ලීම පිට කපිලවස්තු නුවරට වැඩම කළහ. සත් දිනක් ගත කොට ආපසු යමට සූදානම් වන අවස්ථාවේ යශෝධරා දේවිය තම පුත් රාහුල කුමරුවන් ඔහුගේ පියා වන බුදුන් වහන්සේ දැකීම පිණිස කැඳවා ගෙන ආවාය. පියා රාජ්‍යය අතහැර තපසට ගිය බැවින් රාජ්‍යයේ ඊළඟ උරුමක්කාරයා රාහුල බැව්ද, මුත්තනුවන්ට දිගු කලක් රාජ්‍යය පාලනය කිරීමට අවස්ථාව නොලැබෙන බැව්ද පැහැදිළි කරමින් රාහුලට හිමි රාජ්‍යය සමග ඔහුගේ ඉදිරි පැවැත්මට අවශ්‍ය වස්තුවද පියාගෙන් ඉල්ලන ලෙස රාහුලට දන්වා සිටියාය.
දන් වලඳා නිම වූවායින් පසු “මගේ උරුමය මට දුන මැනවි” යයි කියමින් රාහුල කුමරු බුදු හිමියන් පසු පස ගියේය. කිසිවෙක් ඔහු වැලැක්වූයේ නැත. බුදුන් වහන්සේද බාධා නොකළහ. රාහුල කුමරු තම පියා දෙස බලා “බුදු හිමියනි, මට ඔබේ සෙවනැල්ල පවා සුව දායකයැ” යි කීවේය.
බුදුන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටි නීග්‍රෝධ උයනට පැමිණ මෙසේ සිතූහ. “ඔහු පියාග් උරුමය ලබා ගැනීමට කැමැත්තෙන් සිටී. එහෙත් එය නොයෙක් කම්කටොලු, කරදර වලින් පිරුනේ වෙයි. මම ඔහුට මා විසින් ලබා ගත් නිවන පිළිබඳව අවබෝධ කර දී ඔහු ලෝකෝත්තර සුවයේ හිමිකරුවකු කරමි”.
බුදුන් වහන්සේ ශාරිපුත්ත තෙරුන් වහන්ස් අමතා කුඩා රාහුල පැවිදි කරන ලෙස ඉල්ලා සිටියහ. එපරිදි ඔහු පළමු සාමනේර නම බවට පත් විය.
රාහුල හිමි පැවිදි වීමෙන් අනතුරුව බුදුන් වහන්සේ රාහුල හිමිට සත්‍යය පැවසීමේ වැදගත් කම වදාළහ. මෙම දේශනාව රාහුලෝවාද සූත්‍රය නම් වේ. බුදුන් වහන්සේ සත්‍යය සියලු සුචරිතයන්හි අග්‍රස්ථානයේ තැබූහ. සත්‍යය අවබෝධ කිරීම සඳහා කටයුතු කරන්නා කිසි විටෙක සත්‍ය යන ශික්ෂා පදය කඩ නොකළ යුතුය.
බුදුන්ගේ ඉගැන්වීම් අනුගමනය කරමින් රාහුල තෙරුන් අරහත් භාවය ලබා ගත් අනෙක් භික්ෂූන්ගෙන් කෙනෙකු විය.
රාහුල හිමි, බුදුන් වහන්සේ, ශාරිපුත්ත හා මොග්ගල්ලාන යන හිමි වරුනට ප්‍රථම පිරිනිවන් පෑහ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රාහුල රහතන් වහන්සේ පිළිබඳ තොරතුරු, රාහුල රහතන් වහන්සේ යනු කුමක්ද? රාහුල රහතන් වහන්සේ යනු කුමක් දර්ශනය කරන්නේ?