රිතික් රෝෂන්

ඍතික් රෝෂන් (1974 ජනවාරි 10 උපත ලද) ඉන්දියානු චිත්‍රපට නලුවෙකි. 1980 දශකයේ, ලමා නලුවෙකු ලෙසටත්, කහෝනා ප්යාර් හේ (2000) චිත්‍රපටයෙන් ප්‍රථම වරට දර්ශනය විය. මෙය බෙහෙවින් සාර්ථක වු අතර, ඔහුට හොදම නලුවාටත්, හොදම ප්‍රථම දර්ශනයටත් හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි. මේ වන තෙක් වැඩිම වානිජමය සාර්ථකත්වයක් මෙන්ම,වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කර ගත් කොයි මිල් ගයා (2003), ක්‍රිෂ් (2006), ඩූම් 2 (2006) හා ජෝධා අක්බර් (2008) ඔහු රගපෑ චිත්‍රරපට විය. 2008 දි "කසාන් "රුසියාවෙදි පැවති "ගෝල්ඩන් මින්බාර් ඉන්ටෙර්නැශනල් ෆිල්ම් ෆෙස්ටිවල්' හිදි ඔහුට "ජෝධා අක්බාර්" හි රගපෑම වෙනුවෙන් ප්‍රථම අන්තර්ජාතික සම්මානය හිමි විය.

ඍතික් ‍රෝෂන්
Hrithik Roshan, 2015
Born10 ජනවාරි 1974 (1974-01-10) (වයස 52)
Mumbai, Maharashtra, India
OccupationActor
Years active1980–1986 (child artist)
1986–1995 (Asst. Director)
2000–present
Spouseසුසෑන් ඛාන් (2000–2014)(divorced)
Children2
Parent(s)රාකේශ් රෝෂන්
පිංකි රෝෂන්

ජීවිත කතාව

පෙර සිනමා ජීවිතය (1999 තෙක්)

ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වුයේ 80 දශකයේ චිත්‍රපටයක් වන "ආශා" ය.එහිඩි ඔහුට අවුරුදු 6ක් වු අත්ර ඔහු විසින් රගපෑවේ ලමා කලාශිපියෙකු ගේ චරිතයකි. තම පියා රාකේශ් රෝශන් විසින් ප්‍රධාන චරිතය රගපෑ "ආප් කි දීවානෙ(1980)","භග්වාන් දාදා(1986) හි ඔහු රගපෑවේ සුලු චරිතය. පසුව ඔහු තම පියා විසින් නිශ්පදනය කල "කරන් අර්ජුන්(1995) හා "කොයිලා(1997) හී නියෝජ්‍ය අධ්‍යක්ශනයට සහභාගි වන ලදි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, රිතික් රෝෂන් පිළිබඳ තොරතුරු, රිතික් රෝෂන් යනු කුමක්ද? රිතික් රෝෂන් යනු කුමක් දර්ශනය කරන්නේ?